අළුතෙන් වාහනයක් ගන්න පිළිවෙල

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    අළුතෙන් වාහනයක් ගන්න පිළිවෙල

    පළවෙනි වාහනේ ගන්නයි හදන්නේ ❤️
    හැබැයි මචංලා මෙ සබ්ජෙක්ට් එක ගැන දැනුම 0යි. මේ වැඩේ ඝනියම කරගන්නේ කොහොමද කියලා පොඩි චකිතයක් තියෙනවා.
    ඉතින් දෙයියෝ වාගේ උදව්වට ඉන්නේ කිරිය.


    මට කියනවද අළුතෙන්ම වාහනයක් ගනිද්දි ඒක කරගන්න පිළිවෙල මොකක්ද? ඒ කිව්වේ ඔය වාහනේ රෙජිස්ටර් කරන එක, ගන්න එක, ගනිද්දි සල්ලි දෙන්නේ කෑශ්ද නැත්නම් පේ ඔර්ඩර්ස්ද, ඒජන්ට්ගෙන් ගන්න එකද හොඳ නැත්නම් සේල් එකකින්ද වගේ ප්‍රශ්න ගොඩකින් කන්ෆියුස් වෙලයි ඉන්නේ. .. මොකක්ද මේ වාහනයක් ගැනීමේ ප්‍රොසීඩියර් එක?

    තව දෙයක් දැන ගන්න ඕනෙ. අතේ සල්ලි තිබ්බත් එකපාර සල්ලි දීල ගන්න එපා කියලා කට්ටිය කියනවනේ... ඉතින් මොකක්ද හොඳම විදිය?
    ඒ සල්ලි fd දාලා ඒකෙන් ලෝන් එකක් අරන් වාහනේට ගෙවන එකද? ලීස් කරන එකද? ලෝන් එකකින් ගන්න එකද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    සේල් වලින් ගන්නවා නම් ඔය මොනව කරන්නත් ඉස්සෙල්ල ඒජන්ට් ළඟට දාල ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න ඕන. සේල් වලින් නිෂ්පාදකයගෙ වගකීමක් දෙන්නෙත් නෑ.

    http://www.elakiri.com/forum/showpost.php?p=24904014&postcount=1

    http://www.elakiri.com/forum/showpost.php?p=24904128&postcount=9
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    1. අතේ සල්ලි තියාගෙන ලිසින් දාන එක මෝඩ කමක්. ලීසින් එක ගෙවලා ඉවර වෙනකොට වාහන දෙකක් ගන්න පුළුවන් ගෙවපු ගානට
    2. වාහනේ ගන්නේ Agent ගෙන්ද නැත් නම් වෙනත් තැනකින් ද කියන්න බැහැ වාහනේ මොඩ්ල් එක දාන්නේ නැතුව.
    3. පාවිච්චි කරපු වාහන ගැන බයවෙන්න දෙයක් නැහැ .වාහන ලංකාවට ගෙන්නන Agent ගෙන් Vehical Health රිපෝට් එකක් ගන්න පුළුවන්. 100% වාහනේ චෙක් වෙනවා .
    4. රෙජිස්ටර් කරන ඉන්සුවරස් අනන් මනන් ඔක්කොම වාහනේ ගන්න තැනින් කරලා දෙනවා .(මොකෝ උන්ට කොමිස් එකක් එනවා)
    5.ගෙදරකින් නම් ගන්නේ උන් ඔක්කොම කරලනේ තියෙන්නේ. වාහනේ ඔයාගේ නමට පවරා ගන්න විතරයි තියෙන්නේ.
    6. සල්ලි දෙනකොට චෙක් එකකින් දෙන්න පුලුවන්නම් .නැත්නම් සල්ලි දීලා රිසිට එකක් හරි ලිවීමක් හරි ගන්න වාහනේ අංක දාලා සල්ලි ගත්ත කියලා මුද්දරක් උඩ අත්සන් කරලා

    මොනවා කරන්නත් කලින් ගන්න වාහනේ මොකක් ද කියලා තීරණය කරලා ඒ වාහනය කොහෙන්ද අඩුවට විශ්වාස ලෙස ගන්න පුළුවන් කියලා හොයන්න . මොකද එකම වාහනය තැන් 4 බැලුවොත් වෙනස් ගණන් තමා කියන්නේ.
    (වාහනේ ගන්න කලින් ලොකු ගණන් ඇඩ් වාන්ස් දෙන්නත් එපා)
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon