අලුත් ව්‍යාපාර සදහා අඩු පොලියට ණය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අලුත් ව්‍යාපාර සදහා අඩු පොලියට ණය

    මම මේක ගැන කලින් කියන්න හිටියේ ඒත් අමතක උනා . අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අයට ව්‍යපාරය සදහා මුදල් නොතිබෙන්න පුලුවන් නමුත් හොද ව්‍යාපාර අදහස් තියෙන්න පුළුවන් , නමුත් loan එකක් එහෙම ගන්න ගියොත් බෑන්ක්දෙ වලින් දෙන්න බෑ කියනවා . එකට විසදුමක් ලෙස මම කියන මේ කාරණාව වැදගත් වෙයි කියල හිතනවා මේ ගැන දන්නා අයත් ඇති . මේක youth එකේ සෙපි ණය ක්‍රමය පිලිබදව මේ මගින් ලක්ෂ 5ක් දක්වා 7% ක පොලි අනුපාතයකට ණය මුදලක් ලබාගන්න පුළුවන් එකත් හීන වන ශේෂ ක්‍රමයට්
    youth එක මගින් පාඨමාලාවක් සිදුකරනවා දවස් 10ක 15ක විතර පුල්ටයිම් වගේ එක ලංකාවේ හැම තැනම වගේ කරනවා ව්‍යවසායකත්ව සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලාව වගේ තමයි නම මතක . අඩුම කට්ටිය 20ක් වත් ඉන්නවනම් ඔයලට අවශ්‍ය ප්‍රදේශයකට ඒ sir කෙනෙක් ගෙන්නාගෙන ඒ පාඨමාලාව කරගන්න පුළුවන් සම්පුර්ණයෙන් නොමිලේ කරන්නේ
    ඒ පාඨමාලාව සිදු කරන කාලය තුල ව්‍යාපාරයක ආරම්භයේ සිට අවසානයන් දක්වා සිදු කිරීමට තිබෙන සියලු දේවල් නිසියාකාරව කියා දෙනවා අවසානයේ ව්‍යාපාර සැලැස්මක් අපටම සකස් කරගැනීමට හැකි වෙනවා , පාඨමාලාව අවසානයේ සියලුම බැංකු වලින් ගෙන්වා ඔබට අවශ්‍ය ණය මුදල එම බැංකු හරහා ලබා දෙනවා . මෙම ණය මුදල සදහා අවශ්‍ය මුදල් මහා බැංකුව හරහා ලබා දෙන්නේ නමුත් අපි ණය මුදල සම්බන්ද ගනුදෙනු කරන්නේ අපි කැමති රජයේ බැංකුවක් හරහා . කිසිම වයස් බේදයක් නෑ . මම මේ ලගදි ඒ sir කෙනෙක්ට කතා කරා මේ වැඩසටන තවමත් ක්‍රියාත්මකයි කියල දැන ගැනීමට ලැබුන
    තව ගැටළු තියෙනවනම් අහන්න .
    * මම මේ පාඨමාලාවට සහභාගී උනා මේ පාඨමාලාව ගොඩක් රසවත්ව සිදු වෙනවා එක නිසා කම්මැලි නැතිව කරන්න පුළුවන් සරලව කිවුවොත් fun එකේ කරන්න පුළුවන් . මම ණය ලබා ගත්තේ නෑ ඒත් අනිත් අය ලබා ගත්තා . ;)
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    AG office wala innawa tharuna sewa niladari kiyala kenek eyta kiyanna ethakota wisthara laba dei . wade une naththam kiyanna mama e sir kenek sambanda karala dennam
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    දැනට වයාපාරයක් කරන කලින් නය අරන් තියෙන කෙනෙක්ට ඔය කෝස් එක කලොත් ඇපයක් නැතුව ලක්ශ 5ක් ගන්න පුලුවන් වෙයිද?
    7% කියන්නේ සැහෙන්න අඩු පොලියක්නේ. . මම ලෝන් දාලා තියෙන ඒවට දැන් 14% ගෙවනවා කලින් ගෙව්වේ 9%යි. .
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැනට වයාපාරයක් කරන කලින් නය අරන් තියෙන කෙනෙක්ට ඔය කෝස් එක කලොත් ඇපයක් නැතුව ලක්ශ 5ක් ගන්න පුලුවන් වෙයිද?
    7% කියන්නේ සැහෙන්න අඩු පොලියක්නේ. . මම ලෝන් දාලා තියෙන ඒවට දැන් 14% ගෙවනවා කලින් ගෙව්වේ 9%යි. .

    ඇප සාමන්‍ය බැංකු ක්‍රමවේදය තමා .මුදල් ලබාදෙන්නේ මහා බැංකුවෙන් නමුත් අපට ලබා දෙන්නේ අපි ණය ලබා ගැනීමට කැමති රජයේ බැංකුවෙන් . සියලු ගනුදෙනු කරන්නේ අදාල බැංකුව . කලින් ඒ බැංකුවත් සමග ගනුදෙනු විස්වශ්ව කරලා තියෙනේවනම් ඔයාලට වැඩේ පහසු වෙයි . මොකද බෑන්ක් manager අතේ තමා ඇප ගැන කේස් එක තියෙන්නේ ව්‍යපාරය ආරම්භ කරා කියලා ගැටළුවක් නෑ . මේකේ වාසිය අඩු පොලිය සහ ඉක්මන් ණය අනුමැතිය ව්‍යාපාරයක් නිසියාකාරව පවත්වාගෙන යන ආකරය හොදින් ඉගෙන ගැනීමට හැකිවීම , මට මතක විදිද්හට අපට අවශ්‍ය නම් ණය මුදල ලබාගෙන මස 6ක් යනකම් වාරික නොගෙවීමට සහන කාලයක් ලබාගන්නත් පුළුවන් මස 6න් පස්සේ තමා පොලි හැදෙන්නෙත් වාරික ගෙවීම කරන්නත් අවශ්‍ය ඒක loan එක ගන්න කලින් කියන්න ඕනේ
    ඔය මට මතක විදිහ සමහර විට පොඩි තොරතුරු ප්‍රමාණයක් වැරදි වෙන්නත් පුළුවන්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    need more info

    api 20k set karan yanna onada?

    සාමාන්යෙන් හැම දිස්ත්‍රික්කයකම වගේ ඕක කරනවලු ඒත් අනිවරෙන් 20ක් 25ක් එකතු කරගන්න පුලුවන්නම් වෙනම ඇවිත් විශේෂයෙන් ඒ පාඨමාලාව කරලා දෙනවා කියලා ඒ sir කිවුවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    E kiyanne api apa thiyanna oni bank 1tada?course 1 kalama eyala bank katha karala denawada?nathnam apima bank 1th ekka katha karaganna onida

    course eke awsana dawse asannaye thiyena bank manager la ho loan sambnda niladarin genawanawa. edama naya anumatha karanawa. naththam wena welawaka gihin wade karagannath puluwan
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අද මම වැඩකට ගියපු වෙලාවේ peoples bank එකෙන් මේ ලෝන් එක ගැන ඇහුවා පොලි අනුපාතය 6.8 % . රජයේ අප දෙකක් ඕනේ . ඕන නම් පළමු මාස 6 වාරික ගෙවීම නොකර ඉන් ඉදිද්රියට වාරික ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටත් පුළුවන් ලක්ෂ 5ක් දක්වා ණය ලබා ගැනීමට පුළුවන්
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මිනිස්ට්‍රි ඔෆ් කොමර්ස් එකේ දෙනවා 7.5 මිලියන් වෙනකන් 7-8% පොළියට අවුරුදු 10 කින් ගෙවන්ඩ.අවුරුදු 2ක් ෆ්‍රී.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මිනිස්ට්‍රි ඔෆ් කොමර්ස් එකේ දෙනවා 7.5 මිලියන් වෙනකන් 7-8% පොළියට අවුරුදු 10 කින් ගෙවන්ඩ.අවුරුදු 2ක් ෆ්‍රී.

    ඒ ගැන නම් මම දන්නේ නෑ , ඒත් 5ක ට වඩා ලොකු ණයක් අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයකට background එකකුත් නැතුව දෙයි කියලා හිතන්න අමාරුයි . ව්‍යාපාරික දැනුමකුත් මේකෙන් ලැබෙනවා එකත් වටිනවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අද මම වැඩකට ගියපු වෙලාවේ peoples bank එකෙන් මේ ලෝන් එක ගැන ඇහුවා පොලි අනුපාතය 6.8 % . රජයේ අප දෙකක් ඕනේ . ඕන නම් පළමු මාස 6 වාරික ගෙවීම නොකර ඉන් ඉදිද්රියට වාරික ගෙවීමට සහන කාලයක් ලබා ගැනීමටත් පුළුවන් ලක්ෂ 5ක් දක්වා ණය ලබා ගැනීමට පුළුවන්

    රජයේ ඇප දෙකක් කිව්වේ රජයේ රස්සාවල් කරන දෙන්නෙක් ඇපවෙන්න ඕනද? :dull:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රජයේ ඇප දෙකක් කිව්වේ රජයේ රස්සාවල් කරන දෙන්නෙක් ඇපවෙන්න ඕනද? :dull:

    ඔව් එහෙම ඕනේ මොකද loan එක bank එකක් හරහා දෙන්නේ .
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය කෝස් එක මොන කාලේ වගේද බන් පටන් ගන්නේ...

    මමත් ලංකාවට එන්නෙ බිස්නස් එකක් කරන්න... මම එකතු කරගන්න සල්ලි වලින් බිස්නස් එක කරන්න පටන් ගන්න කියලා බැලුවේ... ඒත් ඒ සල්ලි ටික backup එකක් විදියට තියාගෙන ලෝන් එක දාලා බිස්නස් එක කලොත් හොදයි කියලා හිතුනා...

    මොකද මවන්ලා කියන්නේ එහෙම හොදද??