අවසාන රාත්‍රී භෝජනය ( The Last Supper )

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අවසාන රාත්‍රී භෝජනය ( The Last Supper )

    මෙය 15 වන සියවස අවසානයේ පමණ "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි. ඩාවින්චි විසින් සිතුවම 1495 දී ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ.

    මෙමගින් යෙසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග අවසාන රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරු දිනකදීම පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොත නිරූපණය වෙතැයි සැලකේ. මෙවිට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් සිතුවමෙන් අපූරුවට ඉස්මතු කර ඇත.

    19 වන සියවස තෙක් සිතුවමේ යේසුස් වහන්සේට අමතරව ගෝලයන්ගෙන් පැහැදිලිව හදුනාගෙන තිබුනේ Judas, Peter, John යන අය පමණි. පසුව හමුවූ අත්පිට පතකට අනුව (The Notebooks of Leonardo da Vinci) ඔවුන් වෙන වෙනම හදුනා ගත හැකිවිය. වම් පැත්තේ සිට තුන් දෙනා බැගින් වූ කාණ්ඩ හතරකට ඔවුන් දක්වා ඇත.



    පලමු කාණ්ඩය - Bartholomew, James සහ Andrew
    මොවුන් සියලු දෙනාම පුදුමයට පත් වී සිටී.

    දෙවන කාණ්ඩය - Judas, Peter සහ John
    මොවුන් අතරින් පාවා දෙන්නා වූ Judas ගේ රුව අන් අයට වඩා අදුරු වන ලෙස චිත්‍රයට නගා ඇත. තමාගේ රහසිගත සැලසුම නොසිතූ ලෙස හෙලිවීම ගැන ඔහු විමතියට පත් වූ බවක් නිරූපණය වේ. ඔහු අත වැදී මේසය මත වූ ලුණු භාජනය පෙරලීම ද එබව සංකේත කිරීමක් ලෙස සැලකේ. ඔහු අත ගුලිකර සිටින කුඩා පසුම්බිය මගින් පවාදීම සදහා ඔහුට ලැබුන මුදල හෝ යෙසුස් වහන්සේ ගේ ගෝලයන් අතරින් ඔහුට හිමිවූ භාණ්ඩාගාරික තනතුර නිරූපණය කෙරේ. Peter මහත් කෝපයට පත්ව ඇති බවක් පෙන්නුම් කරන අතර ළබාලම ගෝලයා වූ John ක්ලාන්තවන ආකාරයක් පෙන්නුම් කරයි.

    තෙවන කාණ්ඩය - Thomas, James සහ Philip
    Thomas මහත් කනගාටුවට පත් බවකුත්, James කම්පනයට පත් බවකුත් පෙන්නුම් කරයි. ඒ අතර Philip යම් කිසි විමසීමක් කරන බවක් පෙන්නුම් කරයි.

    හතරවන කාණ්ඩය - Matthew, Thaddeus සහ Simon
    Matthew සහ Thaddeus, Simon දෙසට නැඹුරුව යමක් විමසන බවක් නිරූපනයවේ.

    අද වනවිට මුල් චිත්‍රයෙන් ඉතිරිව ඇත්තේ ඉතා කුඩා කොටසකි. අනෙක් සියලු තැන් විවිධ කාලවල ප්‍රතිසංස්කරණය කරන ලදි.

    Email ThisBlogThis!Share to TwitterShare to Facebook