අවිද්‍යාවෙන් දුකට

hpalpola

Well-known member
  • අවිද්‍යාව නිසා සක්කාය දිට්ඨිය නැත්නම් අත්ත දිට්ඨිය ඇති වේ. සක්කාය දිට්ඨිය නැත්නම් අත්ත දිට්ඨිය නිසා අල්ලා ගැනීම ඇති වේ.

    මම, මගේ, අපි, අපේ නිතර මිනිසුන් භාවිතා කරන පද වේ. මේ පද සියල්ලම පුරුදු වී භාවිතා නොකරන අතර නිසඟයෙන් ම භාවිතා කරන පද ය. මේ පද වලින් ගම්‍ය කරන්නා වූ එක් අර්ථයක් වන්නේ තමා යන්නයි. තමා නැත්නම් අත්ත බුදු දහමේ දී ආකාර දෙකකට යෙදේ. එකක් සම්මා දිට්ඨියට ය. එකක් මිථ්‍යා දිට්ඨියට ය. තමුන්ට තමුන් පහනක් වන්නයැයි බුදුරජාණන්වහන්සේ දේශනා කල සේක. සරලවම මේ කියන්නේ අප්‍රමාද වී නිවන් දකින්නය යන්නය. මේ සඳහාත් පුද්ගලයෙක් සිටිය යුතු වේ. හිත දරා ගෙන සිටීමට ශරීරයක් අවශ්‍ය වේ. අනෙක් අතට මිථ්‍යා දිට්ඨිය තුලදී ද හිත සහ කය තිබේ. නමුත් එහිදී හිතට වඩා මුල් තැන දෙන්නේ කයට ය. සරලවම ගත්විට හිත මෙහිදී අමතක වී යයි. සම්මා දිට්ඨිය තුලදී හිත ඇත්තේ පාලිත අවදියක ය. මිථ්‍යා දිට්ඨිය තුලදී හිත ඇත්තේ පාලක අවදියක ය. සංසාර ගමනේ දී හිත වැඩිපුරම රඟපාන්නේ පාලක චරිතයයි. ඒ චරිතය සසර පුරා ගමන් කරයි. අදත් ඒක මගේ, ඒක අපේ කියමින් රැගෙන යන්නේ ඒ චරිතයම ය. මේ චරිතය මාරු කරන තෙක් සසර ගමන නතරවීමක් නැත.
    ------ Post added on Dec 26, 2024 at 5:29 PM