අශෝකගේ “නිරය”

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බුද්ධ දේශනාව පැතිරවීමට මහත් මෙහෙයක් ඉටුකළ බවට ඉතිහාසයේ සඳහන් වෙන රජුන් අතරේ අශෝක අධිරාජයා සිටින්නේ ඉහළම තැනකයි. බුදු දහම සරණ ගොස් ඉතා ධාර්මික සහ සාධාරණ රජෙකු බවට පත්ව “ධර්මාශෝක” යන නම් ලබන්නට ප්රථම ඔහු ඉතාමත්ම සැහැසි, බල තණ්හාවෙන් පීඩිත, ලේ පිපාසිත රජෙකු බවට පත්ව සිටියා. එසමයේ ඔහු විසින් තනවන්නට යෙදුනු මහා වධක කුටියක් “අශෝකගේ නිරය” යනුවෙන් හැඳින්වෙනවා. මේ ලිපියෙන් එම කුටිය පිළිබඳවත්, එය තැනවූ අශෝක අධිරාජ්යයා පිළිබඳව සුළු තොරතුරු කීපයකුත් ගෙන ඒමට අප අදහස් කරනවා.

    SncyYpO.jpg


    අධිරජ අශෝක (Yves Traynard)

    අශෝක, බින්දුසාර රජුගේ බිසවුන් අතරින් එතරම් උසස් තත්ත්වයක් හිමි නොවූ ධර්මා නම් බිසවට දාව ක්රි. පූ. 304 දී උපත ලැබුවා. වයසින් වැඩෙද්දී අශෝක විසින් සිහසුන සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කරනු ඇතැයි බිය වූ සුළු සොහොයුරන් විසින් බින්දුසාර රජුට වරින් වර බලපෑම කිරීමට යෙදුනා. මෙනිසා කැරැල්ලක් මැඩපැවැත්වීමට තක්ෂිලාවටත් (වර්තමාන පාකිස්ථානයේ ප්රදේශයකි), ඉන්පසු පිටුවහල් කිරීමක් නිසා කාලිංගයටත්, නැවත උජ්ජයින් හි කැරැල්ලක් මැඩ පැවැත්වීමටත් ආදී වශයෙන් රජ මාළිගයෙන් බොහෝ ඈත පෙදෙස් වල හැදී වැඩෙන්නට අශෝකට සිදුවුණා. පුරාවෘත වලට අනුව බින්දුසාර රජු මියගිය විට තම සුළු සොයුරන් 99දෙනාවම මරා දමන අශෝක, තම බාල සොයුරු විටාශෝක පමණක් ඉතිරි කරන අතර, ඉන්පසු සිහසුන අත්පත් කරගන්නවා.
    අශෝක මෞර්ය අධිරාජ්යයේ තෙවනි පාලකයා බවට පත්වන විට එය වර්ථමාන ඉන්දියාවේ පමණක් නොව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, භූතානය, නේපාලය, බංගලදේශය, සහ ඉරානයේ ඇතැම් ප්රදේශ දක්වා ද පැතිර තිබුණා. රජකමට පත්වීමෙන් අනතුරුව මෙම දේශසීමා පුළුල් කරගැනීමේ අනවරත උත්සාහයක අශෝක නිරතව සිටියා.

    Pl0Fo8D.jpg


    කාලිංග යුද්ධය (India The Destiny)

    අශෝක යුද්ධකාමියෙකු පමණක් නොව කෲරතර රජෙකු බව ද ඉතිහාසයේ සඳහන් වනවා. ඇතොවුර කාන්තාවන් පිරිසක් ඔහුගේ රළු සම සහ අවලක්ෂණ පෙනුම උපහාසයට ලක් කරමින් සිටිනු හසු වූ නිසා, 500ක් බිසොවුන් පණපිටින් පුළුස්සා මැරවීමට අශෝක විසින් පියවර ගත් බව සඳහන් වනවා.
    අශෝක අධිරාජයාගේ ජීවිතය පිළිබඳව කියැවෙන පුරාවෘත සහ ඓතිහාසික තොරතුරු ඇතුලත් කොට ක්රි. පූ. 2 වන සියවසේ ලියැවුණු “අශෝකාවදාන” නම් ග්රන්ථයක, රජුගේ සැහැසිකම් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කෙරෙනවා. අප මෙහි විස්තර කිරීමට අදහස් කෙරෙන “අශෝකගේ නිරය” එහි විස්තර කෙරෙන්නක්.

    RrbNVzr.jpg


    අශෝක රජුගේ සැහැසිකම් (Imagining Karma: Ethical Transformation in
    Amerindian, Buddhist, and Greek Rebirth)

    ඓතිහාසික මූලාශ්ර වලට අනුව අශෝක අධිරාජ්යයා පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන්නෙකුව සිට තිබෙනවා. මිනිසුන්ට වධ දීමෙනුත්, එය නැරඹීමෙනුත් ඔහු යම්කිසි වින්දනයක් ලැබූ බවයි සඳහන් වන්නේ. අධිරාජ්යයට ගහලයෙකු අවශ්ය වූ විට, එයට ගැලපෙන ආකාරයේ තැනැත්තෙකු සෙවීමට රාජ පුරුෂයින් අධිරාජ්යය පුරාම පිටත්කර හැරෙනවා. අවසානයේ, තමා අධිරාජ්යයේ වධකයා වීමට ගත් තීරණයට තම දෙමාපියන් එරෙහි වූ නිසා ඔවුන්ව ද මරා දමන “ගිරික” නම් වූ තරුණයෙකු මේ තනතුර සඳහා සොයා පත්කර ගැනීමට ඔහු සමත්වෙනවා. පුරාවෘත්තයන්හි පැවසෙන ආකාරයට, වධක කුටි තැනවීම සඳහා අශෝක රජුව පොළඹවන්නේ මේ ගිරික විසිනුයි.
    එකල මෞර්ය අධිරාජ්යයේ අගනුවර වූ පාටලීපුත්රයේ (වර්ථමාන පැට්නා නුවර) පිහිටුවන මේ වධක කුටි සංකීර්ණය අශෝකාවදාන ග්රන්ථයේ විස්තර කෙරෙන අන්දමට පිටතින් ඉතාමත් අලංකාර මාළිගයක් ලෙස පෙනෙන පරිද්දෙන් නිමවනු ලබනවා. මලින් පලතුරින් පිරි ගස් ද, ස්නානයට දිය උල්පත් ද ආදියෙන් සමන්විත උයනක මෙය පිහිටුවන්නේ දුටුවන් මෙහි අලංකාර බවට ආකර්ෂණය වී මාළිගය තුළට ඇතුල් වීමට පෙළඹෙන ආකාරයෙනුයි. මාළිගය තුළ වධක කුටි රාශියක් නිර්මාණය කර තිබුණා. අශෝක රජුගේ අණට අනුව මෙම මාළිගය තුළට ඇතුළුවන කිසිවෙකුටත් පිටවීමට ඉඩ ලැබුණේ නැහැ. ඔවුන් කෙතරම් අහිංසකයින් වුවත් රජුගේ වින්දනය උදෙසා ගිරික විසින් ඔවුන්ව වධ බන්ධනයන්ට ලක්කරනු ලැබුවා.

    NMH2z1R.jpg


    බෞද්ධ පොතපතෙහි සඳහන් නිරය (Damien Marie AtHope)

    අශෝක රජුගේ අවසරය හා අනුබලය යටතේ ගිරික මෙම කුටි නිර්මාණය කරවා තිබෙන්නේ බෞද්ධ ග්රන්ථයන්හි සඳහන් වන අපාය වැනිවයි. භික්ෂූන් රැසක් “බාලපණ්ඩිතසුත්ත” නම් සූත්රයක් සජ්ඣායනා කරනු අසා සිටි ගිරික ට අපායේ ඇති වධ ක්රම 5ක් පිළිබඳව විස්තර අසන්නට ලැබී තිබෙනවා. ඒ අනුව නිර්මාණය වූ වධක මාළිගය තුළ පැමිණවූ වධයන් අතර සිරකරුවන්ගේ මුඛය යකඩයකින් අරවා උණු කළ තඹ වත්කිරීම, පණපිටින් තැම්බීම, රත්වූ ලෝහ මතුපිටකට තබා ඇණ ගැසීම ආදිය ඇතුළත් වූ බව පැවසෙනවා.
    අශෝකාවදානයේ සඳහන් වන අන්දමට දිනක් “සමුද්ර” නම් එක්තරා බෞද්ධ භික්ෂුවක් මෙම වධක මාළිගයට පිවිසුණා. ගිරික විසින් අල්ලාගනු ලැබ ජලය ද මිනිස් රුධිරය ද ඇට මිදුලු ද මළ හා මූත්ර ද ආදිය අඩංගු විශාල කටාරමක බහාලනු ලැබූ භික්ෂුවව පණපිටින් තම්බා දැමීමට සූදානම් කෙරුණා. කෙසේ නමුත් කටාරම තුළ පැසෙමින් සිටිය දී දුක පිළිබඳව අවබෝධ කරගත් භික්ෂුව රහත් භාවයට පැමිණ ඇති අතර එනිසා කටාරම තුළින් විශාල පියුමක් මතුව භික්ෂුවව ඒ මත රඳවාගෙන තිබෙනවා. මේනිසා භික්ෂුවට කිසිදු හානියක් කිරීමට ගිරික අපොහොසත් වුණා.

    vqWmRFY.jpg


    රත් වන තෙල් කටාරමක භාවනා කරන තායිලන්තයේ බෞද්ධ භික්ෂුවක් (ibtimes.co.uk)

    මේ විශ්මයජනක පුවත ඇසූ අශෝක රජු, එය සියැසින්ම දැක බලාගැනීමට වධක කුටියට පැමිණ තිබෙනවා. එහි දී සමුද්ර රහතන්වහන්සේගේ ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන රජු, තමා විසින් කරවන ලද මේ වධක කුටි සංකීර්ණය විනාශ කර දැමීමට තීරණය කළා.
    මෙම තීරණයට ගිරික එරෙහි වූ බව පුදුමයක් නොවෙයි. එමෙන්ම රජු විසින් පෙර කරන ලද නියෝගය වන, “මේ මාළිගයට ඇතුල් වන කිසිවෙකුත් පිටව යා නොයුතිය, ඇතුල්වන්නේ මා නම්, මා ද වධයට පැමිණවිය යුතුය” යන්න රජුට සිහිපත් කරවන ගිරික විසින් රජුව වධයට පැමිණවීමට සූදානම් වී තිබෙනවා. එවිට, සියළු දෙනාටම ප්රථමව මෙම කුටි වලට ඇතුල් වූයේ ගිරික බව ඔහුට සිහිපත් කරවන රජු විසින් ගිරිකව පණපිටින් පුළුස්සා දැමීමට නියම කර කුටි පෙළ ද විනාශ කරවූ බව අශෝකාවදානයේ සඳහන් වනවා.

    C7T1tEB.jpg


    අගම් කෝන් (Wikimedia Commons)

    “අශෝකගේ නිරය” පිළිබඳව පුරාවිද්යාත්මක සාධක නැතත්, අශෝකාවදානයේ හැරුණුකොට, ක්රි. ව. 5 වන සියවසේ දී දේශාටනයේ යෙදුණු ෆාහියන් භික්ෂුවගේ වාර්තා වලත්, ක්රි. ව. 7 වන සියවසේ දී ධර්මය සොයා ඉන්දියාවට පැමිණි හියුං සාං භික්ෂුවගේ වාර්තා වලත් මෙවැනි ස්ථානයක නටබුන් දුටු බවට වාර්තා කොට තිබෙනවා. එමෙන්ම 19වන සියවසේ ඉන්දියාවට සංචාරය කළ බ්රිතාන්ය ජාතික දේශ ගවේශක ලෝරන්ස් වැඩල් සඳහන් කරන්නේ “අගම් කෝන්” නම් ගැඹුරු ළිඳ අශෝකගේ නිරයේ කොටසක් බවයි. අද වන විට “අශෝකගේ නිරය” නමින් ස්ථානයක් තිබූ බවට හමුව ඇත්තේ මේ ලිඛිත සාක්ෂි පමණයි.

    මූලාශ්ර:
    1. ancient-origins.net
    2. Nationalviews.com
    3. Imagining Karma: Ethical Transformation in Amerindian, Buddhist, and Greek Rebirth.


    Source: roar Media
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සු හැදෙනවනෙ. :sorry::sorry::sorry:එතකොට අශෝකගෙ නරක වැඩ නැවතුනේ ඔතනින්ද නැත්නම් ඊටත් පස්සෙද මෝර මාමේ?:rolleyes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පිස්සු හැදෙනවනෙ. :sorry::sorry::sorry:එතකොට අශෝකගෙ නරක වැඩ නැවතුනේ ඔතනින්ද නැත්නම් ඊටත් පස්සෙද මෝර මාමේ?:rolleyes:

    ඔතනින් පස්සෙ වද හිංසා කරන එක නැවැත්තුවයි කියනව. කොහොම නමුත් ආගමට ගොඩක්ම නැඹුරු වෙලා තියෙන්නෙ කාලිංග යුද්දයෙන් පස්සෙලු. මෙව්වා ඉතින් හරිමද දන්නෙ නෑ අර රාජසිංහ රජ්ජුරුවො මද්දුම බන්ඩාරගේ නංගි වංගෙඩියෙ කොටෝපු කතාවද දන්නෑ.:yes: