අවිද්‍යාව හරිම ප්‍රභලයි. බුද්ධ ධර්මයට අනුව සංසාරය පුරා එකතු කරන් ආපු අවිද්‍යාවක් මිනිස්සු ඇතුලෙ තියෙනවා. ඒ අවිද්‍යාව එක පාරින් විද්‍යාවට හරවන්න බැහැ. ක්‍රමික මාර්ගයක් අනුගමනය කිරීමෙන් පමණයි සිදු කළ හැක්කේ. බුදුරජාණන්වහන්සේ, ධර්මය, ශ්‍රාවක සංඝයාවහන්සේලාට පුළුවන් ඒ මාර්ගය පෙන්වලා දෙන්න. අනුගමනය කිරීම හෝ නොකිරීම තමුන්ගේ කාර්යයක්. අවිද්‍යාවේ ස්වභාවය වෙන්නේ දුකට පත් කිරීම. සැපයි සතුටුයි කියලා ගන්න දේවල තියෙන දුක් සහිත බව අවිද්‍යාවෙන් වහලා දානවා. ඒක විද්‍යාමානයි. පුංචි නිදසුනක් කියන්නම්. දරුවො ඉන්න දෙමව්පියො මේක අත්විඳලා ඇති. පුංචි දරුවො හුඟක් වෙලාවට ඇඟේම තමයි මළ මුත්‍රා කර ගන්නේ. ඒ දරුවන්ගෙ දෙමව්පියන්ට මේ මළ මුත්‍රා කර ගත්තා කියලා දරුවව අප්‍රසන්න වෙන්නෙවත් මළ මුත්‍රා අප්‍රසන්න වෙන්නෙවත් නැහැ. එයාලා හරි ආදරෙන් ඒවා අස් කරලා දරුව පිරිසිදු කරනවා. ඔය දෙමව්පියන්ට ම තව කෙනෙක්ගෙ මළ මුත්‍ර ඒ විදියට පිරිසිදු කරන්න කියලා බලන්න. ලඟට යද්දිත් අප්‍රසන්නයි, පිළිකුල්. මේ වෙනස හදන්නේ මළ මුත්‍ර වලින්වත් නහයෙන් වත් සුවඳෙන්වත් නෙමෙයි. හිතෙන්. හිතේ ඒ තත්ත්වය ඇති කරන්නෙ අර කලින් කිව්ව අවිද්‍යාවෙන්. මළ මුත්‍ර කාගෙවුනත් එකයි. හැබැයි දරුවගෙ එක පිළිකුල් නැහැ, අනෙක් අයගෙ එක පිළිකුල්. දරුවන් කෙරේ ඇති වෙන බැඳීම නිසා පිළිකුල අප්‍රසන්නබව දැනෙන්නෙ නැහැ. අප්‍රසන්න හැඟීම් කියන්නෙ දුකක්නෙ. හැබැයි ඒ දුක, අර බැඳීම නිසා දැනෙන්නෙ නැහැ. අවිද්‍යාවේ හැටි. මේ නිසා තමයි අවිජ්ජා සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරන්නේ.
“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවේ. මෙසේ මේ තනිකර දුක් සමූහයාගේ පහළවීම ඇතිවේ.”