අළුත් අවුරුදු පැතුම
මගේ අළුත් අවුරුදු පැතුම්
ගිය වසරේ නොදුටු සිනා...
මේ වසරේ වත් දකින්න...
ගිය වසරේ නොඇසු කථා...
මේ වසරේ වත් අසන්න....
වසරෙන් වසරට ගලනා...
මේ දිවි ගග හැඩ කරන්න...
ආදරයක් කියා දෙයක්...
මගේ ලොවෙත් උදා වෙන්න...
පුබුද්ධ කවි කථා අතර...
සරළව දුටු දෙය ලියන්න...
හදවත රැදි සොදුරු සිතුම්...
වදන් වලට ගොණු කරන්න...
ගැරහුම් බාධක අතරින්...
නොපසුබටව පෙරට යන්න...
සම්මානෙන් එහා තියෙන...
පාඨක හදවත් දිනන්න....
දිනෙන් දිනෙට පිය නගනා...
කන්තෝරුව සිහි කරන්න...
පඩි ලැබෙනා දවස සොයා...
හැම මාසෙම පියාඹන්න...
වසර පුරා මගේ කොටස..
නොපිරිහෙලා ඉටුකරන්න..
හැමදාමත් මෑන්පවර්...
හැකිනම් ස්ථිර වෙන්න..
කොපමණ රජ සැප තිබුනත්...
දිව්‍ය ලොවේ සුව මැවෙන්න...
රජෙකු වුවත් දුගී වෙමැයි...
අසනීපෙන් වෙලා ගන්න...
නිරෝගිකම උතුම් නිසා...
හැමදාමත් එහෙම ඉන්න...
පතමි සැමට සුභ වසරක්...
නිදුකින් ජය කරා යන්න.....!
ගිය වසරේ නොදුටු සිනා...
මේ වසරේ වත් දකින්න...
ගිය වසරේ නොඇසු කථා...
මේ වසරේ වත් අසන්න....
වසරෙන් වසරට ගලනා...
මේ දිවි ගග හැඩ කරන්න...
ආදරයක් කියා දෙයක්...
මගේ ලොවෙත් උදා වෙන්න...
පුබුද්ධ කවි කථා අතර...
සරළව දුටු දෙය ලියන්න...
හදවත රැදි සොදුරු සිතුම්...
වදන් වලට ගොණු කරන්න...
ගැරහුම් බාධක අතරින්...
නොපසුබටව පෙරට යන්න...
සම්මානෙන් එහා තියෙන...
පාඨක හදවත් දිනන්න....
දිනෙන් දිනෙට පිය නගනා...
කන්තෝරුව සිහි කරන්න...
පඩි ලැබෙනා දවස සොයා...
හැම මාසෙම පියාඹන්න...
වසර පුරා මගේ කොටස..
නොපිරිහෙලා ඉටුකරන්න..
හැමදාමත් මෑන්පවර්...
හැකිනම් ස්ථිර වෙන්න..
කොපමණ රජ සැප තිබුනත්...
දිව්‍ය ලොවේ සුව මැවෙන්න...
රජෙකු වුවත් දුගී වෙමැයි...
අසනීපෙන් වෙලා ගන්න...
නිරෝගිකම උතුම් නිසා...
හැමදාමත් එහෙම ඉන්න...
පතමි සැමට සුභ වසරක්...
නිදුකින් ජය කරා යන්න.....!

