සුරිය මංගල්‍යය හා චාරිත්‍ර වාරිත්‍ර - වාරිත්‍ර කියන්නේ කලයුතු දේ - වාරිත්‍ර වැලකිය යුතු දේ
10 වෙනි සියවසෙන් පස්සේ හිරු දෙවියන් වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත විය. මෙය බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කල වන්දනා ක්‍රමයක්. අනුරාධපුර යුගයෙන් පසු එනම් 10 වෙනි සියවසෙන් පසු තමයි ඉන්දියාවෙන් ලංකාවේ බලය අල්ල ගන්න ඉන්දීය හමුදා ඇවිත් තියෙන්නේ.
මහා පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පස්සේ සිදුවුන කාලිංග දේශයෙන් උපන් බමුණෙක් වන උපන් මාඝ ගේ ආක්‍රමණයෙන් තමයි ඔය සුර්ය වන්දනාව ලංකාවට ආවෙ. ඒක මහාවංශයේ සදහන් වෙන්නේ මාඝ නරේන්ද්‍ර නැමැති මහා ග්‍රීෂ්මය ලංකා රාජ්‍යය නැමැති මහා වනය පෙලන්නට බොහෝ යෝධයන් නැමැති ලැව්ගිණි මෙහෙයවුයේය.
ලෝකයාට පීඩා කරන්නන් වු ඔහුගේ කෘර මහා යෝධයෝ අපි කේරළ යෝදයම්හ යැයි උන්නාද කරමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්රාභරණ පැහැරගත්හ, බොහෝ කල් පාලනය කරන ලද්දාවු කුලාචාර (රාජ පරම්පරාව) කඩ කලහ. හස්ත පාදාදී කැපූහ. (සිංහලයන්ව මරා දමන ලදී). බොහෝ ගෙවල් බිදපූහ. ගවමහීෂාදීන් තමා අයත් කොට බැදපූහ. මහා ධනවත් වු ආර්‍ය්‍ය ජනයා බැද කෛාට සියලු බොහෝ වු චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙලුහ. දරුවන් තැලූහ. ජනයා ලවා බර ඉසිලූහ, බොහෝ කාර්යය කරවුහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ථ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිරූහ. ශ්‍රද්ධා ඇති පෙර නරවරයන් විසින් කරන ලද උස් වු මහා චෛත්‍යය හෙලමින් වනසා ඒ චෛත්‍යයන්ගේ ජීවයට සමාන වු බොහෝ ශාරීරක ධාතුන් වහන්සේලා අතුරුදන් කලහ. මෙසේ දුෂ්ඨ ඇත්තා වු මාර යෝධයන් සමාන ද්‍රවිඩ යෝධයෝ සසුනද නැසූහ. ඉකිබිති පුලතිසි නම් පුරය සර්වප්‍රකාරයෙන්ම හාත්පසින් සිරකොට පරාක්‍රමබාහු නම් එවකට සිටි ඉන්දිය ද්‍රවිඩ පඩි රජුගේ ඇස් උපුටා මැරූහ. මුතු වෙරලු මිණි ආදී සියලු ධනය පැහැරගත්හ. ඒ කාලිංග මාඝ රජුහු මානාභරන ආදියේ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයේ අභිෂේක කලහ. මෙසේ නරේන්ද්‍රතෙම (මාඝ) රට හස්තප්‍රාප්ත කොට රාජ්‍යාභිෂේක කොට පොලොන්නරුවේ විසුහ.
ඒ මහීපාල (මාඝ) තෙම මහත් ජනයා මිස දිටු ගන්වා අමිශ්‍ර වු සතර කුලයේ ජනයා අත්‍යත්‍යයෙන් මිශ්‍ර කලේය. සිංහලයනට අයත් ගම්කෙත් ගෘහාරාම දාස මහීෂ සියල්ල කේරලයන්ට දෙවීය. විහාර පිරිවෙන් බොහෝ දේවාල කිසියම් යෝධ කෙනෙකුගේ වාසස්ථාන ලෙස නියම කලේය. එතෙමේ බුදුන් අයත් වු එසේම දහම් සග අයත් වු ධනය අරගෙන නරකයට යනු පිණිස බොහෝ පවු ඉපදවුයේය. මාඝ නම් මිහිපති තෙමේ මේ ආකාරයෙන් බලහත්කාර ක්‍රියා කොට එක් විසි වසක් ලක් දිව රාජ කරවීය.
මෙන්න මේ විසි එක් වසර තුල තමයි අපේ මහා උත්සවය වන වෙසක් උත්සවය නැති වෙලා සුර්ය මංගල්‍යය ආවේ.
අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි.
අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ “නමෝ බුද්ධාය 115” වැනි සදහම් කතිකාවතෙන් උපුටා ගන්නා ලදී