අවුරුදු වෙනස් වෙලා 
අද පරණ අවුරුද්ද. පුංචි කාලෙනම්, පරණ අවුරුද්ද දවසට අලුතෙන් අම්ම මහළ දුන්න සරමයි අප්පච්චි ගෙනාපු කමිකුසෙයි ඇදගෙන, බුලත් අතක් අරගෙන ගමේ ඉන්න නෑදැයින්ගෙ - හිතවතුන්ගෙ ගෙදර යනව අක්කයි මමයි. කැවුම් - කොකිස් - ආස්මී - කෙසෙල් ඇති තරම්.
අද මම තවමත් කොළඹ. අම්මෙ අප්පච්චිට කියන්න මම හෙට ගෙදර එනකොට දවල් වෙයි කියල. කිරිබත් කන්න උම්බලකඩ වැඩිපුර දාපු කට්ට සම්බෝලයක් හදල තියන්න.
දැන් ගොඩක් වෙනස් වෙලා. අද උදේට රොටී. අම්ම හදන කිරි කෝප්පෙ වෙනුවට, සීනි, කහට, උණු වතුර සංඝටක වෙන් කරන්න පුළුවන් 'කඩේ ටී' එකක්. රතිඤ්ඤා සද්දයක් ඇහෙන මානෙකවත් නෑ. උණ බම්බු හිල් කරල කටේ කෙළ හිදෙනකල් පිබල පිබල පත්තු කරපු උණ වෙඩිලි - පත්තර වල විතරක් පේන්න තියනව. පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් දානකොට සෙල්ලම් ගෙදර 'ලොක්කි' අපේ අක්ක. පුංචි උන්ගෙ දුක්ගන්නාරාළ රාජකාරියත් - සාම නිළධාරී භූමිකාවත් දෙකම කළේ අක්ක.
අක්ක ගෙදර එන්න තව අවුරුදු තුන හතරක්වත් යයි. අම්මයි අප්පච්චියි බලාගෙන ඉන්නව පුංචි කාලෙ වාගෙම, හැමෝම එකට ඉදගෙන නැකතට කිරිබත් කන්න. ආයෙ දවසක අපිට එහෙම වාඩිවෙන්න පුළුවන් වෙන්නෙ තවත් අවුරුදු ගාණකින්. හැබැයි එදාට, අපේ පවුල හය දෙනෙක් වෙලා. සමරහරවිට ඊටත් වඩා වැඩි වෙයි.
අම්මෙ, අප්පච්චිටත් කියන්න - නැකැත් වෙලාවට මම On-Air. පහුවදා උදේම ආයෙත් කොළඹ එන්න වෙනව. අක්කයි මමයි නැකතට නෑ කියල, නැකතට අවුරුදු මේසෙ නොහදා ඉන්න එපා.
සුභ අලුත් අවුරුද්දක් වේවා.
-උපුටා ගැනීමකි-