අළුත් අවුරුදු පැතුම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අළුත් අවුරුදු පැතුම

    මගේ අළුත් අවුරුදු පැතුම්


    ගිය වසරේ නොදුටු සිනා...
    මේ වසරේ වත් දකින්න...
    ගිය වසරේ නොඇසු කථා...
    මේ වසරේ වත් අසන්න....
    වසරෙන් වසරට ගලනා...
    මේ දිවි ගග හැඩ කරන්න...
    ආදරයක් කියා දෙයක්...
    මගේ ලොවෙත් උදා වෙන්න...

    පුබුද්ධ කවි කථා අතර...
    සරළව දුටු දෙය ලියන්න...
    හදවත රැදි සොදුරු සිතුම්...
    වදන් වලට ගොණු කරන්න...
    ගැරහුම් බාධක අතරින්...
    නොපසුබටව පෙරට යන්න...
    සම්මානෙන් එහා තියෙන...
    පාඨක හදවත් දිනන්න....

    දිනෙන් දිනෙට පිය නගනා...
    කන්තෝ‍රුව සිහි කරන්න...
    පඩි ලැබෙනා දවස සොයා...
    හැම මාසෙම පියාඹන්න...
    වසර පුරා මගේ කොටස..
    නොපිරිහෙලා ඉටුකරන්න..
    හැමදාමත් මෑන්පවර්...
    හැකිනම් ස්ථිර වෙන්න..

    කොපමණ රජ සැප තිබුනත්...
    දිව්‍ය ලොවේ සුව මැවෙන්න...
    රජෙකු වුවත් දුගී වෙමැයි...
    අසනීපෙන් වෙලා ගන්න...
    නිරෝගිකම උතුම් නිසා...
    හැමදාමත් එහෙම ඉන්න...
    පතමි සැමට සුභ වසරක්...
    නිදුකින් ජය කරා යන්න.....!

    2.gif


     
    • Like
    Reactions: lahirufx+

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සදාකලික නොවු ලෝකේ
    සදාකලික ප්‍රේමයක්
    සොයා නෙක ගම්දන්ව් පීරා
    ගෙවු කාලය සිහිනයක්

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කදුලින් සෙදිලා
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා

    එදා ළග සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකලික නොවු ලෝකේ
    සදා කෙලෙසද පෙම් බඳින්නෙ


    සුබ නව වසරක් වේවා මචෝ​
    :)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි...හිතේ තියන සියලුම පැතුම් ඉටු වේවා කියල පතනවා...