අවි අතට ගන්න සිදු වේවි

උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදු වේවි – විග්නේශ්වරන්
‘උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අවශ්‍ය බලතල ලබා දීම ප්‍රතික්‍ෂේප කළහොත් යළිත් අවි අතට ගන්නා තත්ත්වයක් සිදුවිය හැකි’ යැයි දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැතිධුර අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් යාපනයේ දී ප්‍රකාශ කළේය.
විග්නේෂ්වරන් මේ බැව් ප්‍රකාශ කළේ ඉලංගෙයි තමිලරසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තම ජනතාවට අනවශ්‍ය හමුදාවක් උතුරේ සිටිමින් ජනයාව පාලනය කරන්න ඉඩදීමට නොහැකි බවත්, ජනතා බලය ලැබුණෙහොත් හමුදාව උතුරෙන් ඉවත් කරන බවත් විග්නේෂ්වරන් සඳහන් කළේ ය.
පළාත් සභා පනතට අනුව මධ්‍යම රජය පළාත් සභාවලට අවශ්‍ය අරමුදල් සැපයිය යුතුයි. එසේ තිබියදී අරමුදල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම නීති විරෝධීයි. එසේ කළහොත් අප ඒ බව ජාත්‍යන්තරයට දැනුම් දෙනවා.
යුද්ධය අවසන් වී සිව් වසරක්ම හමුදාව උතුරේ සිටීම අනුමත කළ නොහැකි බවත්, ඒ හමුදාව මේ පළාත් සභා ජයග්‍රහණයෙන් පසු උතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් විග්නේෂ්වරන් කියා සිටියේ ය.
- මූලාශ්‍රය: රිවිර පුවත්පත.