අහිමි ඇය සහ හිමි නුඹ..

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අහිමි ඇය සහ හිමි නුඹ..

    අහිමි ඇය සහ හිමි නුඹ..,



    දුටුවෙමි එළියක් අදුර තුලින් මතුවී

    සිතුවෙමි දුරක් ඒ එළියේ සිරවී

    නොසිතූ විලස ගිය විට ඒ එළිය නිවී

    ඝනදුර පමනයි තිබුනේ ඉතිරි වී



    රැවටී ගිහින් මිරිගුවක් පසුපස හඹා ගිහින්

    වූයෙමි අතරමං මහ වාලුකා කතරකින්

    ලග සිටි කිසිවෙකුත් කී දේ නොතකමින්

    මිරිකී ගියෙමි පාලුව තනිකමින්



    මිරිගුවක් වුවත් සැමදා මා ආදරේ කළා

    කිසිදා නොසිතුවත් එය මා හැරදමා ගියා

    මතකයන් හඩයි ගෙන දෙමින් වේදනා

    සිතුවෙමි සිටින්නට තනිවී සැමදා



    හෙම්බත්වී මා මහ වාලුකා කතර තුල‍

    දිය පැන් පොදක්වත් මුව තුල නොමැති කල

    එකිනෙක සුන්වී ගියත් ජීවිතේ පැතුම් රැල

    වෙනකෙක් නොපැතුවෙමි මේ දිවිය තුල



    හමා විත් සීතල සිහින් පවන් රැලක්

    සීතල වැහිබිදු නොදැවටී වේලී ගොස් තිබුන කලක්

    ගත සිත තෙමුවා ගෙනදී නව පැතුම් රැසක්

    පර වුන ජීවිතයට ගෙන දී නව අරුතක්



    දැනුනත් සිතට මලෙක මෙළෙක සුවඳ

    මහමෙරෙක තරම් ආදරයක සළකුණු නිබද

    නැතිවම නොවෙයි හැගුමන් මේ සිත තුලද

    ඇත්තේ සැකය වේදෝ මිරිගුවක් නුඹද



    දැනුනා මිහිර, සුවඳ ලස්සන ඒ සුවද මලේ

    ඇදුනා ලස්සන ඔබෙ රුව මා හද පතුලේ

    දෙනවද රැදෙන්නට සැමදා නුඹ තුරුලේ

    වෙනසක් නොකර නුඹ ආදරේ කිසිම කලේ


    11051819_10204273532753320_882043514970660677_n.jpg
     
    • Like
    Reactions: RIDER89

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අමතක කරනට පමණක්
    නොම හැකි - යමක් වෙද
    ඒ් නම් ම'සිත රිදවන මතකයයි
    නුඹ ගැන මතකය පමණමයි . . .