අසම්පුර්ණ~සෙනෙහස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අසම්පුර්ණ~සෙනෙහස




    මේ කතාව ගොඩ නැගෙන්නේ යුද්ධයක් අවසන් කර තමන්ට ලැබෙන නිවාඩු අවස්ථාවේදි ගෙදර යන්න
    සිටින සොල්දාදුවෙකු වටායි..

    " අම්මේ , තාත්තේ, මට ගෙදරට එන්න පුලුවන් කමක් ලැබෙනවා..
    ඒත් මේ පාර මම එන්නේ තනියෙන් නෙවෙයි.. මගේ යාලුවෙකුත් එනවා මාත් එක්ක.. "


    කියා ඒ සොල්දාදුවා කදවුරේ සිට ගෙදරට ඇමතුමක් මගින් කතා කලා..

    " හරි, පුතේ, ඒකට කමක් නෑ.. අපිත් කැමති ඒ යාලුවාව හදුනා ගන්න.."
    දෙමව්පියන් ගෙන් ඒ වගේ පිළිතුරක් ලැබුනා..

    " ඒත් ඒ යාලුවා යුද්ධයේදී, බිම් බොම්බයකට මැදි වේලා එක කකුලයි.. අතකුත් අහිමි කරගෙන...
    ඒ වගේම යුද්ධයේදි හුගක් දරුණු විදියට තුවාල ලබලා.. "


    කියමින් සොල්දාදුවා
    තවදුරටත් කතාව ඉදිරියට ගෙනිච්චා..

    " අහන්න ලැබිම කණගාටුයි පුතේ.. අපිට පුලුවන් වෙයි එයාට ජිවත් වෙන්න හොද තැනක් හොයලා දෙන්න.. "


    " නෑ, අම්මේ තාත්තේ, මට ඕනේ ඒයාව අපිත් එක්ක ජිවත් කරවන්නයි.. "

    " පුතේ.." තාත්තා ගේ කටහඩ අවදි කලා.

    " ඔයාට දන්නේ නෑ.. ඔයා මේ කරන්න යන දේ වල තියෙන බෑරෑරුම් තත්වය.."
    " ඒ වගේ අමාරුකාරයෙක්ව තියා ගත්තා නම් සමහර විට අපිට හිරිහැරයක් වෙයි.. "
    " අපිට අපේම කියලා ජිවිතයක් තියෙනවා ජිවත් වෙන්න.. "
    " ඒ හින්දා අපිට මේ වගේ පුද්ගලයෙකුව අපේ ජිවිතයට මැදිහත් කර ගන්න විදියක් නෑ.. "

    " මම කියන්නේ.. ඔයා අපේ ගෙදරට එන්න.. ඇවිල්ලා ඒ යාලුවාව අමතක කරලා දාන්න කියලායි.. "
    " ඔයාගේ යාලුවාට පුලුවන් වෙයි.. ඒයාගේ ජිවිතය තනියෙන් ගොඩ නගා ගන්න.. "

    ඒ අවස්ථාවේදී දුරකථනය එක පාරටම විසන්ධි වී ගියේ ය..
    දෙමව්පියන්ට පුතුගෙන් කිසිම හඩක් තවදුරටත් ඇහෙන්න ලැබුනේ නෑ..




    දින කිහිපයකට පසු, ඒ ප්‍රදේශයට අයත් පොලිසිය මගින් දුරකථන ඇමතුමක් පැමිණියා..
    එයින් කිය වුනේ..

    ඔහුන්ගේ පුතා ගොඩනැගිල්ලකින් බිමට වැටිලා මිය ගොස් ඇති බවයි..
    පොලිසිය විශ්වාස කරන්නේ මේ සිදුවිම සියදිවිහානි කර ගැනිමක් හැටියටයි..
    කම්පාවට පත් වු ඒ දෙමව්පියන් තම පුතුගේ දේහය ද කියා හදුනා ගැනිමට ඒ ප්‍රදේශයට යෑමට සිදුවිය..


    ඔහුන්ට තම පුතුගේ රුව හදුනා ගන්න පුලුවන් විය.. ඒත් ඔහුන් නොදැන සිටි කරුණක් නිසා තැතිගැන්මකට ලක් වුහ...
    ඔහුන්ට දැක ගන්න ලැබුනා තම පුතුට එක අතක් වගේම එක කකුලක් විතරක් තියෙන විත්තිය..


    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..

    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
    පමණක් බව කරුණාවෙන්


    සලකන්න..


    පරිවර්තනය කලේ :- කුල් ලයිෆ් ස්ටයිල් 4 යු / මොහොමඩ්..
    (බොහෝ දෙනෙක් දන්නේ.. රුක්මාල් කියන නමින්.. )




    මේ කතාවෙන් අදහස් වෙන දේ මම කෙටියෙන් හදුන්වන්නම්...
    දැන් මේ කතාවේ එන දෙමව්පියන් මෙන් තමයි අපේ සමාජයේ බොහෝ දෙනෙක් හිතන්න පතන්න යන්නේ..

    අපි ආදරය කරන්න හිතන්නේ පෙනුමක් තියෙන ඒ වගේම විනෝදකාමිව ජිවත් වෙන්න පුලුවන් අය සමග විතරයි..
    නමුත් අපි අකමැති කමක් පෙන්වනවා ලෙඩක් දුකක් තියෙන පිරිසක් වෙනුවෙන් ජිවත් වෙන්න..
    ඒ වගේ මිනිසුන් ගෙන් පුලුවන් තරම් දුරස් වේලා ජිවත් වෙන්නයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..
    එක අතකින් අපි සන්තොසවෙන්න ඕනේ ඒ වගේ වාතාවරණයකට අපි මුහුණ දුන්නේ නැති එක ගැන..
    මේ වගේ කොන්දේසි සහිත ආදරයක් වෙනුවෙන් ජිවත් වෙන්න ලැබෙන එක අපි ලබාපු අවාසනාවන්තකමක්
    හැටියටයි මට නම් හදුන්වන්න පුලුවන් කමක් තියෙන්නේ..




    මේ ත්‍රේඩ් එකෙන් මම බෙදා ගත්ත කතාව ගැන ඔයාලගේ අදහස්
    දැන ගන්න කැමති..
    ඒ හින්දා වේලාවක් වෙන් කර ගෙන...
    තමන්ගේ අදහස් කියලා යන්න..

     

    Attachments

    • අසම්පුර්ණ~සෙනෙ&#35.txt
      1.5 KB · Views: 76
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්තටම ආදරය කියලා දෙයක් නෑ කියලයි මම නම් අදහස් කරන්නේ. කවුරුවත් කොන්දේසි විරහිතව ආදරය කරන්නේ නෑ. අපේ දෙමව්පියෝ උනත් එහෙමයි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.