අසිරිමත් මැලේසියාව

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අසිරිමත් මැලේසියාව

    මැලේසියාව යනු ආසියානු මහද්වීපය තුල පිහිටා තිබෙන මෑත ඉතිහාසයේදී ආර්ථික දියුණුව ලබා ගනිමින් ඉහළට පැමිණි සුන්දර රටක්. මේ රට පිළිබද ශ්‍රී ලාංකික අපේ දැනුම එතරම් නැති උවත් ශත වර්ෂ ගනනාවකට උඩ ඉදලයි ලංකාව සහ මැලේසියාව අතර සබදතා ඇති වී තිබෙන්නේ. ලංකාවේ මැලේ යනුවෙන්ද ජන කොටසක් සිටින බව ඔබ දන්නවා. අතීතයේදි බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවතුනත් වර්තමානයේදී මුස්ලිම් බහුතර ජනතාවක් සිටින රටක් බවට මැලේසියාව පත් වෙලා.:baffled::baffled:



    77 විවෘත ආර්ථික ක්‍රමයෙන් පස්සෙ ලංකාවෙ බෙහෝ අය පිටරට රැකියා සොයා ගියත්, මැලේසියාව බලා පිටත් වූ ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩිවෙන්නෙ 90 දශකයේ අග භාගයෙදි. පසුගිය සියවස ආරම්භ වන විට ලංකාවට වඩා බොහෝ පිටුපසින් ආර්ථික දියුණුව අතින් හිටිය මැලේසියාව අද ඉන්නෙ ගව් ගානක් ඉදිරියෙන්. ඒ දියුණුවේ නියමුවා උනේ හිටපු අගමැති, ආචාර්ය මහතීර් මොහමඩ් මහතා. වර්තමාන අගමැති තුමාත් එතුමාගේ සැලසුම් අනුව රට කරවන බවක් තමයි මැලේසියානු ජනතාව කියන්නෙ. අද ජාලෙන් පෙරලලා මම ඔබට කියන්නේ අපි නොදන්න මැලේසියාව ගැන.


    මැලේසියාවේ දියුණුවේ නියමුවා
    Mahathir-Mohamad.jpg


    Kuala Lumpur නගර මධ්‍යයේ පිහිටා ඇති වර්තමාන ලෝකයේ උසම නිවුන් ගොඩනැගිල්ල පෙට්‍රොනාස්.පසුගිය සියවසේ ආරම්භය වන විටත් ඝන කැළෑවක්ව පැවති ක්වාලා ලම්පූර් නගරය අද දිස්වෙන ආකාරය.
    8_thumb.jpg

    මැලේ ජාතිකයින් එහෙමත් නැතිනම් භූමි පුත්‍ර යනුවෙන් හදුන්වන්නෙ මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා ඉන්න රටේ මහ ජාතිය. හරියට ලංකාවෙ නම් සිංහල වගේ.:yes::yes: භූමිපුත්‍ර යනුවෙන් හදුන්වන්නේ Son of Earth යන අරුත බව විකිපීඩියාව කියනවා. භූමි පුත්‍ර යන වචනය සංස්කෘත භාෂාවෙන් බිදී ආ එකක්. අතීතයේ මැලේසියාව බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවතුන සමයේ සංස්කෘත භාෂාවෙන් වචන රාශියක් මැලේ භාෂාවට එකතු වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. අදටත් මැලේ භාෂාව තුල එදිනෙදා ව්‍යවහාර වන සංස්කෘත භාෂාවෙන් බිදී ආ තවත් වචන රාශියක් පැවතීම ඒ සිතුවිල්ලට රුකුලක්.

    ඉතිං මේ කියන මැලේ ජාතිකයන් භාවිතා කරන භාෂාව තමයි මැලේ භාෂාව...භාෂා මැලේසියා යනුවෙන් තමයි මැලේ භාෂාව මැලේ වදනින් හදුන්වන්නෙ. ඒ අයට තමන්ගෙම කියලා අකුරු එහෙමත් නැතිනම් හෝඩියක් නෑ. ඉංග්‍රීසි හෝඩිය තමයි මේ අය භාවිතා කරන්නෙ. ඒ අකුරු භාවිතයෙන් තමයි මැලේ භාෂාව ඔවුන් ලියන්නේ.

    ලංකාවෙ ආදිවාසී ජනකොටස වැද්දා ලෙස අප හදුනාගන්නවා.:D ඒ ආකාරයෙන්ම මැලේසියාවටත් ආදි වාසී ජන කොටසක් සිටිනවා. ඔවුන් ඔරන් අස්ලා (Orang Asla) යනුවෙනුයි හැදින්වෙන්නෙ.:confused: 2000 වසරෙ කරපු ජන සංගනනය අනුව රටේ සමස්ත ජනගහනයෙන් 0.5% වගේ සුළු ප්‍රමාණයක් තමයි ආදි වාසී ජනතාව වර්තමාන මැලේසියාවෙ ජීවත් වෙන්නෙ. මේ ඇත්තො නැගෙනහිර මැලේසියාවෙ සරවක් කියන ප්‍රදේශයේ බහුතර ජන කොටසයි. මුස්ලිම් ආගම වැලදගෙන නැති මේ ඇත්තන්ගෙන් බහුතරයක් ක්‍රිස්තියානි දහම වැලදගෙන සිටින බවක් තමයි අහන්න ලැබෙන්නෙ. ඔවුන් අද වෙසෙන ප්‍රදේශ අතීතයේ විවිධ ජාතීන්ගේ යටත් විජිත ලෙස පැවතීම එයට හේතු වෙන්න ඇති. ඔරන් අස්ලා ජනකොටසට අමතරව තවත් ජන කොටස් කීපයක් සුළු වශයෙන් මේ පළාත් වල ජීවත් වන බවට දත්ත තිබෙනවා.

    1425548_10202585905351649_1306215551_n.jpg




    මැලේසියාවෙ භූ විද්‍යාත්මක පිහිටීම දෙස අපි ඊලගට බලමු. ආසියාවේ ගිණිකොන දෙසට වෙන්නට වෙන් වෙන්ව පිහිටි ගොඩබිම් ප්‍රදේශ 2 ක් ලෙස මැලේසියාව සරලව හදුන්වන්න පුලුවන්. විකිපීඩියාව කියන විදියට සමස්ත මැලේසියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 329,847 ක් වෙනවා. මැලේසියාව දළ වශයෙන් ලංකාව වගේ 5 ගුණයක් විශාලයි කියලා හිතමු:eek::baffled:. මේ ගොඩබිම් ප්‍රදේශ දෙක එකිනෙක වෙන් කරනනෙ චීන දකුණු මුහුද මගින්. චීන දකුණු මුහුද මෑතකදි MH 370 ගුවන් අනතුර සමග කරළියට පැමිණි බව ඔබට මතක ඇති.

    Malaysia_map.jpg

    මැලේසියානු අර්ධද්වීපයේ වම්පස ඇති කොටස රටේ පරිපාලනයට අදාළ සියලු ස්ථාන පවත්වාගෙන යන භූමි කොටසයි. ඒ අනුව රටේ අගනුවර වන ක්වාලාලම්පූර් නගරයත්, පරිපාලන අගනුවර වන පුත්‍රජයා නගරයත් පිහිටා තිබෙන්නේ මේ භූමි භාගයේ. මේ භූමි භාගය ගොඩබිමෙන් තායිලන්තය හා සිංගප්පූරුව සමගත් මුහුදින් සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමගත් මායිම් වෙනවා.

    අනෙක් ප්‍රධාන කොටස නැගෙනහිර මැලේසියාව යනුවෙන් ප්‍රධාන වශයෙන් හැදින්වුවත් මේ නමට අමතරව මැලේසියා බෝර්නියෝ (Malaysian Borneo) යනුවෙන් සහ දේශීයව සභා (Sabah) යනුවෙන් හදුන්වන තවත් නම් දෙකක් තිබෙනවා. මැලේසියාවේ පවතින ජනපද (State) 13 න් සභා (Sabah) නම් ජනපදය නැගෙනහිර මැලේසියාවේ පිහිටා තිබීම ඇතැම් තැනක නැගෙනහිර මැලේසියාව හැදින්වීමට ඒ නම යොදාගන්නට හේතුභූත වෙන්න ඇති.:baffled:

    ගොඩබිමෙන් බෘෘනායි රාජ්‍යයට සහ ඉන්දුනීසියාවට මායිම් වන මේ භූමි භාගය මුහුදෙන් පිලිපීනයට මායිම් වනවා. බෝනියෝ යනුවෙන් හදුන්වන සමස්ත භූමි කොටස රටවල් 3ක් අතරේ බෙදී ගොස් තිබෙන අයුරු ඉහළ සිතියම බැලුවොත් ඔබට වැටහේවි. ලොව අග්‍ර ගණ්‍ය ස්භාවික වැසිවනාන්තරයක් ලෙස සැළකෙන බෝනියෝ වැසි වනාන්තර පිහිටා තිබෙන්නෙත් මේ භූමි කොටසෙ. ලෝකයේ විශාලම පුෂ්පයත් මේ කියන බෝනියෝ වනාන්තරයේදිම විකසිත වෙනවා. ඒ මලින් සුවද වෙනුවට හමන්නෙ විශාල දුගදක් නිසාම මිනී මල කියලත් සමහරු හදුන්වනවාලු.

    සාමාන්‍ය වදුරන්ට වඩා නහය දිග ප්‍රෙබොසිස් (Proboscis) වදුරන් සහ ඔරං ඔටං යන සත්ව කොටස් දෙක ඇතුලුව තවත් සත්වයින් විශාල ප්‍රමාණයක් ජීවත් වන ජෛව විවිධත්වයෙන් උපරිම වැසිවනාන්තරයක් ලෙසයි බෝනියෝ සැළකෙන්නෙ.


    KPPCONT_028829.jpg


    Rafflesia arnoldii ලෝකයේ විශාලතම මල

    2010 ජන සංගනනය අනුව මැලේසියාවේ සමස්ත ජන ගහනය මිලියන 28.33 ක්. එයින් මිලියන 22.6 ක්ම ජීවත් වෙන්නෙ මැලේසියානු අර්ධද්වීපය නම් කොටසෙ. සමහර අය තමන්ගෙ ජීවිත කාලය තුල කවදාවත් තමා ජීවත් වන කොටසින් අනෙක් කොටසට ගිහිල්ලා නෑ. :oo::oo:


    මැලේසියානුවන් ඉංග්‍රීසි වචන ලියන්නෙ තමන්ටම ආවේණික ක්‍රමයකට. බොහෝ විට වචනයේ ශබ්දය අනුව ලියන ක්‍රමයක් ඔවුන් අනුගමනය කරන්නෙ. ඉහත ටැක්සි යන්න ලියා ඇති ආකාරය බලන්න.
    උදාහරණ - Bus = Bas, Pharmacy = Farmaci , Police = Polis, Photo = Poto, Post = Pos, Sauce = Sos, Promotion = Promosi

    මැලේසියාවෙ ජීවත් වන ප්‍රධාන ජන වර්ග දෙස ඊලගට බලමු. ශත වර්ෂයකට, දෙකකට ප්‍රථම මැලේසියානු අර්ධද්වීපයට පැමිණි චීන ජාතිකයන්ගෙන් පැවත එන පරම්පරාව අද වන විට මැලේසියාවේ දෙවන විශාලතම ජන කොටස බවට පත් වී තිබෙනවා. ඔවුන් සමස්ත ජනගහනයෙන් 30% කට ආසන්නයි. පසු කලෙකදී මැලේ මුල් පදිංචිකරුවන් සමග මිශ්‍ර විවාහ ආදිය සිදු කිරීමෙන් ඔවුනුත් අද වන විට මේ රටේ සංස්කෘතික උරුමයට නතු වී තිබෙන අයුරු දකින්න හැකියි. මැලේසියාවේ සංස්කෘතික මූලිකාංග සුරකින ගමන්ම පාරම්පරික චීන චාරිත්‍ර වාරිත්‍ර ආදිය අනුගමනය කිරීමත් මේ අයගේ සිරිතක්. එකිනෙක අතර සුළු වෙනස්කම් ඇති චීන භාෂා රාශියක් මැලේසියාවේ වෙසෙන චීන සම්භවය ඇති ජනතාව භාවිතා කරනු ලබනවා. Cantonese, Mandarin, Hokkien, Hakka, Hainanese, සහ Foochow වැනි භාෂා එලෙස දැක්විය හැකියි.

    සමස්ත ජනවර්ග අතරින් තෙවැනි තැන හිමි වී තිබෙන්නේ ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ජනතාවට. ඒ අතරින් 85% පමණ දෙමළ ජාතිකයින්. අනෙක් අය අතර බහුතරය සීක් ජාතිකයින්. මෙලෙස සංක්‍රමණය වූ ජන කොටස මැලේසියාවේ සමස්ත ජනගහනයෙන් 10% ආසන්නයි. හින්දු දහමත් සික් දහමත් මෙලෙස පැමිණි ඇත්තන් නිසා මැලේසියාවේ පැතිරී ගොස් තිබෙනවා.

    මේ ජනවර්ග වලට අමතරව අතීතයේ මැලේසියාව යටත් කරගෙන සිටි පෘතුගීසීන්ගෙන් සහ ඉංග්‍රීසීන්ගෙන් පැවත එන යුරේසියානුවො (Eurasians) නමින් හදුන්වන ජන වර්ගත් සුළු වශයෙන් මැලේසියාවේ ජීවත් වෙනවා.


    සමස්තයක් විදියට ගත්තම මේ ජනවර්ග තමන්ගේ මවු රටවලින් මැලේසියාවට පැමිණියේ ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ, ආහාර, ඇදුම් පැලදුම් විලාසිතා, ආගම, සිරිත් විරිත් ආදියත් සමගින්. පසුකලෙකදී මැලේසියානු සංස්කෘතියත් සමග ඔවුන් හොදින් බද්ධ වුනා. අද වන විට බහුවාර්ගික රටක් විදියට මෙන්ම බහු ආගමික රටක් විදියටත් මැලේසියාව පවතින නිසා විවිධ රටවල් මගින්, විවිධ ආගම් මගින් මෙරට සංස්කෘතියට එකතු වුන ගති ලක්ෂණ හොදින් අත්විදින්න පුලුවන්.

    ශ්‍රී ලංකාව වගේම මැලේසියාවත් විවිධ ජාතීන් යටතේ යටත් විජිතයක් ලෙස පැවතී තිබෙනවා. පෘතුගීසි (1511 - 1641) ලන්දේසි (1641 - 1795) (1818 - 1825) ඉංග්‍රීසි (1826 - 1945) ජපන් (1942 - 1945) ආදිය ලෙස ඒවා කෙටියෙන් දක්වන්න හැකියි.

    අතීතයේදී මැලේසියානු අර්ධද්වීපයත්, නැගෙනහිර මැලේසියාව ලෙස අද හදුන්වන කොටසත්, සිංගප්පූරුව ලෙස පසුව වෙන් වූ භූමි ප්‍රදේශයත් එකම රටක් ලෙසයි පැවතී ඇත්තේ. මෙරට පසේ ඇතැයි ඉංග්‍රීසින් විසින් හදුනාගත් ටින් නම් ලෝහයත්, රබර් වැවිය හැකි යයි හදුනාගත් සාරවත් පොළවත් නිසාම මැලේසියානු අර්ධද්වීපයට ඔවුන්ගේ ඇල්ම බැල්ම වැටී තිබෙනවා.

    තම තමන්ගේ ව්‍යාපෘති වලට අවශ්‍ය කම්කරුවන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමේ උවමනාව මතයි චීන ජනතාව සහ ඉන්දියානුවන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ. ඒ වකවානුව වන විට ස්වදේශික මැලේ ජනතාව සුළු කර්මාන්ත සහ වී වගාවේ වැඩි වශයෙන් නිරතව සිටි පිරිසක්. නැගෙනහිර මැලේසියාව සහ සභා (Sabah) නම් ප්‍රදේශය වෙනස් පරිපාලනමය නීති රීති යටතේ පාලනය කල ඉංග්‍රීසීන් අද සිංගප්පූරුව පවතින භූමි භාගය තම පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි පැවති තොටුපල හා වරාය මේ කේන්ද්‍රස්ථානය එහි ඇති කිරීමට හේතු වෙන්න ඇති. එය ඉංග්‍රීසීන්ගේ වෙළද කටයුතු වලටත් විශාල රුකුලක් වෙන්නට ඇති. වර්තමානය වන විටත් නැගෙනහිර මැලේසියාවේ සමහර පළාත් වල නීති රීති වෙනස්. උදාහරණයක් ලෙස මැලේසියානු අර්ධද්වීපය කිට්ටුව පිහිටා තිබෙන ලංකාවි නම් දූපතට මැලේසියා රජය පැනවූ බදු අදාළ වෙන්නෙ නෑ.

    දෙවන ලෝක යුධ සමයේදී මැලේසියානු අර්ධද්වීපය, බෝනියෝ සහ සරවක් ආදී ප්‍රදේශ ජපන් හමුදා යටතට පත්ව තිබෙනවා. ඔවුන් දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක සිට රට පාලනය කල නිසා ස්වදේශික මැලේසියානුවන් අතරින් ක්‍රම ක්‍රමයෙන් විරෝධතා මතුවෙලා. කෙසේ හෝ දෙවන ලෝක යුද්ධය අවසාන වී මැලේසියාව යළි අත්පත්කරගත් ඉංග්‍රීසීන් රටේ විවිධ පළාත්, විවිධ ක්‍රමවේද අනුව පාලනයට නතු කර පවත්වාගෙන යමින් සිටි මේ ගොඩබිම් කලාප දෙක, එක්සත් මැලේසියාව ලෙස තනි ඒකකයක් බවට බත් කිරීමට සැලසුම් සකස් කලා.

    නමුත් ජපනුන්ට විරෝධතාව දක්වමින් එක්සේසත් වූ විවිධ ජනකොටස් ඒ වෙද්දි ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබාගැනීමට මලයානු එක්සත් සංවිධානය ලෙස සංවිධානය වීමත්, මැලේසියාවට සංක්‍රමණය වූ චීන ජාතිකයන්ට මෙරට පුරවැසි කම ලබා දීමට එකග වීමත්, එම සංවිධානයේ අනුදැනුම සහ සහයෝගය යටතේ චීන ජාතිකයන් ඉංග්‍රීසීන් වෙත වරින් වර ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආදී සිදුවීම් රාශියක අවසන් ප්‍රතිඵලය ලෙස 1957 අගෝස්තු 31 වෙනි දින ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගැනීමට මැලේසියාවට හැකිවුනා. ඉංග්‍රීසීන්ගේ යටත් විජිත ලෙස පැවති සිංගප්පූරුව, උතුරු බෝනියා සහ සරවක් ආදිය මැලේසියානු සමස්ත භූමිය ලෙස ඒ අවස්ථාවේ ඇතුලත්ව තිබුනත් 1965 දී සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී ස්වාධීන රටක් බවට පත්වුනා.

    2014 වසර මැලේසියාවේ සංචාරක වසර ලෙස නම්කොට තිබේ. ඔබ සංචාරයක් උදෙසා මැලේසියාවට පැමිණෙනවා නම් මේ ඒ සදහා හොදම වසරයි.
    ශ්‍රී ලංකාවට වසර 9 කට පසු නිදහස ලැබූ මැලේසියාවට වර්තමාන දියුණුව අත්පත් කරගැනීමට හැකි වුනි නම් ඇයි අපට නොහැකි වුනේ. ඒ ගැටලුවට පිළිතුර කුමක් විය හැකිද ?

     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    අතීතයේදි බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවතුනත් වර්තමානයේදී මුස්ලිම් බහුතර ජනතාවක් සිටින රටක් බවට මැලේසියාව පත් වෙලා

    අපේ රටටත් මේ ඉරණම අත් නොවේවා