අහස පුරා කළු වලාවකින්..
හිරු සැගවී යන සැන්දෑව පුරා....
බොදවී ගිය එක් පැතුමක් අද්දර...
සිත තනිවී ඇත මටත් හොරා....
තුටින් ගෙවී ගිය සොදුරු නිමේශෙක..
සුපසන් හැගුමන් දෝත දරා....
වරක් නොවේ තව දහස් වරක් මං..
හඩා වැටෙන්නෙමි භවය පුරා.....
හිස් අහසක් වූ පාළු හිතක් මත..
පාට තවරමින් ආල නුරා...
තුන් වසරක් තුල දේදුනු පාටින්...
සිත්තම් කෙරුවේ මටත් හොරා...
පාළු මැකෙන්නට ආල හැගුම් මත..
සීත හැදුමල් වැහි තවරා.....
කෝලකමින් ජීවිතේ පිරෙව්වේ...
ඔබමයි මා දුටු සුපෙම්බරා.....
එක්ව බැදෙමු අපි... අපේම වෙමු අපි..
ඔබමයි කොදුරා මට කීවේ...
එකම හිතෙන් අපි... එකට මැරෙමු අපි....
සසර පුරා දිවි මාලාවේ....
නොදුටුව දවසක හමුවී සැනසෙමු..
හිරු බැස ගෙවෙනා හෝරාවේ....
නෙත් වෙහෙසූවෙමි සිතට මුලාවී...
අනේ තවත් ඔබ නෑ ආවේ...
ඉරත් අහසෙ නැති.. සදත් අහසෙ නැති...
ආත්මයක් නැති මගේ ලොවේ...
ඈත්වෙලා මා දුරින් හිදින්නම්..
ඔබ නොපෙනී යන තුරා භවේ...
ලොවම සිනාසේ අවමන් කරමින්....
පිළිතුරු නැත මගෙ අතීතයේ.....
මමවත් නොදනිමි සුහදේ තවමත්..
කෙලෙසද ඔබ වෙන්වෙලා ගියේ..
නිදා නොනිදමින් පෙමින් වෙලී අප..
ගෙවා දැමූ ඒ අතීතයේ...
ඔබ මට තෙපලූ වදනක් පාසා...
තවමත් නෑ අමතකව ගියේ....
පැතුම් කප්පරක් තුරුළු කරන් මං...
ඔබේ නමින් බැදි ආදරයේ...
අවසන් පස් මිට මෙලෙස දමන්නම්...
සදහට වැලලී වියෝගයේ.....
(මිතුරියකගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි )
හිරු සැගවී යන සැන්දෑව පුරා....
බොදවී ගිය එක් පැතුමක් අද්දර...
සිත තනිවී ඇත මටත් හොරා....
තුටින් ගෙවී ගිය සොදුරු නිමේශෙක..
සුපසන් හැගුමන් දෝත දරා....
වරක් නොවේ තව දහස් වරක් මං..
හඩා වැටෙන්නෙමි භවය පුරා.....
හිස් අහසක් වූ පාළු හිතක් මත..
පාට තවරමින් ආල නුරා...
තුන් වසරක් තුල දේදුනු පාටින්...
සිත්තම් කෙරුවේ මටත් හොරා...
පාළු මැකෙන්නට ආල හැගුම් මත..
සීත හැදුමල් වැහි තවරා.....
කෝලකමින් ජීවිතේ පිරෙව්වේ...
ඔබමයි මා දුටු සුපෙම්බරා.....
එක්ව බැදෙමු අපි... අපේම වෙමු අපි..
ඔබමයි කොදුරා මට කීවේ...
එකම හිතෙන් අපි... එකට මැරෙමු අපි....
සසර පුරා දිවි මාලාවේ....
නොදුටුව දවසක හමුවී සැනසෙමු..
හිරු බැස ගෙවෙනා හෝරාවේ....
නෙත් වෙහෙසූවෙමි සිතට මුලාවී...
අනේ තවත් ඔබ නෑ ආවේ...
ඉරත් අහසෙ නැති.. සදත් අහසෙ නැති...
ආත්මයක් නැති මගේ ලොවේ...
ඈත්වෙලා මා දුරින් හිදින්නම්..
ඔබ නොපෙනී යන තුරා භවේ...
ලොවම සිනාසේ අවමන් කරමින්....
පිළිතුරු නැත මගෙ අතීතයේ.....
මමවත් නොදනිමි සුහදේ තවමත්..
කෙලෙසද ඔබ වෙන්වෙලා ගියේ..
නිදා නොනිදමින් පෙමින් වෙලී අප..
ගෙවා දැමූ ඒ අතීතයේ...
ඔබ මට තෙපලූ වදනක් පාසා...
තවමත් නෑ අමතකව ගියේ....
පැතුම් කප්පරක් තුරුළු කරන් මං...
ඔබේ නමින් බැදි ආදරයේ...
අවසන් පස් මිට මෙලෙස දමන්නම්...
සදහට වැලලී වියෝගයේ.....
(මිතුරියකගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි )
Last edited:




