අවුරුදු වෙනස් වෙලා :(

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    අවුරුදු වෙනස් වෙලා :(

    අද පරණ අවුරුද්ද. පුංචි කාලෙනම්, පරණ අවුරුද්ද දවසට අලුතෙන් අම්ම මහළ දුන්න සරමයි අප්පච්චි ගෙනාපු කමිකුසෙයි ඇදගෙන, බුලත් අතක් අරගෙන ගමේ ඉන්න නෑදැයින්ගෙ - හිතවතුන්ගෙ ගෙදර යනව අක්කයි මමයි. කැවුම් - කොකිස් - ආස්මී - කෙසෙල් ඇති තරම්.

    අද මම තවමත් කොළඹ. අම්මෙ අප්පච්චිට කියන්න මම හෙට ගෙදර එනකොට දවල් වෙයි කියල. කිරිබත් කන්න උම්බලකඩ වැඩිපුර දාපු කට්ට සම්බෝලයක් හදල තියන්න.

    දැන් ගොඩක් වෙනස් වෙලා. අද උදේට රොටී. අම්ම හදන කිරි කෝප්පෙ වෙනුවට, සීනි, කහට, උණු වතුර සංඝටක වෙන් කරන්න පුළුවන් 'කඩේ ටී' එකක්. රතිඤ්ඤා සද්දයක් ඇහෙන මානෙකවත් නෑ. උණ බම්බු හිල් කරල කටේ කෙළ හිදෙනකල් පිබල පිබල පත්තු කරපු උණ වෙඩිලි - පත්තර වල විතරක් පේන්න තියනව. පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් දානකොට සෙල්ලම් ගෙදර 'ලොක්කි' අපේ අක්ක. පුංචි උන්ගෙ දුක්ගන්නාරාළ රාජකාරියත් - සාම නිළධාරී භූමිකාවත් දෙකම කළේ අක්ක.

    අක්ක ගෙදර එන්න තව අවුරුදු තුන හතරක්වත් යයි. අම්මයි අප්පච්චියි බලාගෙන ඉන්නව පුංචි කාලෙ වාගෙම, හැමෝම එකට ඉදගෙන නැකතට කිරිබත් කන්න. ආයෙ දවසක අපිට එහෙම වාඩිවෙන්න පුළුවන් වෙන්නෙ තවත් අවුරුදු ගාණකින්. හැබැයි එදාට, අපේ පවුල හය දෙනෙක් වෙලා. සමරහරවිට ඊටත් වඩා වැඩි වෙයි.

    අම්මෙ, අප්පච්චිටත් කියන්න - නැකැත් වෙලාවට මම On-Air. පහුවදා උදේම ආයෙත් කොළඹ එන්න වෙනව. අක්කයි මමයි නැකතට නෑ කියල, නැකතට අවුරුදු මේසෙ නොහදා ඉන්න එපා.

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    -උපුටා ගැනීමකි-
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මාත් අද වැඩ බන් . තව ටිකකින් යන්න ඕන
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    aioo ban hamadama ekama widihata inna bane ban.minisa diwunu wela tiyenne issarata wada...api thaththala weddi apita auruddak kyanne mokakda kiyala ahala lamyi tikak tama inne..danatath man me year ekata mokuth kerela na ban..andumakwath aran naha..:yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    minissunge tiyena parushathwaya, sanskrutiya dan wenas wela, dan tiyenne hamoomagema weredi hoyannai, anith agam walata bana wedeemai witharai.

    issera kochchara lassanada, eliyata gihin kawum kokis kala enakota.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙදා සැරේ අවුරුද්ද පොඩ්ඩක්වත් දැනුනේ නෑ බං. අවුරුදු කිව්වට මහම මහා හිස් මූසල හැඟීමක් දැනෙන්නේ මට විතරයිද? :(
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    den kale avurudu kiyala ara nokara beri kamata karanawa misak aththatama avurudu tiyenne katada
    :yes::yes::yes:කැම හදන්නෙත් නැ. කඩෙන් ගේනව. අර වටේ ගෙවල් වලට අරන් යන්න ඕන නිසා එකත් ගන්නෙ. නැත්නම් තවත් එක නිවාඩු දවසක් විතරයි