අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    20 - A/L දෙපාරක් මැත්ස් වලින් කරලා රජයේ කැම්ප්ස් සිලෙක්ට් උනා. යාලුවො සෙට් උනා. බොන්න පටන් ගත්තා. කෙල්ලේකුත් සෙට් උනා. අම්ම, තාත්ත කියන දේවල් අහන්නේ නැති ගතියකුත් තිබ්බා. කැම්පස් ගියාට මම කරන්න ආස දේවල් නෙවේ හම්බුනේ. මට ඔනවෙලා තිබ්බේ රට යන්න. එත් තාත්තට ඔන උනේ ලංකාවේ එකකට යවන්න. ඔක හන්දා ගොඩක් රණ්ඩුත් කලා.
    කැම්ප්ස් එකෙත් මහා ශිෂ්‍ය සංගමයත් එක වලි දාගත්තා. නඩු වලට පැටලුනා. ඉගෙන ගත්තේම නැති තරම්. කැම්පස් එකේ රිසල්ට් තිබේබේ C, D නැත්තන් රිපිට්. ඉදලා හිටලා තමයි B තිබ්බේ. හැබයි මම IT degree එකක් ප්‍ර්‍ර‍යිවේට් කලා එකේ වැඩ ටික මම ගානට කලා.
    අවුරුදු 24 වෙද්දි කෙල්ල වෙන කොල්ලේක් එක සෙට් උනා. තාත්තා කරපු ජොබ් එක නැති උනා. ගෙදරම රන් කලේ අම්මාගේ පඩියෙන්. අපිට උගන්නන්න රත්තරන් බඩු උගස් තිබ්බා. එක පාරක් තත්තාගේ මගුල් මුද්දත් උකස් තිබ්බා. එක උකස් තියන්න හන්දියට threewheel එකක යන්න සල්ලි නැති හන්දා එයා පයින් කි.ම් 4ක් පයින් ගියා. කොහොම හරි ෆයින්ල් මට හරියට කරගන්න බැරිඋනා. මට කැම්ප්ස් එකේ තියෙන්නේ Higher Diploma එකක්. IT degree එක කරගත්තා. එහෙම්මම intern කෙනෙක් විදියට වැඩ කරන්න ගත්තා.

    28 - 30 මහන්සිවෙලා වැඩ කරන්න ගත්තා. Promote උනා, පඩි වැඩි උනා, කම්පැණි මාරු කලා. මට වැඩිය හොදට ගේම ගැහුවේ තාත්තා. එයා අවුරුදු 2ක් ජොබ් එකක් නැතිව හිටියා. ජොබ් එකක් සෙට් උනාම එ‍යා ඔක්කොම උකස් බේරගත්තා. මට අවුරුදු 27 වගේ ලක්ශ 20 ක කාර් එකක් අරන් දුන්නා. Proposal එකකින් බැන්දා. මගේ ටර්නින් පොයින්ට් එක උන්නේ අවුරුදු 28 දි මාස 6 කට USA යන්න සෙට් උන එක. මම තනියම ගියේ, එහෙත් ලංකාවේ කවුරුත් නැ. මම ගියේ සිලිකන් වැලි වලට. මට startup වල CEO, VP Engineering, Product owners වගේ ගොඩක් අය සෙට් උනා. එක මට ගොඩක් උදව් උනා ලෝකේ ගැන, සල්ලි ගැන. වටේ අයට show-off කරන එක බොරුවැඩක් කියලා. අලුත් දේවල් ට්‍රයි කරන එක. කොටින්ම ලෝකේ ගැන හිතන විදිය වෙනස් උනා. දැන් අම්මා, තාත්තා එක්ක රණ්ඩු කරන්නේ නැ. මගේ කැම්පස් එකේ යාලුවොත් හොද තැන්වල ඉන්නවා. ඉස්සර වගේ බොන්නේ නැ. වැඩිම මාසේකට 3-4ක් වගේ. Office වල ඉන්නේ 8-5 යාලුවො කියල අදුරගත්තා.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මම හිතුවෙ මේ thread එක එහෙම්ම යට යයි කියලා..හිටපු ගමන් ආයෙ උඩ ඇවිත්..සතුටුයි.. :)
     
    • Like
    Reactions: SK29 and Gwynbleidd

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් හිතුනා මේකට දාන්න කියලා

    20 ට කලින්

    පොඩි කාලෙ මම ගියේ පොඩි ඉස්කෝලෙකට ඒ කාලෙ ලකුනු අඩු උනත් මම පන්තියෙ පලවෙනියා දෙවනියා, වගේ හැමදාම උනා. ඒ ඉස්කෝලෙ පොඩි නිසා මටත් ලොකු තේරුමක් තිබ්බෙ නැහැ ඒ ඉස්කෝලෙ එහෙම උනාට ලොකු වැඩක් නැහැ කියලා. ඉස්කෝලෙ ගෙදර ලගමයි, ඒක නිසා යාලුවො එක්ක නිතරම හිටියා, සතියට දවස් දෙකක් විතර මොකක් හරි වලියක් ඇදගන්නවා පොඩි කාලෙ.
    9 වසරෙදි මම ටිකක් ලොකු ඉස්කෝලෙකට දැම්මා, ඒ අවුරුද්දෙ අන්තිම වාර විබාගෙට ගනන් වලට ලකුනු 24ක් තිබ්බා කියලා මතකයි. ඒකෙන් පස්සෙ මම උනන්දු වෙනවා කියලා හිතලා පාඩම් කරන්න ගත්තා(ඊට කලින් මම කවදාවත් පාඩම් කරලා නෑ), ඒකෙන් මම ගනන් සහ විද්‍යාව දෙක උපරිමේටම ආවා, අනික් සබ්ජෙක්ට් වලට මම ආස නැහැ ඒක නිසා ගොඩක් වෙලාවට මම ඇවරේජ් ඩයල් එකක් වගේ තමයි කාටත් පෙනුනෙ.
    OL ගොඩක්ම හොඳට කරගත්තා, OL වලට කලින් තිබ්බ වාර විබාගෙ සෙක්ශන් එකේම පලවෙනියා වෙන්න පුලුවන් උනා.
    AL මැත්ස් වලින් කරන්න ගත්තා
    AL එකට ඉඳපු ගොඩක් අය AL කරන්න මාතර ගියා මට එහෙම යන්න ලොකුවට සල්ලි තිබ්බෙත් නැහැ ඒක නිසා මම වීක් එන්ඩ් වල ක්ලාස් මාතර ආවා, AL ඉස්කෝලෙ මැත්ස් වලට ටීචර් කෙනක් හිටියෙ නැහැ පිසික්ස් කෙමෙස්ට්‍රි වලට විතරයි හිටිය. මායි තව එකෙකුයි විතරයි මැත්ස් කරේ ඉස්කෝලෙටම ඒ අවුරුදු 17ටද කොහෙද පස්සෙ
    අපි සේරම කෙමෙස්ට්‍රි පිසික්ස් ප්‍රැක්ටිකල් එකක් නෑර කරා ලමයි නැති නිසා. දෙවනි අවුරුද්දෙ එක දිගට මාතර නතර වෙලා ක්ලාස් ගියා
    ඉස්කෝලෙ කාලෙ වැඩිය උගන්නපු නැති නිසා ෆ්‍රී ටයිම් සෑහෙන තිබ්බා යන යන තැන කෑලි හිටියා,

    AL ටිකක් හොඳට පාස් උනා, මම දිස්ත්‍රීක් රෑන්ක් එක 101, මාත් එක්ක ඉඳපු අනිකා 121 උනා.

    මම UCSC CS සිලෙක්ට් උනා, මාත් එක්ක ඉඳපු අනෙකාත් Colombo campus ආවා.

    20 දි
    කැම්පස් එකේ හොඳට ඉගෙන ගත්තා, පුලුවන් හැම එකාටම උදවු කරා. මට ඉංග්‍රීසි ඒ තරම් බෑ කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා මට නොතේරුනු හැම දෙයක්ම කියලා දීපු(love එකක් තිබ්බෙ නෑ ඒකි එක්ක)
    කැම්පස් එකේ හොඳම 40 දෙනාට 4th year එකක් කරන්න දෙනවා, මම හිතුවා මම ඒකට අහුවෙයි කියලා, මට කලින් එකා අහු උනා මම අහු උනේ නෑ
    කැම්පස් අවුට් වෙනකොටම ඉන්ටන්ශිප් ඉඳපු තැනින් ඔෆර් එකක් ආවා තව දන්න අයියා කෙනෙකුත් ඉන්ටවීවු එකක් සෙට් කරලා ඒකෙ ඔෆර් එක කලින් එකට වඩා 35ක් විතර වැඩියෙන් හම්බුනා ඒකට ගියා. ඒක මගේ ලයිෆ් එකේ turning point එකක් කියන්නත් පුලුවන්
    මේ 2011 දි, ජොබ් එක උන් iPhone apps develop කරන්න, ඒ කාලෙ iOS කරන එවුන් ලංකාවටම කීප දෙනෙක් ඉන්න ඇති.
    මම පට්ටම ආසාවෙන් ඉගෙනගත්තා, iOS/MacOS internals ගැන එහෙම තනියම මාර විදියට ඉගෙන ගත්තා, ඒකාලෙ ඒ වියදම් කරපු වෙලාව නිසා අද මම පට්ටම සිරා තැනක ඉන්නවා
    ඒ කාලෙ සතියට දවස් දෙකක් විතර බිවුවා සිකුරාදට වැටෙන්න ඕන මෙන්න තියනකන් බොනවා. පට්ටම ආතල් ලයිෆ් එකක් ඒ කාලෙ ගෙවුවා,

    පස්සෙ ටිකක් බොන සීන් එහම අඩු කරලා හිටියා, ජොබ් දෙක තුනක් මාරු කරා, පට්ටම අඩු වයසින් TL වෙනකන් ජොබ් වල උඩට ගියා
    වාහනයක් එහෙම ගත්තා, ඒ කාලෙ පට්ට විදියට කෑලි එහෙම සෙට් උනා. තුන හතර රන් කරපු කාලෙකුත් තිබ්බා.

    25න් පස්සෙ
    වයිෆ් එහෙම හම්බුනා, කලින් පටම ආතල් එකේ හිටියට ටිකක් සයිලන්ට් වෙලා එහෙම හිටියෙ, කලින් සතියට දෙපාරක් බීපු මම මාසෙට දවසක් විතර සෙට් වෙන්න පුරුදු උනා. මැරි කරා. කලින් TL ඉඳපු ජොබ එක ටිකක් ස්ට්‍රෙස් වැඩියි වගේ හිතුනා. ඒක නිසා ඒක දාල ආපහු ATL ජොබකට ගියා, හැබැයි ලංකාවෙ තියන හොඳම IT කම්පැනියක්, කලින් ජොබට වඩා සැලරියත් ලොකු ගානක් ලැබුනා. දැන් ඒක කරන් ඉන්නවා.
    දැන් පොඩි එකෙක් එහෙමත් ඉන්නවා. මගේ ලයිෆ් එක ගැන හැම දෙයක්ම වගේ සැටිස්ෆයිඩ් මම. හැම අතින්ම ගන්න තියන ආතල් එහෙම 20-30ට අතර කාලෙදි ගත්තා. කරන්න බැරි උනු දේවල් දැන් කරනවා.

    20 කාලෙදි ගත්තු ඩිසීශන් එහෙම සමහර වැරදි ඒව තියෙන්න පුලුවන් ඒවට දුක් වෙන්නෙ නැහැ, මොකද ඒ කාලෙ මම හිතපු විදිය අද හිතපු විදියට වඩා සිය දහස් ගුනයකින් වෙනස්, සමහරවිට අද ගන්න ඩිසිශන් තව අවුරුදු 10න් බැලුවම මෝඩයි වගේ පේන්න පුලුවන් ඒත් සමහර ඩිසිශන් හරියට ගන්න මැචුරිටි එක තියෙන්න ඕන, ඒක පස්සෙ තේරුනාට දුක් වෙන්න කිසිම හේතුවක් නෙමෙයි කියලා මම හිතන්නෙ.

    ඉස්කෝලෙ කාලෙ මම පට්ටම ඇවරේජ් ඩයල් එකක් උනාට දැන් බැලුවම අපේ බැච් එකේ එවුන්ගෙන් හොඳම තැනක මම ඉන්නවා, ඒක ගැන සතුටුයි මට
    යාලුවො ගොඩාක් හම්බෙලා තියනවා, විවිධාකාරයේ මිනිස්සු ගොඩාක් හම්බෙලා තියනවා. ගොඩක් අයට උදවු කරලා තියනවා. කලින් වැඩ කරපු කම්පැනි වල interns ලා එහෙම ගයිඩි කරලා තියනවා උන් හොඳ තැන් වල ඉන්නවා ඒව ගැන එහෙම ලොකු සැටිස්ෆැක්ශන් එකක් තියනවා.
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    30 පැන්නම හිතෙනවා ආයි 20 ට :-( යන්න තිබුනනම් කියලා බං. 20 දි අතේ සල්ලිත් නෑ, වාහනයකුත් නෑ, ඉතුරු කරපු දේකුත් නෑ, මට නම් කෙල්ලෙකුත් නෑ. (හැබැයි හිතේ එකියක් හිටියා), ඒ වගේම ඇගට කිසි අමාරුවක් නෑ බං.

    දැන් හැමදේම තියනවා. වාහනයක්, ඉතුරු කරපු සල්ලි ටිකක්, ඒ වගේම කසාදෙකුත් බැදලා. හැබැයි බං දැන් ඇගපත එහෙ මෙහෙ රිදෙනවා, හිතට අවිවේකී, කිසි නිදහසක් නෑ. ඒ කාලේ හිතේ තිබුන සංවේදී බව දැන් නෑ. දැන් මිනිස්සු ගැන ඒ තරම් කරුනාවක් හිතෙන්නෙ නෑ. කොටින්ම ඒ කාලේ මම හොද එකෙක් කියලා මටම හිතුනා. දැන් මා ගැනවත් මට හිතන්න වෙලාවක් නෑ. වෙලාවක් තිබුනත් හිතන්න ඕනෙ කමකුත් නෑ වගේ සීන් එකක් තියන්නේ. ගෙවුනු කාළය, ඒ කාලෙදි නැතිවුන දේවල් ආයි ගන්න බෑනේ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    20 studies thama. love patan gatte nehe e kale. 27di thama first affair eka patan gatte. eyawama marry kala

    Den 29. 30ta lagayi. married. don't like studies now. works as a manager. mahath welath nehe. mage yaluwo okkogema wage den bada awilla. mama yantham figure eka maintain karan innawa
    Exactly same as mine except the job
     
    • Like
    Reactions: Jalz

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    ආර්ථිකේ හදාගත්තා, කීප පොලක ඔබා ගත්තා,ඇවිද්දා, අඩි පුඩි ගැහුවා මෙන්ටලිස්ටේබල් ගතියක් තියනවා 20ට වඩා.
    Adoo
     
    • Like
    Reactions: Jalz

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    20 - 30 දි - ඒ් ලෙවල් කලාට කැම්පස් ගියේ නෑ. ෆ්රීලාන්ස් පිස්සුව ගහල හිටියෙ. පසුතැවීමක් නෑ. ෆ්රීලාන්ස් වලින් ගෙවල් හැදුව වාහන ගත්ත. බඩුමුට්ටු ගත්ත. දෙමාපියන්ට සැලකුව. ප්රෝග්රැමින් ගැන පට්ට විදියට ඉගෙන ගන්න ලැබුනා. ඇති වෙලා ඒපා වෙනකම් බඩුත් ගැහුව.

    30 න් පසු - කොරෝනා ආවා වැඩ කරාට කොච්චචරක් සල්ලි නෑ කම්පැනි වල. උන් මට ණයයි. මගේ ප‌ොකට් හිස්. ලැබෙන්නෙ ලක්ෂය ද‌ෙක. කඩල කඩල. උන්ටත් නෑ මටත් නෑ. අර්ථයක් ඇති වැඩක් කරන්නත් නෑ. දැන් පට්ට අවුල්. ‌මෙහෙම තව මාස හයක් ගියොත් ඩිප්රෙෂන් හැදිල වලතර වගේ වෙයි කියල බයයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,052
    113
    34
    Kalutara
    අවුරුදු 20 දි ඒ එලෙවල් කරල ඉවර වෙලා අවුරුද්දයි. නෝ ඉන්කම්. නෝ මනි. නෝ රිලේශන්ශිප්ස් දැන් 28යි. සේම් ඈස් 20 නෝ චේන්ජස්.. ,😪

    no future plans. no hopes just life goes on. need to getout of this fucking sansara. fedup with born and dying. 😖