අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි!

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි!

    මෙන්න මේක තමයි අද කාලේ Forex Class වල තත්ත්වය. හොරුන්ට අහු වෙලා අතේ තියෙන සල්ලි ටිකත් නැති කරගන්න එපා.
    :angry::angry:

    මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා මෙහෙයවන පංතියට එන්න කියනවා.


    මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ගැන. මේ ගැන මිනිහටත් ආස හිතිලා. මට දවසක් කිව්වා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒත් වැඩ වැඩි නිසාම මටත් ඕක එහෙමම අමතක වෙලා ගියා. ඔන්න මිනිහා මොකක්ද සයිට් එකකින් දැකලා ෆොරෙක්ස් සිංහලෙන් උගන්නන පංතියක් ගැන. ඉතින් පොර ඕකට ගිහින් රුපියල් 5000 ක් දීලා.


    පුදුමේ කියන්නේ මේ Class එක කරපු එකා උදේ 8 ට පටන් අරන් හවස 5 වෙනකොට ෆොරෙක්ස් A to Z කියලා දීලා. මටත් මේ ගැන ඉගෙන ගන්න මාස 9 වගේ ගියා. තාමත් ගොඩක් Strategy ගැන දන්නෙත් නෑ. ඒත් මගේ යාලුවා කියනවා ඌ ගින්දර වගේ හැම දේම දවසින් කියලා දුන්නලු. මං ඇහුවා මොනාද කියලා දුන්නේ කියලා. මිනිහා කියපුවා අහලා මට බඩ අල්ලගෙන හිනා.


    මිනිහා කියනවා පොඩි Lecture එකක් දීලා උන්ව ඊටාරා කියලා (eToro කියන එකට තමයි මූ ඊටාරා කියන්නෙ) සයිට් එකක රෙජිස්ටර් කරාලු. ඒ සර් Forex ගැන Expert කෙනෙක් නිසා ඒ සර්ට පුලුවන් උනාලු මුන් ටිකට $10,000 වටින Account හදලා දෙන්න. (මේ කියන්නේ Demo Account එක ..:: හික්ස් ::..) ඔන්න ඊට පස්සේ මුන්ට Trade කරන හැටි කියලා දීලා. මුලින්ම Demo එකෙන් Buy Trade එකක් දාන්න කියලා. ඒ ගමන්ම Sell Trade එකකුත් දාන්න කියලා. ඔන්න දැන් Buy Trade එක Profit වෙනකොට ඒක Close කරනවා. එතකොට Sell Trade එක Loss නේ. තව ටිකකින් Sell Trade එක Profit උන ගමන් ඒක Close කරනවා. (ඔය කියලා දීලා තියෙන්නේ Hedging Technique එක ගැන) ඔන්න පැයකින් විතර කට්ටියටම $100 වගේ Profit ලු. ඔන්න ඔයාල ඉගෙන ගත්තා Forex වල Trade කරන හැටි. දැන් ඔයාලට පුලුවන් සල්ලි දාල කරලා පැයෙන් ලොකු ගානක් හොයන්න කිව්වලු. තව අන්තිමට මෙහෙමත් කියලා. Forex is so Simple and Profitable කිව්වලු. ඔන්න ඔහොමයි Forex ගැන මගේ යාලුවා A to Z ඉගෙන ගෙන තියෙන්නේ.


    මේ වගේ හොර පංතිවලට ගිහින් රු.5000 ඒවා කොයි තරම් නැති කරගත්ත කට්ටිය ඇතිද? අනික දැන් ෆොරෙක්ස් දන්නවා කියලා හිතාගෙන ඇත්තට සල්ලි දාලා ඒවා නැතිකරගත්ත අයත් කොච්චර ඇතිද?මං මේ ළඟදි දැක්කා එක Blog එකක්. ඒක කරන කෙනා නියමෙටම කියලා දෙනවා. ඒත් මට ඒ සයිට් එක Bookmark කරගන්න බැරි උනා. ඒ බ්ලොග් එක නම් අලුත් අයට ගොඩක් වටිනවා.

    අපේ ප්‍රශ්න වලට ඉක්මනින්ම පිලිතුරු ලබාගන්න පුලුවන් හැමෝම එක තැනකට එකතු උනොත්. මේ හැම දෙයක්ම නිකන් කියලා දෙන්න පුලුවන් සයිට් එකක් මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් හදලා. ඒක Forex Forum එකක්. ඕන කෙනෙක්ට Register වෙලා ඒකෙ කට්ටියට උදව් කරන්න මෙන්ම උදව් ගන්නත් පුලුවන්. අනන් මනන් කතා නෑ. Forex ගැනම විතරයි. කැමති අය සෙට් වෙලා තමන්ගෙ ප්‍රශ්න දාන්න. පුලුවන් විදිහට අපි උදව් කරගමු. මෙන්න මේකයි ඒ Forum එක.


    Name : Sri Lankan Forex Talk
    Link : http://www.forextalk.smfnew.com


    ළඟදිම මාත් මේ Forum එකේ Moderator කෙනෙක් වෙනවලු.
    ..:: හික්ස් ::..

    ගත්තෙ මෙතනින්
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පත්තරේ දැක්කා කෑගල්ලේ උගන්නන්න 10 000 ක් ගන්නවලු.. අහුවෙන්න එපා
     

    flogger1

    Member
    Jan 1, 2012
    27
    1
    0
    bump

    ____________________
    All things are difficult before they are easy.
    vmware-grin.gif
    vmware-wink.gif