අහෝ., වැද්දන් දන්න ලන්කට්..!
අහෝ., වැද්දන් දන්න ලන්කට්..! 1920 දී පටිගත කළ හර්බට් රාජපක්ෂයන් විසින් ගැයූ ‘ධර්ම බුදුන්ගේ‘ මුල් ගීතය මෙන්න
ජීවිත කාලයක් මාලු යැයි කියා බොම්බිලි කරෝල කෑ පුද්ගලයෙකු පළමු වරට තෝර මාලු කෑල්ලක් කෑ කල්හි තෝර මාලුව ‘මේ මොන ජරාවක්දැ‘යි කියනු නිසැක ය. එමෙන්ම විද්යුත් නාලිකාවලින් දිනපතා කොත්තු රොටි සංගීතය කනට දමා ගත් මැටි පූසෙක් ඔපෙරා ගායනයක් බැළලියෙක් කෑ ගසනවා වැනි යැයි කීම ද පුදුමයට කරුණක් නොවන්නේය.
නිදහස් දිනයේ ඔපෙරා ශෛලියෙන් ‘දන්නෝ බුදුන්ගේ ගීතය‘ කිෂානි ජයසිංහ නමැති අන්තර්ජාතික කීර්තියට පත් ශ්රී ලාංකික නීතිවේදී ගායිකාවක විසින් ගයනු ලැබීම පෙර කී බොම්බිලි කරෝල කාරයන්ගේද කොත්තු රොටි මැටි පූසන්ගේද ගර්හාවට ලක් විය.
එම ගීතය 1920 යටත් විජිත යුගයේදී මුල් වරට කරන ලද පටිගත කිරීමක් අප පාඨකයෙකු විසින් ලංකා ඊ නිව්ස් වෙත එවා තිබේ. හර්බට් රාජපක්ෂ මහතා විසින් ගායනා කර ඇති එම ගීතය සංගීතවත් කර ඇත්තේ දේවාර් සූර්යසේන මහතා විසිනි. එකී පළමු ගායනය බොහෝ සෙයින් කිට්ටු වන්නේ කිෂානි ජයසිංහගේ ඔපෙරා ශෛලියට බව ඇසූ කල්හි තේරුම් යනු ඇත. එපමණක් නොව එම ගීතය ආරම්භ වන්නේ ‘ධර්ම බුදුන්ගේ‘ යනුවෙනි. පසුකලෙක මෙම ගීතය යලි යලිත් ගායනා කළ රුක්මනී දේවිය අමරදේව නන්දා මාලිනී පවා මුල් ගීතයේ ගායනා විලාශය පමණක් නොව අතර මැද පද පවා බොහෝ සෙයින් වෙනස් කර තිබේ. රුක්මනී දේවියට අමරදේවට නන්දා මාලිනීට නව ගායනයක් ලෙස එම ගීතයට හානියක් නොවන සේ වෙනස් කිරීමට අයිතියක් ඇත් නම් කිෂානි ජයසිංහට පමණක් නොව අනාගතයේ බිහිවන ඕනෑම ගායන ශිල්පියෙකුට ශිල්පිනියකට ද එම අයිතිය ඇත්තේ ය. ලෝකය යනු වෙනස් වෙමින් ඉදිරියට යන්නක් මිස මැටි පූසන්ට හෝ බොම්බිලි කාරයන්ට අතින් වසා නවත්වාලිය හැක්කක් නොවන්නේම ය.
අහෝ.., වැද්දන් දන්න ලන්කට්..!
හර්බට් රාජපක්ෂ විසින් ගැයූ 1920 දී පටිගත කළ මුල් ගීතය පහතින් අසන්න