මටත් හිතුනා මේකට දාන්න කියලා
20 ට කලින්
පොඩි කාලෙ මම ගියේ පොඩි ඉස්කෝලෙකට ඒ කාලෙ ලකුනු අඩු උනත් මම පන්තියෙ පලවෙනියා දෙවනියා, වගේ හැමදාම උනා. ඒ ඉස්කෝලෙ පොඩි නිසා මටත් ලොකු තේරුමක් තිබ්බෙ නැහැ ඒ ඉස්කෝලෙ එහෙම උනාට ලොකු වැඩක් නැහැ කියලා. ඉස්කෝලෙ ගෙදර ලගමයි, ඒක නිසා යාලුවො එක්ක නිතරම හිටියා, සතියට දවස් දෙකක් විතර මොකක් හරි වලියක් ඇදගන්නවා පොඩි කාලෙ.
9 වසරෙදි මම ටිකක් ලොකු ඉස්කෝලෙකට දැම්මා, ඒ අවුරුද්දෙ අන්තිම වාර විබාගෙට ගනන් වලට ලකුනු 24ක් තිබ්බා කියලා මතකයි. ඒකෙන් පස්සෙ මම උනන්දු වෙනවා කියලා හිතලා පාඩම් කරන්න ගත්තා(ඊට කලින් මම කවදාවත් පාඩම් කරලා නෑ), ඒකෙන් මම ගනන් සහ විද්‍යාව දෙක උපරිමේටම ආවා, අනික් සබ්ජෙක්ට් වලට මම ආස නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට මම ඇවරේජ් ඩයල් එකක් වගේ තමයි කාටත් පෙනුනෙ.
OL ගොඩක්ම හොඳට කරගත්තා, OL වලට කලින් තිබ්බ වාර විබාගෙ සෙක්ශන් එකේම පලවෙනියා වෙන්න පුලුවන් උනා.
AL මැත්ස් වලින් කරන්න ගත්තා
AL එකට ඉඳපු ගොඩක් අය AL කරන්න මාතර ගියා මට එහෙම යන්න ලොකුවට සල්ලි තිබ්බෙත් නැහැ ඒක නිසා මම වීක් එන්ඩ් වල ක්ලාස් මාතර ආවා, AL ඉස්කෝලෙ මැත්ස් වලට ටීචර් කෙනක් හිටියෙ නැහැ පිසික්ස් කෙමෙස්ට්‍රි වලට විතරයි හිටිය. මායි තව එකෙකුයි විතරයි මැත්ස් කරේ ඉස්කෝලෙටම ඒ අවුරුදු 17ටද කොහෙද පස්සෙ
අපි සේරම කෙමෙස්ට්‍රි පිසික්ස් ප්‍රැක්ටිකල් එකක් නෑර කරා ලමයි නැති නිසා. දෙවනි අවුරුද්දෙ එක දිගට මාතර නතර වෙලා ක්ලාස් ගියා
ඉස්කෝලෙ කාලෙ වැඩිය උගන්නපු නැති නිසා ෆ්‍රී ටයිම් සෑහෙන තිබ්බා යන යන තැන කෑලි හිටියා,
AL ටිකක් හොඳට පාස් උනා, මම දිස්ත්‍රීක් රෑන්ක් එක 101, මාත් එක්ක ඉඳපු අනිකා 121 උනා.
මම UCSC CS සිලෙක්ට් උනා, මාත් එක්ක ඉඳපු අනෙකාත් Colombo campus ආවා.
20 දි
කැම්පස් එකේ හොඳට ඉගෙන ගත්තා, පුලුවන් හැම එකාටම උදවු කරා. මට ඉංග්‍රීසි ඒ තරම් බෑ කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා මට නොතේරුනු හැම දෙයක්ම කියලා දීපු(love එකක් තිබ්බෙ නෑ ඒකි එක්ක)
කැම්පස් එකේ හොඳම 40 දෙනාට 4th year එකක් කරන්න දෙනවා, මම හිතුවා මම ඒකට අහුවෙයි කියලා, මට කලින් එකා අහු උනා මම අහු උනේ නෑ
කැම්පස් අවුට් වෙනකොටම ඉන්ටන්ශිප් ඉඳපු තැනින් ඔෆර් එකක් ආවා තව දන්න අයියා කෙනෙකුත් ඉන්ටවීවු එකක් සෙට් කරලා ඒකෙ ඔෆර් එක කලින් එකට වඩා 35ක් විතර වැඩියෙන් හම්බුනා ඒකට ගියා. ඒක මගේ ලයිෆ් එකේ turning point එකක් කියන්නත් පුලුවන්
මේ 2011 දි, ජොබ් එක උන් iPhone apps develop කරන්න, ඒ කාලෙ iOS කරන එවුන් ලංකාවටම කීප දෙනෙක් ඉන්න ඇති.
මම පට්ටම ආසාවෙන් ඉගෙනගත්තා, iOS/MacOS internals ගැන එහෙම තනියම මාර විදියට ඉගෙන ගත්තා, ඒකාලෙ ඒ වියදම් කරපු වෙලාව නිසා අද මම පට්ටම සිරා තැනක ඉන්නවා
ඒ කාලෙ සතියට දවස් දෙකක් විතර බිවුවා සිකුරාදට වැටෙන්න ඕන මෙන්න තියනකන් බොනවා. පට්ටම ආතල් ලයිෆ් එකක් ඒ කාලෙ ගෙවුවා,
පස්සෙ ටිකක් බොන සීන් එහම අඩු කරලා හිටියා, ජොබ් දෙක තුනක් මාරු කරා, පට්ටම අඩු වයසින් TL වෙනකන් ජොබ් වල උඩට ගියා
වාහනයක් එහෙම ගත්තා, ඒ කාලෙ පට්ට විදියට කෑලි එහෙම සෙට් උනා. තුන හතර රන් කරපු කාලෙකුත් තිබ්බා.
25න් පස්සෙ
වයිෆ් එහෙම හම්බුනා, කලින් පටම ආතල් එකේ හිටියට ටිකක් සයිලන්ට් වෙලා එහෙම හිටියෙ, කලින් සතියට දෙපාරක් බීපු මම මාසෙට දවසක් විතර සෙට් වෙන්න පුරුදු උනා. මැරි කරා. කලින් TL ඉඳපු ජොබ එක ටිකක් ස්ට්‍රෙස් වැඩියි වගේ හිතුනා. ඒක නිසා ඒක දාල ආපහු ATL ජොබකට ගියා, හැබැයි ලංකාවෙ තියන හොඳම IT කම්පැනියක්, කලින් ජොබට වඩා සැලරියත් ලොකු ගානක් ලැබුනා. දැන් ඒක කරන් ඉන්නවා.
දැන් පොඩි එකෙක් එහෙමත් ඉන්නවා. මගේ ලයිෆ් එක ගැන හැම දෙයක්ම වගේ සැටිස්ෆයිඩ් මම. හැම අතින්ම ගන්න තියන ආතල් එහෙම 20-30ට අතර කාලෙදි ගත්තා. කරන්න බැරි උනු දේවල් දැන් කරනවා.
20 කාලෙදි ගත්තු ඩිසීශන් එහෙම සමහර වැරදි ඒව තියෙන්න පුලුවන් ඒවට දුක් වෙන්නෙ නැහැ, මොකද ඒ කාලෙ මම හිතපු විදිය අද හිතපු විදියට වඩා සිය දහස් ගුනයකින් වෙනස්, සමහරවිට අද ගන්න ඩිසිශන් තව අවුරුදු 10න් බැලුවම මෝඩයි වගේ පේන්න පුලුවන් ඒත් සමහර ඩිසිශන් හරියට ගන්න මැචුරිටි එක තියෙන්න ඕන, ඒක පස්සෙ තේරුනාට දුක් වෙන්න කිසිම හේතුවක් නෙමෙයි කියලා මම හිතන්නෙ.
ඉස්කෝලෙ කාලෙ මම පට්ටම ඇවරේජ් ඩයල් එකක් උනාට දැන් බැලුවම අපේ බැච් එකේ එවුන්ගෙන් හොඳම තැනක මම ඉන්නවා, ඒක ගැන සතුටුයි මට
යාලුවො ගොඩාක් හම්බෙලා තියනවා, විවිධාකාරයේ මිනිස්සු ගොඩාක් හම්බෙලා තියනවා. ගොඩක් අයට උදවු කරලා තියනවා. කලින් වැඩ කරපු කම්පැනි වල interns ලා එහෙම ගයිඩි කරලා තියනවා උන් හොඳ තැන් වල ඉන්නවා ඒව ගැන එහෙම ලොකු සැටිස්ෆැක්ශන් එකක් තියනවා.