විශ කන්‍යා යෝගය හැදෙන විදි කීපයක් තියනවා.කේන්දරෙන් -
ඔත්තුකාරයො ලවා රටේ ඔය යෝගය තියෙන කෙල්ලො ගැන රජා ඇහැ ගහගෙන ඉන්නවාලු. ඒ අයට රාජ කුමාරියො වගේ සලකලා - වෙන කවුරු හරි රජෙක් ආවාම ඒකට propose කොරනවාලු . ඊට පස්සෙ ඒ රජාට කෙළ වුණාම ඒ රාජ්ජෙත් මේ රජාටලු. කොහොමද ටිකිරි මොළේ !
දොලොස් වෙනි තිථිය ඉරිදා දවසක යෙදිලා ඒදා දවසේ කැති, අස්ලිය,සියාවස නැකතින් ඉපදෙන කාන්තාවත්.
දෙවනි තිථිය අගහාරුවාදා දිනයක යෙදිලා ඒදා සියාවස නැකතින් ඉපදීමත්
හත්වෙනි තිථිය අගහරුවාදට යෙදිලා ඒදා විසා,සියාවස නැකතින් ඉපදීමත්
දෙවනි තිථිය සෙනසුරාදාට වැටිලා ඒදා අස්ලිය නැකතින් ඉපදීමත්
හත්වෙනි තිථිය සෙනසුරාදාවකට යෙදිලා ඒදා කැති නැකතින් ඉපදීමත් තමයි විශ කන්‍යා යෝගය යෙදුනාය කියලා කියන්නේ. ඒ් නැකත් පවතින කාලය ඇතුලත උපදින කාන්තාව විශ කන්‍යාවක් කියලා කියනවා.
නමුත් හත්වැන්නාදිපති හත්වැන්නෙම ඉදලා. ලග්නයේ සදු ඒක්ක සුභ ග්‍රහයෙක් යෝග වීමෙනුත්.
වෘශභ,කන්‍යා,කටක,වෘශ්චික,මකර මීන ලග්නයකින් ඉපදිලා සදු බුද ගුරු සිකුරු ග්‍රහයෝ බලවත් වෙනව නම් ඒ් කාන්තාවගේ විශ කන්‍යා යෝගය භංග වෙනවා ඒ් කියන්නේ ඒ් යෝගය නිශ්ක්‍රීයයි.
උපන් නැකතට අනුව ගොඩක් වෙලාවට කාන්තාවකගේ ලිංගික හැසිරීම. සාමාන්‍ය ස්වභාවය වගේ දේවල් කියන්න පුලුවන්.
(අන්තිමට කියන්න තියෙන්නේ විශ්වාස කරන නොකරන ඒක පුද්ගලික දෙයක්. බලෙන් පටවන්න බෑ කාටවත්. කේන්දර හරියට කාලගුන වාර්ථා වගේ මම නම් හිතන්නේ. හෙට වහිනවා කියලා කීවොත් මට වැස්සට කුඩයක් අරන් යන්නත් පුලුවන්. නැත්තං නොයා ඉන්නත් පුලුවන්. වැස්සේ තෙමෙන්න හරි යන්නත් පුලුුුුුවන්. දැන් විද්‍යාව දියුනු හන්දා. ඔය විවාහ සම්භන්ද ගොඩක් ගැටලු වලට මානසික ප්‍රතිකාර පවා තියනවානේ. කේන්දරේ මේක තියනවා කියලා තියන හොද සම්බන්ධ කම් කඩාගන්නේ නැතිව ඔ්නි දේකට ලෑස්ති වෙලා කරන දෙයක් කලා නම්් හරි.
