අවසන් පණිවිඩය...

nwnbs

Member
අවසන් පණිවිඩය...

එදා ඔයාව බස් එකට ඇරලවලා
ඔයාගෙන් සමු අරන් ආවේ
ආයිත් ඔයාව දකින
ඔයාගේ හුරතල් කතා අහන
බලාපොරොත්තු ගොඩක්
හිතේ පුරවගෙන...
ඒත්...ගෙදර ගිය ඔයා අයිත් ආවේ නෑ
මට කතාකරා...දුරකථනයෙන්...
"මං ආයිත් එන්නෑ...මාව අමතක කරන්න..."
තවත් දිගට ගොඩාක් දේවල් කිව්ව
මම සද්ද නැතුව හිටියා
මට මුකුත් කියන්න
ඔයා ඉඩ දුන්නෑ...
තේරුනේ මෙච්චරයි...
ඔයා ඔයාගේ අම්ම තාත්තට
ගොඩක් ආදරෙයි කියන එක විතරයි...
ඉතින් මම නිහඬ උනා...
කුළුගෙඩි දාහකින්වත් කඩන්න බැරි තරමට
හිත ගල් කරගත්ත...
ඔයාව මම නිදහස් කරේ නෑ
කවදාවත් බැඳීම් වලින් ඔයාව
බැඳල තියාගත්තෙ නැති හින්දා...
ඉතින් අපි වෙන්වුනා...හැමදාටම...
කවදාවත් දැකගන්නවත් බැරි තරමටම...
ඒත් ඔයා ගැන තිබුන
ඒ ආදරය
ඒ ගෞරවය
වෙනදාටත් වඩා වැඩියෙන් දැනුනා...
ඒ...ඔයාගෙ අම්ම තාත්තා
ඔයාල වෙනුවෙන් කරපු කැපවීම්
මම දන්න හින්දා...
ඔයාල හැමෝටම
තෙරුවන් සරණයි...!!!

(කවියක් හෝ නිසදැසක් නොවන බව කරුණාවෙන් සලකන්න...)
 
Last edited:

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හරිම දුක කථාවක්.. කියවනකොට හිතට දැනෙනව
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    [FONT=&quot]ආදරයේ[/FONT] [FONT=&quot]ප්‍ර‍වි‍ශ්‍ට‍ය‍ [/FONT][FONT=&quot]හා[/FONT] [FONT=&quot]සමුගැන්ම[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]රදවා[/FONT] [FONT=&quot]තිබෙන්නෙ[/FONT] [FONT=&quot]සිතල[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]කඳූලු[/FONT] [FONT=&quot]කැටත්[/FONT]...[FONT=&quot]හිරිවට්ටා[/FONT] [FONT=&quot]නවතා[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]සිනහවත්[/FONT] [FONT=&quot]පමනි[/FONT]...

    සං‍වේ‍දී‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..අ‍පු‍රු‍ව‍ට‍ ලි‍ය‍ල‍ ති‍යෙ‍නවා‍..

    ම‍ල්‍ලි‍ට ජ‍ය‍!!
    [FONT=&quot][/FONT]
     
    nwnbs

    Member
    me storye end 1ka ne... storye mula edan thibba num thawath hodai kiyala hithenawa... me announcement 1ka denne EK 1k kata harida?? anywyz u'v gt nice talent :D
    මුල ටික වෙන දවසක ලියන්නම්...ස්තුතියි අදහස් වලට...
    අනේ නෑ..එළකිරි එකේ කාටවත් නෙමෙයි...
     
    nwnbs

    Member
    [FONT=&quot]ආදරයේ[/FONT] [FONT=&quot]ප්‍ර‍වි‍ශ්‍ට‍ය‍ [/FONT][FONT=&quot]හා[/FONT] [FONT=&quot]සමුගැන්ම[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]රදවා[/FONT] [FONT=&quot]තිබෙන්නෙ[/FONT] [FONT=&quot]සිතල[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]කඳූලු[/FONT] [FONT=&quot]කැටත්[/FONT]...[FONT=&quot]හිරිවට්ටා[/FONT] [FONT=&quot]නවතා[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]සිනහවත්[/FONT] [FONT=&quot]පමනි[/FONT]...

    සං‍වේ‍දී‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..අ‍පු‍රු‍ව‍ට‍ ලි‍ය‍ල‍ ති‍යෙ‍නවා‍..

    ම‍ල්‍ලි‍ට ජ‍ය‍!!
    ඇත්ත අයියේ...
    සීතල කඳුලු කැටත්...හිරිවට්ටා නවතා ඇති සිනාවත්...ගොඩක් ලස්සනයි...
    ස්තුතියි ගොඩක්...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හු‍ග‍ක්‍ බ‍හු‍ල‍ව‍ නි‍ර්‍මා‍ණ‍ ව්‍ල‍ට‍ පා‍ද‍ක‍ වෙ‍න‍ සි‍දු‍වී‍ම‍ක්‍ දි‍හා‍ වෙ‍න‍ස්‍ ව‍ බ‍ල‍පු‍ නි‍ර්මා‍න‍ය‍ක්‍..ල‍ස්‍ස‍න‍යි‍