මම එක පාරක් මට මතක හැටියට 2004 විතර ලන්කාවට ආපු වෙලාවක කොච්චියේ ගියා පුත්තලම ඉදන් කොලඹට උදේක. උදේ 8ට විතර මගෙ හිතේ මීගමුව හරියෙන් යනකොට ගෙවල් නිකන් කොච්චි පෙට්ටියේ වදින නොවදින ගානට. ක්ලාස් යන කොල්ලො ටික මොකක්ද නොන්ජලයක් කලා කොච්චිය ස්ලො වෙනකොට. ගෙදර හිටපු ගැනි අතේ තිබුන වතුර බකට් එකෙන් ගැහුවෙ නැතැ මුන්ට වතුරා. වෙලාවට මම හිටපු තැන වීදුරුව වහලා. අර කොල්ලො ටික නැවුනා වතුරෙන්.බස් එකේ යනවට වඩා කෝච්චියේ යද්දී ආතල් බන්, මොකද බස් එකේ යද්දී පේන්නේ පාර දෙපැත්තේ කඩවල්, hotels අරව මේවා. ඒත් කෝච්චියේ යද්දී පේන්නේ ගෙවල්වල පිටිපස්සවල්. මුඩුක්කු ගෙවල්වල ජීවිත. එක එක මිනිස්සුන්ගේ සැබෑ ජීවිත ගෙවෙන හැටි.
උදේ පාන්දර යද්දී නම් තව ඒවා පේනවා.![]()









