අවංකවම කියපල්ල

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඕක මෙහෙම දෙයක් දැන් උබලා ඕකට කැමති නම් මෙහෙම thread එකක් දාන්නේ නැනේ. ඇයි දැම්මේ නොදන්නා කම නිසා මොකද්ද නොදන්නා කම සංසාරයේ බිය ගැන. ඇයි සංසාරයේ බිය සකස් වෙන්නේ නැත්තේ සැප නම් ආශ්වාදය පමණක් දැකීම. මන් උදාහරණයක් කියන්න නම් අපේ කොල්ලෙක් ගන්නවා දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් ,
    images

    2Q==
    2Q==

    පුදුම සතුටක් නේ තියෙන්නේ නේද, පියාබන්න හිතෙනවා කියලා නිම කරන්න බැරි සතුටක් හැබැයි ඒ කාර් එක ගත්තු දාම හැප්පිලා ඒ කොල්ලා ජීවිත කාලෙම ඔත්පොල වෙනවා.කොදු අට කැඩිලා. කෝ අර කලින් තිබ්බ සතුට නැ නේද.

    24637d1223486908-car-accident-man-cut-half-brazil1.jpg

    ඔන්න පවුලකට චුටි ළමයෙක් ඉපදෙනවා ඒ ළමයා ගැන මව් පියන්ට සෙනහසක් ඇතිවෙනවා, පවුලේ එකම ළමයා විදියට තමයි ඉන්නේ ඔන්න ඉස්කෝලේ යන කාලයේදී ලොරියකට අහු වෙලා මැරනවා. මොන තරං දුකක් මුළු ජීවිත කාලය පුරාවට පවතිනවද,
    දැන් සුනාමිය වෙලාවේදී ජීවිතේ සුන්දරත්වය විදපු ජෝඩු කීදාහක් මුහුදට යට උනාද, කොටි බෝම්බ වලින් සුන්දර නම් වූ ආදරය විදපු කී දෙනෙක් මැරෙන්ඩ ඇතිද ,

    හරි මෙහෙම හිතමු කෝ උබලා කැමති දෙයක් හිත්පල්ලකෝ , ඒ දෙය විනාශ වෙලා යද්දී හදවතින් ම උබලාට අවංකව ම දුකක් නැද්ද. තවත් සරල කරන්නනම් අපේ මුණ අව්වට කළු උනොත් ඇති වෙන්නේ සතුටක් ද දුකක් ද දුකක් නේද,

    මචන් නිර්වාණය කියන්නේ නිවීම මොකෙන් නිවීම ද ඒක මේ ජීවිතයේදී සියලු විදීම් වලින් විශේෂයෙන් කලින් කිවව දුක ඊට අමතරව සැප හා උපේක්ෂා වලින් නිදහස් වීම, භාවනාවෙන් හිත දියුණු උනාම, මන් කියන්නේ විශේෂයෙන් ම විදර්ශනා භාවනාව උබලා සොයන්නේ සදාකාලික සැපතක්.(මේක ටිකක් ගබුරුයි) උබලාට පෙන්න ගන්න වා ආශ්වාදයේ ආදීනව ය , එතකොට ලෞකික දේ දකින්නේ, ලෞකික දේ පිලිබදව හිතෙන්නේ හරියට දුකක්,කරදරයක්,ගඩු ගෙඩියක් හැටියට. පුදුම සතුටක් දැනෙන්නේ, පුදුම නිදහසක් දැනෙන්නේ, ඒක මේ ලෝකේ කිසිම දෙයකින් ලබන්න බැරි දෙයක්. මේක මාර්ගපල නෙමේ මචන් භාවනා වෙදී ලබන ප්‍රතිපලයක්.

    ශ්‍රී සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කරපල්ලා, විශේෂයෙන් ඒක පුරුදු වෙයෙල්ලා(ශීල, සමාධි, ප්‍රඥා) එතකොට උබලාට මේ වගේ ප්‍රශ්න හදන සිත දමනය වේවි. තව එකක් මතක තියාගනිල්ලා මේ අප විදින සැප වගේ දෙගුණයක් හෝ ඊට වැඩියෙන් අපි කොයි කව්රුත් අතීතයේ දුක් විදලා තියෙනවා
    අනාගතේ දුක් විදින්න තියෙනවා සිහියෙන් කල්පනා කරොත් තේරේවි, ඊට එහා දෙයක් මට කියන්ඩ බැ මචන්.

    දැන් මචං උබ කියනවනේ ලෞකික දේවල් දුකක් කරදරයක් කියල එතකොට ඔයා මේදුක නැතිකරගන්න කොච්චර දුරට කටයුතුකරලා තියෙනවද ඔයා එළකිරි ෆෝරම් එකේ post වලට comment දදා මොනවද කරන්නේ? දැන් කියන්න එපා ලෞකික ජීවිතේට පුරුදු උන කෙනෙක්ට එකෙන් මිදෙන්න අමාරුයි කියල එකනිකන් හරියට cigarette බොන එකෙක් අනිත් cigarette බොන එව්න්ට ඔය වැඩේ නරකයි නවත්තන්න කියල මටනං නවත්තන්න අමාරුයි මොකද මම එකට හුරුවෙලා කියල කියනවා වගේ. ඔය ඔයාගේ මතේ වෙනුවෙන් පෙනී ඉන්නවා නම් සියලුම බෞතික දේවල් අතැරලා තියෙන්න ඕන මේ වෙනකොට හරිනම් :oo:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    සංඥාව කියල එකක් අහල තියෙනවද?
    අපේ හිතේ වැරදි සංඥාවල් තියෙනවා. කල්ප ගණක ඉදන් පුරුදු කරපු ඒවා.
    ඒක වෙනස් කරන ඒක ලේසි නෑ. අපි ලස්සන දෙයක් දැක්කහම සුබ / සැප සංඥාවක් අපේ හිතේ එනවා.
    එක්කෙන් ඇත්ත වහනවා.
    උදාහරණ විදියට car එකක් දැක්කහම සුබ / සැප සංඥාවක් එනවා. එකෙන් car එකේ අනිත්‍ය ස්වාබහ්වය වහනවා. car ඒක හැදිලා තියෙන්නේ ශුද්දාෂ්ටක වලින්, ඒක වෙනස් වෙනවා කියන ඒක වහනවා. වැරදි නිත්‍ය සංඥාව එනවා.
    මේ සංඥාව වෙනස් කරන්ඩ හරිම අමාරුයි.
    ඔයත් ඔය ඔක්කොම අහන්නේ සංඥාව වැරදි නිසා. මේවා සැපයි නිත්‍යයි කියල වැරදි සංඥාව ගණන් නිසා.
    මේක කියන මගෙත් වැරදි සංඥාව තියෙනවා.
    මේක ටික ටික නැති කරන්ඩ ඕන.
    උදාහරණයක් විදියට ලස්සන දෙයක් දකිද්දී මේක හැදිලා තියෙන්නේ ශුද්දාෂ්ටක වලින්.මේක වෙනස් වෙනවා. මේක දකින මගේ හිතත් වෙනස් වෙනවා කියලා දකින්ඩ ඕන. එතකොට ටික ටික හරි සංඥාව එනවා. නැතුව මහන වෙන්ඩ ඕන නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    බුද්ධාගමේ තියෙන්නේ සැප අතැරලා නිවන් දකින්ඩ නෙමේ
    ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි හිතල තියෙනවද මම කියන්නේ මොකක්ද කියල?
    මම කියන්නේ ධර්මතා ගොඩක්.
    මම හැදිලා තියෙන්නේ නාම රුප වලින්
    රුප හැදිලා තියෙනෙන් ශුද්දාෂ්ටක වලින්
    ශුද්දාෂ්ටක කියන්නේ ශක්තියක් (පරමාණු හැදිලා තියෙන්නෙත් ශුද්දාෂ්ටක වලින්).
    එකේ ශක්ති වර්ග හතරක් තියෙනවා.
    1. තද ගතිය
    2. උණුසුම් සිතල ගතිය
    3. වැගිරෙන ගතිය
    4. හැකිලෙන පිම්බෙන ගතිය
    ශුද්දාෂ්ටක තත්පරයට 1000,000,000,000 / 17 (ට්‍රිලියනය බෙදීම 17) පමණ ඇතිවෙලා නැති වෙනවා. ඇති වෙද්දි කලින් එකේ ශක්තියෙන් පංගුවක් අරන් ඇති වෙනවා.
    නාම කියල කියන්නේ සිතට. සිත තත්පරයට 1000,000,000,000 පමණ ඇතිවෙලා නැතිවෙනවා.
    කලින් සිතේ සක්තිය අරන් අලුත් සිතක් ඇතිවෙනවා.
    සතුට කියල කියන්නේ මේ සිතට එන අරමුණු නිසා ඒ සිත පිම්බෙන ගතියකට. මේක ශක්තියෙක් විතරයි.
    හැමදාම ඔය කොහෙවත් නැති එකක් පුම්බව පුම්බව ඉන්දද ඕන?
    දුක කියල කියන්නේ සිතේ ඇතිවෙන තද උණුසුම් ස්වභාවයකට. මේකත් ශක්තියක් විතරයි.
    අපිට සැප දුක දැනෙනවා කියන්නේ ඔය දෙක තමා
    ඔච්චරයි මම කියල කියන්ඩ තියෙන්නේ.

    අනිත් ඒක තමා මේකේ ඉන්න ගොඩක් අය පින් පව් කියන්නේ මොනවද කියල හරියට දන්නේ නෑ.
    පව් කියන්නේ සත්තු මරණ ඒක, බොරු කියන එක + පස්පව් විතරක් නෙමේ
    ලෝබ ද්වේශ මෝහ ඇතිවෙන ඕනෑම දෙයක්
    අපි මාසේ අන්තිමට ගන්න පඩියට ලෝබ කලත් එකත් පවක්
    පොඩි පවක් නමේ, ලබන ආත්මේ තිරිසන් වෙලා ඉපදෙන්ද උනත් පුළුවන්.
    මෙතැනදී ලෝබ කිවේ වෙන කෙනෙක්ට දෙන්ඩ ලෝබ වෙන ඒක නෙමේ.
    අභිධර්මයේදී ලෝබ කියන්නේ අරමුණට ඇලෙන එකේ ගැන
    අකුසල් සිත් දාහතරක් තියෙනවා. එකෙන් ඒක සිතක් ඇර අනික් ඕනෑම සිතකට පුළුවන් අපිව සතර අපායට යවන්ඩ (උද්දච්චය හැර). අපි ඇහැරලා ඉන්න වෙලාවට අනිවාර්යෙන් කුසල් හෝ අකුසල් හිත් ඇතිවෙනවා. තත්පරයට ගණන් කරන්ඩ බැරි වාර ගණන් වලින්. ඒවා අපි කවද හරි ගෙවන්ඩ ඕන. මෙන්න මේ තුනෙන් ඕන එකක් තියෙන හිතක් අකුසල් හිතක්
    1. අරමුණට ඇලෙන ස්වභාවය
    අපේ හිත වැඩි හරියක් තියෙනෙන් මේකේ. ලෝබය කියන්නේ මේකට.
    2. අරමුණට අකමැති ගතිය
    බයත් මේකට අඉති වෙනවා. අඩන ඒක, තරහ, ගහගන්න ඒක ඔක්කොම මේකේ. කොටින්න්ම අපි මොකෙකට හරි බය උනත් ඒක අකුසලයක්
    3. අරමුණ වැරදියට ගණන් ස්වභාවය
    මේක හැම අකුසල් හිතකාම තියෙනවා. හැම දෙයක්ම අනිත්යක් කියල නොදකින තාක් මේක තියෙනවා.

    අනිත් ඒක බුදුහාමුදුරුවෝ කියල තියෙනවා මේ ලෝකේ ඉන්න අයගෙන් අය සුගතියට යන්නේ ලෝකේ තියෙන පස් වලින් නිය පිටින් ගත්ත පස් වගේ පංගුවක්.ඒ කියන්නේ මේ ලෝකෙන්ම මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් තමා සුගතියට යන්නේ . අනික් ඔක්කොම තිරිසන් ප්‍රේත නිරය
    ඉතින කල්ප ගානකට සැරයක් අවරුදු 75ක් විතර කාර් පැදලා, එළකිරි ඇවිත්, film බලල ගන්න මේ සැප (සිතේ පින්බිම) මොකක්ද?

    Hope you understand the basic
    Then watch this:
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    තෙරුවන් සරණයි

    buddha-03.jpg
    සතුට කියල කියන්නේ මේ සිතට එන අරමුණු නිසා ඒ සිත පිම්බෙන ගතියකට නෙවෙඉ මචං සතුට ඇතිවෙන්නේ බාහිර පරිසරයෙන් අපි ලබාගත්ත සංවෙදනයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස අපේ මොලයේ සිද්දවෙන chemical reaction එකක්, සතුට ඇතිවෙන්නේ හිතේ නෙවෙඉ මොලයෙ උදාහරණයකට ඔය හිතන්න ඔයාට ඇහෙනවා ඔයා කැමති සින්දුවක් එතකොට Endocannabinoids Dopamine Oxytocin වගේ chemical ටිකක් විවිද ප්‍රමාණ වලින් මොලයේ තියෙන ග්‍රන්තින්ගෙන් වහනයවෙනව ඒ chemical එකතුවෙලා හැදෙන reaction එකෙන් තමයි මොලේට සතුට දැනෙන්නේ.cigarette එකක් වගේ බිව්වහම වෙන්නේ අපි ඒ chemical කෘතිමව පිටතින් ලබාගැනීමක්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සංඥාව කියල එකක් අහල තියෙනවද?
    අපේ හිතේ වැරදි සංඥාවල් තියෙනවා. කල්ප ගණක ඉදන් පුරුදු කරපු ඒවා.
    ඒක වෙනස් කරන ඒක ලේසි නෑ. අපි ලස්සන දෙයක් දැක්කහම සුබ / සැප සංඥාවක් අපේ හිතේ එනවා.
    එක්කෙන් ඇත්ත වහනවා.
    උදාහරණ විදියට car එකක් දැක්කහම සුබ / සැප සංඥාවක් එනවා. එකෙන් car එකේ අනිත්‍ය ස්වාබහ්වය වහනවා. car ඒක හැදිලා තියෙන්නේ ශුද්දාෂ්ටක වලින්, ඒක වෙනස් වෙනවා කියන ඒක වහනවා. වැරදි නිත්‍ය සංඥාව එනවා.
    මේ සංඥාව වෙනස් කරන්ඩ හරිම අමාරුයි.
    ඔයත් ඔය ඔක්කොම අහන්නේ සංඥාව වැරදි නිසා. මේවා සැපයි නිත්‍යයි කියල වැරදි සංඥාව ගණන් නිසා.
    මේක කියන මගෙත් වැරදි සංඥාව තියෙනවා.
    මේක ටික ටික නැති කරන්ඩ ඕන.
    උදාහරණයක් විදියට ලස්සන දෙයක් දකිද්දී මේක හැදිලා තියෙන්නේ ශුද්දාෂ්ටක වලින්.මේක වෙනස් වෙනවා. මේක දකින මගේ හිතත් වෙනස් වෙනවා කියලා දකින්ඩ ඕන. එතකොට ටික ටික හරි සංඥාව එනවා. නැතුව මහන වෙන්ඩ ඕන නෑ
    වැරදි සංඥාව නිසානේ ඔයා කියන විදියට රහත්වෙන්න අමාරු ඉතිං මහණවෙලා බෞතික ලෝකයෙන් මිදිලා රහත්වෙන්න වීර්ය වැඩිම වඩාත් ප්‍රායෝගිකයි නේද? මහන වෙන්න ඕනනෑ කියන තැනම තියෙන්නේ ඇලිමනේ මිත්‍රය, රහත්පලය ලබාගැනීමට දශමයකින් හරි ලංවීමට ඇති අකමැත්ත. එහෙනං බුදුරජාණන් වහන්සේටත් තිබුන රජමලිගයේම ඉදගෙන බුදුවෙන්න. එතරම් උතුම් පුද්ගලයෙක්ටත් බෞතික පරිසරයෙන් යම්තාක්දුරට ඇත්විමක් අවශ්‍ය උනානම් අපි කොහොමද ගෙදර ඉදං රහත්වෙන්නේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සතුට කියල කියන්නේ මේ සිතට එන අරමුණු නිසා ඒ සිත පිම්බෙන ගතියකට නෙවෙඉ මචං සතුට ඇතිවෙන්නේ බාහිර පරිසරයෙන් අපි ලබාගත්ත සංවෙදනයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස අපේ මොලයේ සිද්දවෙන chemical reaction එකක්, සතුට ඇතිවෙන්නේ හිතේ නෙවෙඉ මොලයෙ උදාහරණයකට ඔය හිතන්න ඔයාට ඇහෙනවා ඔයා කැමති සින්දුවක් එතකොට Endocannabinoids Dopamine Oxytocin වගේ chemical ටිකක් විවිද ප්‍රමාණ වලින් මොලයේ තියෙන ග්‍රන්තින්ගෙන් වහනයවෙනව ඒ chemical එකතුවෙලා හැදෙන reaction එකෙන් තමයි මොලේට සතුට දැනෙන්නේ.cigarette එකක් වගේ බිව්වහම වෙන්නේ අපි ඒ chemical කෘතිමව පිටතින් ලබාගැනීමක්

    සිතයි කයයි ගොඩක් සම්භාන්දයි. එතකොට ඔයා ඇවිදිනවා කියන්නෙත් මොලයෙන්ද?
    සිතෙන් එන වයෝ ධාතුව තමා මුලින්ම එන්නේ. එකෙන් සිතයි ඇගයී සම්භන්ධ කරන එකක් තියෙනවා (කාය වින්නප්ති / වචී වින්නප්ති). එකෙන් තමා අගට දෙන්න.
    මොලේ තියෙනව්වා ප්‍රසාද රුප කියල එකක්. එතනට හිත ගිහින් තමා ක්‍රියාවලිය පටන් ගන්නේ.
    හිතක් නැතුව මොලෙන් විතරක් ඔක්කොම වෙනවනම් අපිට මොකක් හරි මතක් වෙද්දී කොහොමද සතුටු වෙන්නේ.
    මම කියන ඒක තමා ඇත්ත. පිළිගන්ඩ. මේක අභිධර්මයේ තියෙන්නේ.
    වැඩි විස්තර ට්‍රිපිටකය කියවල ගන්ඩ උවමනාවක් තියෙනවා නම්. මේවා ඔක්කොම step by step පැහැදිලි කරලා තියෙනවා.
    සිගරට් බිවහම වෙන්නේ සිතයි කයයි සම්භන්ද කරන ප්‍රසාද රුප විකුර්ති වෙනවා. සිතට ප්‍රසාද වලින් එන්නේ වැරදි signal. එතකොට සිත බොරුවට පිම්බෙනවා.

    සාරාංශය තමා මෙතනදී ඔය කියපු එකයි මම කියපු එකයි දෙකම වෙනවා.
    ඔය කිවේ කයේ වෙන දේ විතරයි.
    එත් කයේ වෙන දේවල් අපිට දැනෙන්නේ ප්‍රසාද රුප හරහා
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mata nam tiyenny mehema adahasak , api danne naha ney ban attama oya Nirwanaya kiyala ekak tiyenwada kyiala , (same thing with heaven and hell concept )... so marunata passe okkoma ivara wennath puluwan.
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    ලෞකික සැප විඳින එක තමා හොඳ කියලා අපිට හිතෙන්නේ තරුණ මදයෙන් කුල්මත් වෙලා ඉන්න නිසා. උඹට වුනත් එහෙමයි. දැන් කාලේ නෙමෙයි, ලෙඩ වෙලා මහලු වියට එද්දි, හැමදාම තියෙන ලෙඩ, ඇඟපත අමාරුව එද්දි හිතෙයි, නිවන් දකින්න තියෙනවා නම් කොච්චර එකක් ද කියලා :sorry::sorry: හිතපන් පට්ට ඔලුව රදයක් හැදුන වෙලාවක හිතෙන්නේ මොකක්ද, ඒ ඔලුව රදෙන් හැමදාම ජීවත් වෙන්න වුනොත් උඹට ලෞකික සැප ඕනේද කියලා? මම වුනත් ලෞකික සැපට ආසා කරන කෙනෙක්. පෘතක්ජන කෙනෙක් වශයෙන් ඒක සාමාන්‍යයයි, නමුත් හරියට තේරුම් ගන්නවා නම් අපි මේ විඳින සැපත්, දුකක් කියලා තේරෙන්න ඕනේ :yes::yes: ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනේ. අන්න ඒ පින අපිට නෑ :(

    :yes::yes::yes::yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සිතයි කයයි ගොඩක් සම්භාන්දයි. එතකොට ඔයා ඇවිදිනවා කියන්නෙත් මොලයෙන්ද?
    සිතෙන් එන වයෝ ධාතුව තමා මුලින්ම එන්නේ. එකෙන් සිතයි ඇගයී සම්භන්ධ කරන එකක් තියෙනවා (කාය වින්නප්ති / වචී වින්නප්ති). එකෙන් තමා අගට දෙන්න.
    මොලේ තියෙනව්වා ප්‍රසාද රුප කියල එකක්. එතනට හිත ගිහින් තමා ක්‍රියාවලිය පටන් ගන්නේ.
    හිතක් නැතුව මොලෙන් විතරක් ඔක්කොම වෙනවනම් අපිට මොකක් හරි මතක් වෙද්දී කොහොමද සතුටු වෙන්නේ.
    මම කියන ඒක තමා ඇත්ත. පිළිගන්ඩ. මේක අභිධර්මයේ තියෙන්නේ.
    වැඩි විස්තර ට්‍රිපිටකය කියවල ගන්ඩ උවමනාවක් තියෙනවා නම්. මේවා ඔක්කොම step by step පැහැදිලි කරලා තියෙනවා.
    සිගරට් බිවහම වෙන්නේ සිතයි කයයි සම්භන්ද කරන ප්‍රසාද රුප විකුර්ති වෙනවා. සිතට ප්‍රසාද වලින් එන්නේ වැරදි signal. එතකොට සිත බොරුවට පිම්බෙනවා.
    මම කියන්නේ සිත නෑ කියල නෙවෙයි මම කියන්නේ සිතට සතුට ඇතිවෙන්න හේතුව chemical reaction එකක්. සිතතියෙන්නේ මද්‍යස්නයුපද්දතිය ආශ්‍රිතව ඒවගේම හිත ඇතිවෙන්නේ මොලය සහ මද්‍යස්නයුපද්දතියේ ක්‍රියාකාරිත්වයේ අතුරුපලයක් විදියට. අපි ඇවිදින්නේ ස්නායු තන්තු දිගේ ගිය සඥාවක් පාදයට ලැබීම මගින්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම කියන්නේ සිත නෑ කියල නෙවෙයි මම කියන්නේ සිතට සතුට ඇතිවෙන්න හේතුව chemical reaction එකක්. සිතතියෙන්නේ මද්‍යස්නයුපද්දතිය ආශ්‍රිතව ඒවගේම හිත ඇතිවෙන්නේ මොලය සහ මද්‍යස්නයුපද්දතියේ ක්‍රියාකාරිත්වයේ අතුරුපලයක් විදියට. අපි ඇවිදින්නේ ස්නායු තන්තු දිගේ ගිය සඥාවක් පාදයට ලැබීම මගින්.

    සිත ඒක තැනක තියෙන දෙයක් නෙමේ. එක ප්‍රසාද රුප තියෙන තැන වලට යනවා.
    උදාහරණ විදියට ඇසෙ චක්කු ප්‍රදයට.
    idle තියෙන්න heart එකේ වස්තු ප්‍රසාදයේ
    අපේ අගේ හැම තැනම පරාස රුප තියෙනවා. ඒවාට තමා සිත සම්භන්ද වෙන්නේ. ඒවගෙන් signal අරන් අය වස්තු ප්‍රසාදයට එනවා. එතනදී තමා තීරණය කරන්නේ සැප දුක.
    පදයට ඉස්සරලම signal යවන්න හිතන්නේ සිතෙන්. ඉගාවට සිත ඒක ප්‍රසාද රුප හරහා මොලයට දෙනවා. මොලයෙන් ඔය කියන chemical reaction වෙනවා.
    අපි දෙන්නම හරි. නමුත් ඔය කියන්නේ physical part ඒක විතරයි
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    mata nam tiyenny mehema adahasak , api danne naha ney ban attama oya Nirwanaya kiyala ekak tiyenwada kyiala , (same thing with heaven and hell concept )... so marunata passe okkoma ivara wennath puluwan.
    මම බෞද්ද දර්ශනයේ තිබෙන හොද දේවල් මගේ ජිවිතයට එකතුකරගන්නවා. එත් මටත් මැරුණට පස්සේ මොනවා වෙඉද කියල අදහසක් නෑ මම හිතන්නේ මැරුණට පස්සේ වලලනව එච්චරයි, බුදුදහමේ ආත්මයක් කියල දෙයක් නේ මම හිතන්නේ පස්සේ හින්දු අත්මවාදයයි බුදුදහමේ අනාත්මවදයයි එකතුකරලා අමුතු එකක් හැදුව මිනිස්සුන්ව බය මගින් පාලනය කරන්න නිරයයි හොදට හිටියොත් යවන්න දෙව්ලොවකුයි පස්සේ බුදුදහම වෙනුවෙන් පෙනීසිටින කට්ටිය එකතුකර. මේක මගේ මතය. මටත් අවශ්‍ය හොද සංවාදයක් ගෙනියන්න රන්ඩුකරගන්න නෙවෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැරදි සංඥාව නිසානේ ඔයා කියන විදියට රහත්වෙන්න අමාරු ඉතිං මහණවෙලා බෞතික ලෝකයෙන් මිදිලා රහත්වෙන්න වීර්ය වැඩිම වඩාත් ප්‍රායෝගිකයි නේද? මහන වෙන්න ඕනනෑ කියන තැනම තියෙන්නේ ඇලිමනේ මිත්‍රය, රහත්පලය ලබාගැනීමට දශමයකින් හරි ලංවීමට ඇති අකමැත්ත. එහෙනං බුදුරජාණන් වහන්සේටත් තිබුන රජමලිගයේම ඉදගෙන බුදුවෙන්න. එතරම් උතුම් පුද්ගලයෙක්ටත් බෞතික පරිසරයෙන් යම්තාක්දුරට ඇත්විමක් අවශ්‍ය උනානම් අපි කොහොමද ගෙදර ඉදං රහත්වෙන්නේ

    ගෙදර ඉදන් රහත් වෙන්ඩ බෑ. නමුත් සෝවාන් වෙන්ඩ පුළුවන්.
    අනික අද කාලේ පන්සලකට ගිය කියල ඔය කියන තරම් ලේසි වෙඉද දන්නේ නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සිත ඒක තැනක තියෙන දෙයක් නෙමේ. එක ප්‍රසාද රුප තියෙන තැන වලට යනවා.
    උදාහරණ විදියට ඇසෙ චක්කු ප්‍රදයට.
    idle තියෙන්න heart එකේ වස්තු ප්‍රසාදයේ
    අපේ අගේ හැම තැනම පරාස රුප තියෙනවා. ඒවාට තමා සිත සම්භන්ද වෙන්නේ. ඒවගෙන් signal අරන් අය වස්තු ප්‍රසාදයට එනවා. එතනදී තමා තීරණය කරන්නේ සැප දුක.
    පදයට ඉස්සරලම signal යවන්න හිතන්නේ සිතෙන්. ඉගාවට සිත ඒක ප්‍රසාද රුප හරහා මොලයට දෙනවා. මොලයෙන් ඔය කියන chemical reaction වෙනවා.
    අපි දෙන්නම හරි. නමුත් ඔය කියන්නේ physical part ඒක විතරයි
    මගේ විශ්වාසය නම් අරක තමයි, බෞද්ද උනාට උබතරම් ගැබුරින් ඕව දැනගෙන හිටියේ නෑ බන්, සිංහලෙන් type කරන්න ගියාම පනයනවා යකො
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම බෞද්ද දර්ශනයේ තිබෙන හොද දේවල් මගේ ජිවිතයට එකතුකරගන්නවා. එත් මටත් මැරුණට පස්සේ මොනවා වෙඉද කියල අදහසක් නෑ මම හිතන්නේ මැරුණට පස්සේ වලලනව එච්චරයි, බුදුදහමේ ආත්මයක් කියල දෙයක් නේ මම හිතන්නේ පස්සේ හින්දු අත්මවාදයයි බුදුදහමේ අනාත්මවදයයි එකතුකරලා අමුතු එකක් හැදුව මිනිස්සුන්ව බය මගින් පාලනය කරන්න නිරයයි හොදට හිටියොත් යවන්න දෙව්ලොවකුයි පස්සේ බුදුදහම වෙනුවෙන් පෙනීසිටින කට්ටිය එකතුකර. මේක මගේ මතය. මටත් අවශ්‍ය හොද සංවාදයක් ගෙනියන්න රන්ඩුකරගන්න නෙවෙයි

    ඔය බුද්ධාගමේ නෙමේ. ඔය මිත්‍යා දෘෂ්ටික
    උප්පැන්නේ බෞද්ද තිබ්බට බෞද්ද වෙන්නේ නෑ.
    බෞද්ද වෙන්ඩ සම්‍යක් දෘෂ්ටික වෙන්ඩ ඕන.
    එකට පින් පව් / කුසල් අකුසල් /අපාය දිවියලොක / ඕපපාතික ජීවින් ඉන්නවා කියල පිළිගන්ඩ ඕන. තෙරුවන් පිළිගන්ඩ ඕන.
    එතකොට ඔය ප්‍රේතයෝ ගෙන්නලා කතා කරන තැන වලට ගිහින් තියෙනවද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගෙදර ඉදන් රහත් වෙන්ඩ බෑ. නමුත් සෝවාන් වෙන්ඩ පුළුවන්.
    අනික අද කාලේ පන්සලකට ගිය කියල ඔය කියන තරම් ලේසි වෙඉද දන්නේ නෑ.
    හා හා ඔව් නේ. දැන්නම් ඉතින් හාමුදුරුවරු මහනවෙන්නේ නිවන්යන්න නෙවෙඉනෙ. නෑ ඉතින් අර මම කිව්වේ මනස පාලනය කරගන්න ලෙසිනේ එවේනුවෙන්ම කැපවෙච්ච තැනකට ගියහම
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    හරි මචං මහණ වෙන්ඩ ම ඕන නෑ තමා..
    එත් ගිහි ජීවිතේදි වත්, එහෙම උත්සහයක් ගන්නෑ උඹල..
    ඒකයි කියන්නෙ..
    අනික මහණ වෙන්ඩ කිව්වෙ, ඇත්තටම එහෙම කරන්ඩ, උඹට හිත එකඟ කරගන්ඩ පුලුවන්ද බලන්ඩ

    මම අනිත් අයට මෝඩයො කියල නෑ..

    පළවෙනිම දේ තමා උඹට නෙමෙයි මම කිව්වේ ඒකාරණාව කිව්වයි කියලා ත්‍රෙඩ් එකේ කෑ ගහපු වෙන කෙනෙක්ට :rolleyes::rolleyes:

    උත්සහා ගන්නේ නෑ කියන්නේ කොහොමද මචං? දන් දීම, අෂ්ඨාංග උපෝසත සීලය, ධර්ම ශ්‍රවනය, ගොඩක් දේවල් තියෙනවා. කාර්‍යය්බහුලත්වය එක්ක ටිකක් අතපසු වුනත් උවමනාව තිබෙන කෙනා ඒ දේවල් කරනවා :yes::yes:

    මම පළමු පෝස්ට් එකේ අන්තිමටම දාලා ඇති, ඒ දේට අපිට පින නෑ කියලා. කවමදාවකවත් දුකක් ඇති වුන පළියට මහණ වෙන්න හොඳ නෑ මචං. මොකද ඒ දුක තුනී වුන ගමන් මහණදම් පුරන එක එපා වෙනවා. ඒ නිසා ජීවිතේ ගැන මනාවබෝධයකින් තමා මහන වෙන්න ඕනේ. අන්න ඒ අය නම් මහණදම් හරියට පුරලා ඒ මාර්ගය ලඟා කර ගන්න උත්සහා කරනවා. අන්න ඒ විදියට ජීවිතේ අනිත්‍යය වැටහෙන්න තරම් අපි පින් කරලා නැතිව ඇති. ඒකයි අපි මේ ලෞකික සැපයෙන් ඇලිලා ජීවත් වෙන්නේ.

    මම කිව්ව අර තරුණ මදය ගැන පොඩ්ඩක් හිතලා බලපන්. වයසට යද්දි උඹට හැදෙන ශරීර ලෙඩ දුක් එක්ක බලද්දි උඹට හිතෙයිද කියලා අවුරුදු ගාණක්, කල්ප ගාණක් ඒ විදියට දුක් විදීන්න.

    කකුළුවා දිය රත් වෙනකන් දිය හැලියේ විනෝද වෙනවා වගේ තමා අපි හැමෝමත්. අපේ ජීවිතත් ඒ දිය හැලිය වගේ අවසන් කාලේදි රත් වෙයි. එතකොට බලපන් දැන් ගන්න ආතල් එක තියෙන හැටි :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔය බුද්ධාගමේ නෙමේ. ඔය මිත්‍යා දෘෂ්ටික
    උප්පැන්නේ බෞද්ද තිබ්බට බෞද්ද වෙන්නේ නෑ.
    බෞද්ද වෙන්ඩ සම්‍යක් දෘෂ්ටික වෙන්ඩ ඕන.
    එකට පින් පව් / කුසල් අකුසල් /අපාය දිවියලොක / ඕපපාතික ජීවින් ඉන්නවා කියල පිළිගන්ඩ ඕන. තෙරුවන් පිළිගන්ඩ ඕන.
    එතකොට ඔය ප්‍රේතයෝ ගෙන්නලා කතා කරන තැන වලට ගිහින් තියෙනවද?
    නෑ මචං මම බුද්දාගම පිළිපදින්නේ උප්පැන්නේ බෞද්ද කියල තියෙනවටවත් එන ආත්මෙ දිවියලෝකේ යන්නවත් බලාගෙන නෙවෙයි. දැනට බිහිවෙලා තියෙන අවිහිනසවාදීම දර්ශනය බෞද්ද දර්ශනය නිසයි මම මේක පිළිපදින්නේ. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් බිහිවෙච්ච හොදම දර්ශනය තමයි මේක.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මගෙනම් කිසිම කැමැත්තක් නෑ නිවන්දකින්න, මම දැක්ක ගොඩක් අය නිවන්දකින්න කැමතිකියල දාල තියෙනවා එත් නිකං හිතන්න ඔය නිවන්දකින්න කැමතිකෙනෙක් දැනගන්නවා හෙට එයාට නිවන්දකින්න පුළුවන් නිවනට එයාට තව ඕන ඉතාම සුළු පිං ප්‍රමාණයක් කියල උදාහරනෙකට හිගන්නෙකුට දෙන තව එක කෑම පාර්සලෙකින් එයට නිවන්දකින්න පුළුවන්. මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් ජීවත්වෙන්න තව ජිවිතකාලයක් තියෙද්දී ඔය සේරම අතෑරලා නිවන්දකින්න කැමතිවෙයි කියල, බොරුනම් තමන්ගේ හදවතින්ම අහල බලන්න හෙටින් පස්සේ මෙලෝකයෙන් සදහටම වෙන්වෙලා යන්න වෙනවනම් කැමතිද කියල

    ඔබතුමාගේ මේ කතාවට මම පිලිතුරක් දෙන්නම්. යම් කෙනෙක් නිවන් දකිත්ද, ඔහු/ඇය සියලු ක්ලේශයන්ගෙන් මිදී ඉන්නා කෙනෙක්, එවැනි කෙනෙක්ට ජීවිතය ගැන කිසිම ලොබ කමක් නෑ. උඹ කියනවා නේද තව පොඩ්ඩයි පින් ඕනේ කියලා නිවන් දකින්න. අන්න ඒ තත්වෙට කියන්නේ අනාගාමි කියලා. ඒ කියන්නේ අර්හත් ඵලයට කලින් පියවර කියලා අපි කියමුකෝ, ඒ කෙනාට වැටහීමක් තියෙනවා නිවන ගැන, දුකින් මිදීම ගැන. ඒ නිසා ඒ කෙනා අබ ඇටයක තරම් වත් පැකිලීමකින් තොරව අර හිඟන්නට කෑම එක ලබා දෙයි.
    දැන් උඹ පෘථඃජන කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ විදියට, ඒ කෙනා කොහෙත්ම කැමති වෙන්නේ නෑ. හේතුව තමා ඒ කෙනා රාග, ක්ලේශ, මෝහ වලට ඇලිලා ඉන්න කෙනෙක් නිසා. :yes::yes:

    අනිත් එක තමා නිවන් දකිනවා කියන්නේ හෙටින් පස්සේ මේ ලෝකෙන් නෑ කියන එක නෙමෙයි :rofl::rofl: මරණින් මතුව ඉපදීමක් නෑ කියන එකයි, නමුත් අරහත් භාවයට පත් වුණ පලියට හෙට හෝ සත් දිනකින් හෝ අපවත් වෙන්නේ නෑ ඔහු/ඇය ගිහි කෙනෙක් නොවන්නට :rolleyes::rolleyes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම කියන්නේ දන්දුන්නහම දිවියලොකෙයනවද මොකද්ද කියන එක නෙවෙඉ වැදගත්. වැදගත් වෙන්නේ වර්තමානයේ ජිවත් වෙන මිනිස්සු මේ දහම පිළිපැද්දොත් මේලෝකය කොච්චර මානුෂීය මුහුණුවරක් ගනීද කියන එක