අවුරුදු විසි ගණන් වෙලත් කෙල්ලෙක් නැතිව ල&#3501

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අවුරුදු විසි ගණන් වෙලත් කෙල්ලෙක් නැතිව ල&#3501

    අවුරුදු විසි ගණන් වෙලත් කෙල්ලෙක් නැතිව ලතැවෙන කොල්ලන් වෙනුවෙනුයි මේ අගනා ලිපිය

    හැමදාමත් කෝඩේ ගහලා, “කෙල්ලෙක් නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ” කියලා ෆේස්බුක් එකේ පොස්ට් ශෙයා කර කර ඉන්න අයට තමන්ට කැමති කෙල්ලව සෙට් කරගන්න උදව් වෙන මල් මසුරං පොයින්ට්ස් ටිකක් මේ විදියට කියන්න අපි තීරණේ කළා ආයිබෝවන්ඩ..!

    1. සබකෝලේ එපා

    Finding-Love-in-Your-20s-aniwa-01-1.jpg
    Source – southmp3.co

    වෙන කෙනෙක් නම් ඔයාට ඕනේ වෙන්නේ කෙල්ලෙක් නෙවෙයි මනෝවෛද්‍ය ප්‍රතිකාරයක්. කෙල්ලෝ හරි කැමතියි කොල්ලෙක් තමන්ගෙන් දෙයක් කෙලින් අහනවට. ඉතින් අන්න ඒක නිසා යාළුවො තෝල්ක කමට අරගෙන ඒ අය හරහා යන්නේ නැතුව ලස්සනට බොහොම සැහැල්ලුවෙන් තමන් කැමති ගැහැණු දැරිවි ගාවට ගිහින් රිලැක්ස් එකේ කතා කරන්නයි තියෙන්නේ.

    2. සමාජශීලී ජීවිතයක් ගත කරන්න

    Finding-Love-in-Your-20s-aniwa-02-1.jpg
    Source – bharatstudent.com

    දැන් කොයි වෙලෙත් ගෙදරට වැදිලා පොත් පත් බදාගෙන, ගේම්ස් ගගහා හිටියාම කෙල්ලෝ අපිව හොයන් ගෙවල් වලට එනවද? නෑනෙ බොස්. ඒ නිසා ඒකට පොඩ්ඩක් එළියට බැහැලා ගේමෙ ඉන්න ඕනෙ. ඒ කිවුවෙ ක්ලබ් බහින්න කියල නෙමෙයි. යාලුවෝ ටිකක් ආශ්‍රය කරලා, ගමනක් බිමනක් ගිහිල්ලා, කෙල්ලෙක් දෙන්නෙක් සෙට් වෙන්න පුලුවන් තැනක දෙකක ගැවසිලා බලන්න කියන එකයි. අන්තර්ජාලය කියන්නෙත් ඒ විදිහෙ ඇක්ටිව් වෙන්න, සමාජශීලී වෙන්න පුලුවන් තැනක් තමයි. හැබැයි ඉතින් ඉන් එපිට ලෝකයේදි මේ හමුවීම් සිද්ධ වෙන එක තමයි වඩාත්ම සාර්ථක.





    3. ගෞරවය දෙන්න

    Finding-Love-in-Your-20s-aniwa-03-1.jpg
    Source – hotmoviephotos.blogspot.com

    කෙල්ලෝ ඉස්සරහට ගිහින් දෙපැත්ත කැපෙන වචන කුණුහරුප කියනකොට ඒ අය ඔයාව හරි ඉහලින් පිළිගනියි කියලා හිතනවා නම් ඔයාට වැරදිලා මහත්තයෝ. ගැහැණු දරුවෝ කැමති නැහැ කවදාවත් එයා කැමති පිරිමි ළමයා කුණුහරුප කියනවට. කොල්ලෝ කොල්ලෝ සෙට් වුනාම ඉතින් ඔය කතන්දර කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් මේ කියන්නේ එහෙම එව්වා ගැන නෙවෙයි. ඒ නිසා එයාලට දෙන්න ඕනේ සම්පුර්ණ ගෞරවේ දීලා කතා කරන්න උත්සහ ගන්න.
    මේ වැඩේ කරන්න ඕනෙ වචනයෙන් විතරක් නොවෙයි, ඔයාගේ හැසිරීමෙන් වුනත් ඒ බව පෙන්වන්න පුළුවන්.

    4. පිළිවෙලකට ජීවත් වෙන්න

    Finding-Love-in-Your-20s-aniwa-04-1.jpg
    Source – sivakarthikeyansource.blogspot.com

    කෙනෙක්ව ආකර්ශනය වෙන්න ගතිගුණ විතරක් මදි. පෙනුම සහ හැසිරීමත් අනිවා බලපානව. පෙනුම කිවුවම් ඉතින් අපි හැමෝම නලුවො වගේ රූප සම්පත්තියක් උරුම කරන් උපදින්නෙ නැහැනෙ. ඒ නිසා අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි පිළිවෙල සහ පිරිසිදුකම රැකගෙන ජීවත් වෙන එක. එන එන අලුත් ස්ටයිල් පස්සෙ නොගියත් තමන්ට ගැලපෙන හෙයා ස්ටයිල් එකක් දාල, ගැලපෙන පිරිසිදු ඇඳුමක් ඇඳලා, ප්‍රසන්න පෙනුමක් සහිතව ඉන්න එක අනිවා කල යුතු වැඩක්.

    5. අවධානය සහ කැමැත්ත හඟවන්න

    Finding-Love-in-Your-20s-aniwa-05-1.jpg
    Source – inboxdb.com

    හිතගිය කෙල්ලෙක් ඉන්නවනම්, එයත් එක්ක මිතුරුකමක් ඇතිකරගන්නත් පුලුවන් උනානම් ඊළඟට තියෙන්නෙ මේක තව ස්ටෙප් එකක් ඉස්සරහට ගෙනියන්නයි. නැත්නම් ඉතින් දවසින් දවස කැමැත්ත හිතේ හංගන් ඉඳලා අන්තිමේදි කෙල්ලව වෙන කොල්ලෙක් ඩැහැගත්තම හූල්ලන්නයි වෙන්නෙ. එහෙම විපත්තියක් නොවෙන්න නම් ඉතින් ඇය කෙරෙහි ඔයාගෙ විශේෂ කැමැත්තක් තියෙන බව අඟවන්න ඕනෙ. නිකන් පැණි හලන පොරක් වගේ නොපෙනී ෂේප් එකේ මේ ගේම ගොඩදාගන්න ඔයාට පුලුවන් වෙන්න ඕනෙ. එයා කැමති දේවල් ගැන සොයා බලල තේරුම් ගන්න එක, ඒ දේවල් මතක තියාගෙන ඇයටත් නොදැනෙන්න එයාව සතුටට පත් කරන එක, අනිත් අයට වඩා විශේෂ තැනක් ඔයාගෙ ජීවිතේ ඇතුලෙ එයාට හිමි වෙනව කියල හීන් සීරුවේ දැනෙන්න අරින එක එහෙම කරන්න. ඊට පස්සෙ ඉතින් හිමින් සැරේ ඩේට් අවුට් එකක් එහෙම ප්ලෑන් කරල අපි මෙන්න මේ කියල තියන විදිහට තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න උනත් පුළුවන්.

    6. හිත යන්නේ හොඳම යෙහෙළියටද? එහෙනම් පරිස්සමින් බ්‍රෝ!

    Finding-Love-in-Your-20s-aniwa-06-1.jpg
    Source – complex.com

    මේ සීන් එක 50/50 චාන්ස් තියෙන වැඩක්. ඒ නිසා පරිස්සමින් අඩිය තියන්න ඕනේ. හිතන්න ඔයාට ඔයාගේ හොඳම යෙහෙළිය ගැන අදහසක් එනවා කියලා. ඔයා ඒක ඒ ආ සැනින්ම ක්‍රියාත්මක කරන එක නුවණට එච්චර හොඳ මදි. අන්න ඒ නිසා ඔයා පොඩ්ඩක් තමන්ගෙන්ම අසා සිටින්න මේ තීරණය ගැන.
    මොකද හොඳම යෙහෙළිය කියන්නේ ඔයා ගැන හොඳින්ම දන්නා තැනැත්තිය. එහෙම කෙනෙක් සමහර විට ඔයා ගැන දැනගන්න අවශ්‍ය නැති තරම් ප්‍රමාණයක් දන්නවා වෙන්න පුළුවන්.
    ඉතින් මෙන්න මේ හේතු උඩ එයාගේ කැමැත්ත ඔයාට ලැබුනොත් බය වෙන්න දෙයක් නැහැ. නමුත් නොලැබුනොත්? ඔයාට අහිමි වෙන්නේ ආදරයයි යාළුකමයි කියන දෙකම තමයි හරිය?

    7. හොඳ සවන් දෙන්නෙක් වෙන්න

    Finding-Love-in-Your-20s-aniwa-07-1.jpg
    Source – youtube.com/Deweni Inima

    මිතුරියක් විදියට එයා ඔයාට යම් දෙයක් කියනවා නම්, ඔයා ඒවා යාලුවොත් එක්ක බෙදාගෙන, ඒ හැඟීම් විහිලුවට ගන්නවා නම් ඔයා හොඳ මිතුරෙක් නෙවෙයි. හොඳ මිතුරෙක් කියන්නේ තමන්ගේ මිතුරිය යමක් සම්බන්ධයෙන් පවසනවා නම් එය ගැන ඔබේ අවංක අදහස කියන, ඇයව ගැටළු වලින් මගහරවන මිතුරෙක්ට.
    එයා ඔයාට යම් දෙයක් කියන්නේ ඔයා ගැන එයාගේ හිතේ තියෙන 100%ක විශ්වාසය නිසා බව මොහොතකටවත් අමතක කරන්න නම් එපා. ඔයා හොඳ සවන් දෙන්නෙක් වගේම විශ්වාසය රකින්නෙක් බව දැනගත්තම ඔයාට ගැටළුවක් වෙන තැනකදී “හිත ගිණි නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද?” කියලා අමුතුවෙන් අසන්නට උවමනා නැතිවේවි.
    1f609.svg


    8. සෝෂල් මීඩියා පෙම්වතෙක් වෙන්න එපා

    Finding-Love-in-Your-20s-aniwa-08-1.jpg
    Source – govtech.com

    කෙල්ලෙක් හිටියත් නැතත් මෙන්න මේ දේ නම් අනිවා මතක තියාගන්න. දෙන්නගේ ෆොටෝ එකක් දෙකක් සෝෂල් මීඩියා වල දැම්මට කමක් නැහැ. හැබැයි මොනම වෙලාවකවත් පුද්ගලික ප්‍රශ්න මැද්දට සෝෂල් මීඩියා කියන දේ අරගෙන එන්න එපා. ඔයා නොහිතන තරම් වේගයෙන් ඔයාට එයාව අහිමි වෙලා යන්නට පුලුවන්. මොකද සෝෂල් මීඩියා වල ඔයාගේ තැන තීරණය වෙන්නේ එකිනෙකා ගැන තියෙන ගෞරවය රැකීම මතයි. ඒ ගෞරවය නැති තැන ඔයාට එයාව අහිමි වෙන්නේ ජීවිත කාලයටම වෙන්න ඉඩකඩ තිබෙනවා.

    9. හැමදේටම යාලුවන්ගෙන් උදව් ඕනේ නැහැ

    Finding-Love-in-Your-20s-aniwa-09-1.jpg
    Source – confusedsandals.com

    තමන් කැමති දැරිවිට හිතේ තියෙන එක කියන්න යාලුවන්ගෙන් උදව් ගන්න කියලා නියමයක් නැහැ. තමන්ට හිතට ෆිට් නම් ඒ කොන්ෆිඩන්ස් එකත් එක්ක දැරිවි එක්ක චැටක් දාලා වැඩේ ගොඩ දාගන්න බැරිවෙන එකකුත් නැහැ. හැබැයි ඔයාගේ මාතලී වැඩේට යාළුවො තියාගන්න යන එක හරි භයානකයි. ලවු එකක් ගොඩ දාගන්න වගේම ලවු එකේදි ඇතිවෙන ප්‍රශ්න විසඳන්නත් යාලුවන්ව ඕනෑවට වඩා යොදාගන්න එක නුවණට හුරු නැහැ. එක පැත්තකින් එහෙම උනාම ඔයා ආත්ම ශක්තියක් නැති දුර්වලයෙක් වගේ පේන්න පුලුවන්. අනික එයාගේ හිත ඇතුලේ ඔයාට වඩා මාතලී ලකුණු දාගත්තොත්? සොරි ඩොට් කොම් තමයි.

    10. සෙල්ලම් කරන්න එපා. රියල් පොරක් වෙන්න

    Finding-Love-in-Your-20s-aniwa-10-1.jpg
    Source – expressaudience.com

    මේක අන්තිමටම කියන්න තියාගත්තේ වඩාත් වැදගත් වෙන පොයින්ට් එක මේක නිසා. ඔයා කොච්චර හොඳ, අනිත් අය ගැන හිතන කොල්ලෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට නොදැනිම ඔයා පෙම්වතෙක් වුනාට පස්සේ මේ ගතිගුණ වෙනස් වෙන්න පුළුවන්. ඒ හැටි.
    හැබැයි එහෙම වුනා කියලා ඔයාව විශ්වාස කරලා ඔයා ගාවට එන ගෑණු ළමයාගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා. කොටින්ම එයා සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඒ නිසා කෙල්ල ඉස්සරහ ජෝක් එකක් වෙන්නේ නැතුව රියල් පොරක් වෙන්න. එයාට ආදරේ දෙන්න. අන්න එතකොටයි ඔයා නියම ජෙන්ට්ල්මන් කෙනෙක් වෙන්නේ.
    :):):)

    copied from aniwa.lk
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මරුසිරා;21773242 said:
    දැන් උබට කෙල්ලෙක් ඉන්නවද ? :)
    නැහැලු
    අනිත් උන්ට උපදෙස් දෙනවා විතරලු :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මොකුත් ඔනෙ නැ..කුඩු කාරයො එක්කත් කෙල්ලො පැනල යනව බන්;)සල්ලි කියක් හරි තියෙනව නම්....ලොල්ම තමා ඉතින්...
     
    Last edited:

    dilbusiness

    Member
    May 27, 2017
    52
    3
    0
    ඔය බයිලා ඕන නැහැ හොඳ රස්සාවක් වාහනයක් ගෙයක් දොරක් තියේනම්. මම වැරැද්දක් නෙවේ කියන්නෙ. කාන්තා පාර්ශවය හැදිල තියෙන්නෙ එහෙමයි. දරුවන් හොඳට සැප සම්පත් දීල ආරක්ෂාව දීල හදන්න පුලුවන් පිරිමිය තමයි තෝරගන්නෙ. අද ලෝකයෙ සල්ලි නැතුව ඒව කරන්න බැහැ.