අස්පෙ සීයා යූ මේ රිප්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අස්පෙ සීයා යූ මේ රිප්

    අපේ ගමේ හිටියා නියම භාණ්ඩයක්, භාණ්ඩයක් කියල කිව්වට මේ යකා එල බුවෙක්. අස්ප සීයා කිව්වොත් නොදන්න එකෙක් නෑ. හැමදම හවසට පොඩ්ඩක් වැදුනම බුවා අස්සයම තමා වෙනසකට තියෙන්නෙ පොඩි සිග් සැග් ගතියක් තියෙනව බුවාගෙ ඇවිදිල්ලෙ. අස්පෙ සීයගෙ ගේ තිබුනෙ අපෙ ගෙදරට පොඩ්ඩක් පල්ලෙහා.. බෑවුමේ. උදේට කන්ද නගිද්දි බුවාට විනාඩි දෙකක් වත් යන්නෙ නෑ ඒක නගින්න ඒත් හවසට තමා අවුල. කොහෙම හරි පැයදෙකක් විතර තිස්සෙ ඔය බෑවුම බහිනව. ඒ අස්සෙ හොඳ හොඳ කවි කතා සිංදු බයිලා ශ්ලෝක හැම මඟුලක්මත් ශ්‍රැතියෙ පිහිටලා කියද්දි අහන්න ඉන්න එකත් ෆුල් ආතල් වැඩක් තමා. මොනා වුනත් බුවා හොඳ එන්ටර්ටේයිනර් කෙනෙක්. චන්ද්‍රිකා මැතිණිත් එක්ක බුවා නයි වයිරෙන් උන්නත් විජය කුමාරයාගෙ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔ‍රුවේ.. සිංදුවෙන් තමා හැමදාම මියුසික් බොක්ස් එක ඕපන් ‍කොරන්නෙ, ඒක ඒ බෑවුමත් එක්ක ලස්සනට ගැලපිල යනව කියල මට තාමත් හිතෙනව. බුවා රැල්ලෙන් රැල්ල ගහල ඉවරවෙන්නෙත් චන්ද්‍රිකා මැතිණිව අමතල @$$^%$^%$&^ කියල. හැබැයි බැරිවෙලාවත් ඒ ඇමතිල්ල චන්ද්‍රිකා මැතිණි අහං හිටියනං මැතිණිගෙ ඇඳිවතත් නිකංම ගැලවිල යනව රැල්ලෙන් රැල්ලට ආයෙ කතා දෙකක් නෑ. වැඩි කතා මොකටද උන්දැගෙ කතා ඔක්කොම නතර වෙලා මේ ළඟදි උන්දෑ මේ ලෝකෙන් අන්තර්ධාන වුනා. ඒ වෙනකොට වයස කියනව නම් හැත්තෑවයි මාසයයි දවස් දෙකයි පැයත් විසිගානක් ගෙවිල තිබුනෙ බුවා ඉපදිච්ච දවසෙ ඉඳල (චුත වීමට මොහොතකට පෙර). මොනා උනත් අස්පෙ සීයා හිත හොඳ මනුස්පයෙක්. මැරෙන මොහොතෙත් හොඳ සිහියෙන් හිටියෙ. උන්දැ අවසන් හුස්ම හෙලද්දි කියපු කතාවක් මට තාමත් මතක් වෙනව..

    ඉපදුනා
    තඩි උනා
    ගෑණියක්
    අරගත්ත
    ගෑණි මත
    නැහි නැහී
    ආයෙමත්

    පොඩි උනා
    ඒ අස්සෙ
    ඉපදිච්ච

    පොඩි එවුන්
    තඩි උනා
    උන්ගෙ කෝචොක්
    මැද්දෙ
    ඕං මං චුතවුනා..!


    ;);)






    අස්පෙ සීයා යූ මේ රිප්..!




    සියලු හිමිකම් ඇවිරිණි.
    ~#ඨාකුර්Z#~
    විසිනි©.
     
    Last edited: