අලුත් SEO මෙතඩ් මොනවද?

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    අලුත් SEO මෙතඩ් මොනවද?

    අලුත් SEO මෙතඩ් මොනවද? ගුගල් කලින් අප්ඩේට් එකෙන් පස්සේ ගොඩක් ඒවා වැඩ නෑ නේද?
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    SEO කරන හැටි site එකෙන් site එකට වෙනස් වෙනවා. මොකද Blogger, Wordpress.com වලදී නම් සමාන්‍යයයෙන් Meta tags, code optimize කරන්න බැරි නිසා. සාමාන්‍යයෙන් Search Engine එකකින් කරන්නේ web crawlers ලා එවනවා අහඹු ලෙස තමන්ගේ site එකට. මේක අනෙක් site එකක ඉදලා හෝ තමන් කෙලින්ම Search Engine එකක තමන්ගේ site එක register කරලා කරගන්න පුලුවන්. web crawler කෙනෙක් site එක index කරගන්නේ priority එකක් ඇතුවයි. සාමාන්‍යයෙන් මුලින්ම meta tags, site description බලනවා, ඒ වගේම robot.txt එක, මේකේ කරන්නේ search engine එකක crawlers ලට තමන්ගේ site එකේ මොන contents වලටද access වෙන ඉඩ දෙන්නේ කියලා පෙන්වන එකයි. මේක සාමාන්‍යයෙන් normal search engine එකකින් පමණයි බලන්නේ. Email Scammers, Malware bots ලා මේක ගණන් ගන්නේ නෑ. නමුත් google වගේ site මේ robot.txt එක කියවනවා මුලින්ම තමන්ගේ site එකට ආපු ගමන්ම ඊට පස්සේ ඒකට අනුවයි site එක index කරන්නේ. මේක ඇත්තටම ටිකක් fast method එකක් මොකද crawler කෙනෙක් එතකොට තමන්ට අවශ්‍යය දේ පමණක් ඉක්මනට index කරන නිසා. අනෙක් එක තමයි tags භාවිතය, common words භාවිතා කිරිම , අනෙකුත් site වල web address, description වගේ තමන්ගේ site එකේ crawlers ලට අහුවෙන වෙන විදියට තබා ගැනීම. flash ,java applets site එකෙන් හැකි තරම් සීමා කිරිම,, site index map එකක් වෙනමම හැදීම, site එක bing, google web master tool එකට submit කිරිම මේ වගේ අනෙක් search engine වලටත් submit කරන්න පුලුවන්, popular site වල තමන්ගේ site එක spam නොකර කොහොම හරි submit කිරිම, (elakiri එකේ නම් මේක තමන්ගේ profile එකේ කරන්න පුලුවන්) ,තමන්ගේ site එක general නැතුව එක section එකකට වෙන් කිරිම එතකොට ඒ section එක ගැන කවුරු හරි search කරන කොට මිනිස්සුන්ට මේක හොයාගන්න පුලුවන්, උදාහරණයකට තමන්ට පුලුවන් news ගැන, makeup techniques ගැන, cookery ගැන වගේ දාන්න, ඒ වගේම මේ fields වලට popular sites වල තමන්ගේ site එක කොහොම හරි ඇතුලත් කරගැනිම, තමන්ගේ site එක safe කියලා Norton, MacAfee වගේ site වලින් recommendation ගැන, alexa එකට ගිහින් හොද reviews submit කිරිම, site එකේ පුලුවන් තරම් ads අඩු කිරිම, site එකේ bots ලට scan කරගන්න තියෙන web page එකක ප්‍රමාණය size එකෙන් අඩු කරගැනීම (මේක සාමාන්‍යයෙන් කරන්න ලේසියි css, javascript files external දැම්මම page එකේ එක ගොඩේම දාන්නේ නැතුව එතකොට bots ලා මේව මග හරිනවා ලේසියෙන්ම), standard එකට අනුව site develop කිරිම එතකොට bots ලා site එක scan කරනකොට errors raise වීම ගොඩක් අඩුයි.