අළුකවුඩා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)

    කළු පැහැයට හුරු දිගු පෙඳයක් සහිත කවුඩන් විශේෂ 22ක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් විශේෂ පහක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර අළු කවුඩා ශ්‍රී ලංකාවට වරින් වර පැමිණෙන නිහැරි කුරුල්ලෙකි. ශ්‍රී ලංකා සිළු කවුඩා මෙරටට ආවේණිකය.
    අප්‍රිකාවේ සිට දකුණු ආසියාව හරහා චීනය දක්වා නැගෙනහිර දෙසටත්, ඕස්ට්‍රේලියාව දක්වා දකුණු දෙසටත් කවුඩෝ පැතිර සිටිති.
    ඒ අතරින් අළු කවුඩා ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ ග්‍රේ ඩ්‍රොන්ගෝ නැතිනම් ඈෂි ඩ්‍රොන්ගෝ නමිනි. සත්ත්ව විද්‍යාත්මකව ඩික්රුරුස් ලෙවුකොෆේයුස් ලෙස Dicrurus leucophaeus හැඳින්වේ.
    සෘජු ඉරියව්වකින් ලැග සිටින කවුඩන් වරින් වර ගුවනට පියඹා කෘමි සතුන් අල්ලා ආහාරයට ගනී. ඉතා කඩිසර පක්ෂියෙකි. කවුඩන් අතරින් අළු කවුඩා දකුණු ආසියාවේ සහ ගිනිකොණදිග ආසියාවේ පැතිර සිටියි. වැඩුණු අළු කවුඩාගේ ප්‍රධාන වර්ණය වන්නේ තද අළු පැහැයයි. දෙබලක් මෙන් දික්ව වැඩුණු වලිගය ද විශේෂ ලක්ෂණයකි.
    මෙරට වාර්තාවන කවුඩන් අතරින් වඩාත් ලා පැහැති විශේෂය වන්නේ අළු කවුඩාය. ඉන්දියාවේ සිට ශීත කාලයේ දී මෙරටට එන අළු කවුඩා මෙරට පහතරට වියළි කලාපයේ නැගෙනහිර ප්‍රදේශයේ වැඩිපුර දක්නට ලැබෙයි.
    අළු කවුඩා ද වෙනත් පක්ෂීන් ඇතුළු සතුන්ගේ හඬ අනුකරණය කිරිමේ හැකියාවෙන් යුක්තය. ඉතා කෙටි පාද දෙකක් සහිත අළු කවුඩා නිතර ම උසැති ගස් මුදුන්වල වාසය කරයි.
    තනියම වාසය කිරීමට ප්‍රියකරන කවුඩා කුඩා කණ්ඩායම් ලෙස ද සිටිනු දක්නට ලැබෙයි. මැයි සිට ජුනි දක්වා කාලයේ දී කැදලි තනා රතු පැහැයට හුරු දුඹුරු පාට බිත්තර තුනක් හෝ හතරක් දමයි.
    ඉතා නිර්භීත කුරුල්ලකු ලෙස ප්‍රකටය.



    dsc5754a.jpg


    Dicrurus_leucophaeus_2.jpg


    Ashy-Drongo-sabah_08345.jpg


    _dsc5754a.jpg



    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)


    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුන්ට සද්ද එහෙම පට්ට විදියට අනුකරණය කරන්න පුලුවන්...:cool:

    පූසන්ට එහෙම ඤාව් කියලා ලඟින් පියාඹලා ආතල් ගන්නවා ඕකුන්.. :lol:ෆුල් ෆන් එකේ ඉන්න කුරුල්ලො ටිකක්.:rofl: