අවහිර කොට ඇති වෙබ් අඩවි දෙක
ආණ්ඩුවට හොඳට ම හැති වැටී ඇති බව පේනේ. එන්න එන්න ම වැඩිවන ජනතා අප්‍රසාදය හේතු කොට ගෙන මීට පෙර අනියම් ලෙස කළ මාධ්‍ය මර්දනය මේ වන විට එළිපිට ම කිරීමට පටන් ගෙන ඇත්තේ මෙනිසා ය. ඒ අනුව, Lankacnews පුවත් අඩවියට පිවිසීමේ දී ඊයේ හා පෙරේදා දිනයේ ද අද උදෑසන ද දැඩි බාධා එල්ල වෙමින් තිබූ බව අපට නිරීක්‍ෂණය විය. තව ද ඉතා ජනප්‍රිය වෙබ් අවකාශයක් වූ lankanewsweb.today ද ලංකාව තුළ සම්පූර්ණයෙන් ම තහනම් කොට ඇත. විශේෂය වන්නේ මෙසේ අවහිර කොට ඇති වෙබ් අඩවි දෙක ම වික්‍රමසිංහ-සිරිසේන ආණ්ඩුවේ දේශපාලන මතයට එරෙහි මතයක තිබෙන ඒවා වීමයි. මීට පෙර, අගමැති වික්‍රමසිංහ විසින් පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් නමින් ම අමතා තර්ජනය කළ අතර පසුගිය දා සිරිසේන ජනපතිවරයා ද ජන මාධ්‍යයට දෝෂාරෝපණය කළේ ඒවා ආණඩුවේ මතය සමග සමගාමී නොවන බව පවසමිනි.
මේ අතර, පසුගිය රජය සමයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් වූ යම් සිදුවීම් ගැන නිරන්තර ප්‍රකාශ හා විරෝධතා සිදුකළ මාධ්‍ය සංවිධාන කිසිවක් වත්මන් රජයේ ඉහත ක්‍රියාවලට එරෙහි ව හඬක් නොනැගීම සිත්ගන්නාසුළු නිරීක්‍ෂණකි. මේවා ගැන ඔවුන් නොදැන සිටිතැයි සිතිය නොහැකි අතර ඒවා අරබයා ආණ්ඩුව විවේචනය කිරීම හරහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලනයට වාසි සැලසෙතැයි යන විස්වාසය නිසා නිහඬ ව සිටිනු පෙනේ. කෙසේ වෙතත්, මෙම නිහඬතාව ස්වයංඝාතක බව ඔවුන්ට නොවැටහීම විපක්‍ෂයට වාසිදායක ය.
By Mahinda Pathirana