අළු බඳුනේ කතාව – 1
ක්‍රිකට් ගැන දන්න ඕන කෙනෙක් අළු බඳුන නැත්නම් Ashes තරගාවලිය ගැන අහල ඇතිනෙ. අද මම කතා කරන්න යන්නේ මේ අළු බඳුන තරගාවලිය ගැන. මුලින්ම කියන්න තියෙන්නෙ මේ තරගාවලිය පැවැත්වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ආදිතමයන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. මෙහෙම කියද්දි මතක් වුණේ මීට අවුරුදු කිහිපයකට කලින් එක්තරා ඉන්දීය ක්‍රිකට් ලෝලියෙක් කියපු කතාවක්. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය ගැන හැමෝම කතා කරනකොට මදිපාඩුවක් දැනුන ඉන්දියානුවෙක් අහනවලු තමන් ළඟ හිටපු ඕස්ට්‍රේලියානුවෙක්ගෙන් “ඇයි ඔයාල අළු බඳුන අපිත් එක්ක සෙල්ලම් කරන්නෙ නැත්තෙ…පරදියි කියල බයද?” ඒ වුණාට ලංකාවෙ නම් ඉන්නෙ බොහොම බුද්ධිමත් ක්‍රිකට් ලෝලීන් පිරිසක් බව හැමෝම දන්නවනෙ.
අළු බඳුන හෙවත් Ashes Urn
දැනට මේ තරගාවලිය පැවැත්වෙන්නෙ වසර දෙකකට වරක්. සත්කාරකත්වය දෙරට අතර මාරුවෙනව. එක් තරගාවලියක් ටෙස්ට් තරග 5කින් සමන්විත වෙනව. (ඇතැම් අවස්ථාවල තරග 4 හෝ 6 බැගින්ද පවත්වා තිබෙනවා) සාමාන්‍යයෙන් මීට අමතරව පුහුණු තරග සහ එක්දින තරගාවලියකිනුත් සමන්විත නිස මේක ඉතා දීර්ඝ සහ බැරෑරුම් තරග සමයක් ලෙස දෙරටේ ක්‍රීඩකයන් සලකනව. මාස ගණනාවක තරගාවලියක් නිසා ශාරීරික යෝග්‍යතාවය අදී කරුණු ඉතා වැදගත්. සංසන්දනාත්මකව බැලුවොත් ශ්‍රී ලංකාව වැනි රටකට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ පුහුණු තරග ඉතා අඩු ගණනක් සමග උපරිම ටෙස්ට් තරග 3ක තරගාවලි.
ඒ වගේම මේක අනෙක් ටෙස්ට් තරගාවලි වලින් තරමක් වෙනස්. තරගාවලිය ජය ගන්නා කණ්ඩායම අළු බඳුන තමන් සතු කරගන්නවා. විරුද්ධ පිළ නැවත තරගාවලියක් ජයගන්නා තුරු අළු බඳුනේ අයිතිය ඔවුන් සතුයි. තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වුණොත් අළු බඳුනේ හිමිකාරිත්වය දරණ කණ්ඩායම ඉදිරි තරගවාරය තෙක් එය ඔවුන් සතුව තබාගන්නවා. උදාහරණයක් ලෙස 1989 සිට 2005 දක්වා අළු බඳුන තමන් සතු කරගැනීමට ප්‍රභල ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා. 2009 සහ 2010/11 තරගාවලි ජයගනිමින් මේ වනවිට අළු බඳුන තිබෙන්නේ එංගලන්තය සතුවයි.
තවත් විශේෂත්වයක් තමයි සම්ප්‍රදායානුකූලව මෙම ටෙස්ට් තරග පවත්වන්නේ නිශ්චිත තෝරාගත් ක්‍රීඩාංගන වල පමණයි. ඕස්ට්‍රේලියාවේ නම් බ්‍රිස්බේන් (Gabba), ඇඩිලේඩ් (Adelaide Oval), පර්ත් (WACA), මෙල්බර්න් (MCG) සහ සිඩ්නි (SCG) ක්‍රීඩාංගන වලත් එංගලන්තයේ නම් ලන්ඩනයේ Oval, මැන්චෙස්ටර්හි Old Trafford, ලන්ඩනයේ Lords, යෝර්ක්ෂයර්හි Headingly සහ බර්මිංහැම්හි Edgbaston යන ක්‍රීඩාංගන වලත් තරග පැවැත්වෙනවා.
අළු බඳුන තරගාවලිය ආරම්භ වුණේ 1882දි. එදා පටන් අද දක්වා තරගාවලි 66ක් පවත්වා තිබෙනවා. (පළමු සහ දෙවන ලෝක යුධ සමයන්හිදී තරගාවලිය පැවැත්වුණේ නැහැ.) එයින් තරගාවලි 31ක් ඕස්ට්‍රේලියාව ජයගෙන ඇති අතර එංගලන්තය තරගාවලි 30ක් ජයගෙන තිබෙනවා. තරගාවලි 5ක් අවසන් වුණේ ජය පැරදුමෙන් තොරව. තරග වශයෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව තරග 123කිනුත් එංගලන්තය තරග 100කිනුත් ජයගෙන තිබෙන අතර තරග 87 draw වෙලා තියෙනව.
අළු බඳුන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා ලෙස ලකුණු 5028ක් රැස් කළ ඕස්ට්‍රේලියාවේ සර් ඩොන් බ්‍රැඩ්මන් ද වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 195ක් දවා ගත් ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන් ද වාර්තාගත වෙනවා. වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් ලබා ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ රොඩ් මාර්ශ්. තරගාවලි ඉතිහාසයේ හොඳම ඉනිම ලෙස එංගලන්තයේ ලෙන් හට්න් රැස් කළ ලකුණු 364 සහ හොඳම පන්දු යැවීම ලෙස එංගලන්තයේම ජිම් ලේකර් ඉනිමකදී ලබාගත් කඩුලු 10 (10/53) වාර්තා වෙනවා.
කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස එංගලන්තය රැස් කළ ලකුණු 903 ත් (1998දී ශ්‍රී ලංකාව විසින් බිඳ හෙලන තුරු මෙය ලෝක වාර්තාවක් ලෙසත් පැවතුණා.) අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ඕස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 36ත් වර්තා පොත් අතර තිබෙනවා. ඊට අමතරව අළු බඳුන තරගාවලි ඉතිහාසයේ hat-tricks 9ක්ද වාර්තා වෙලා නියෙනවා.
අළු බඳුන ගැන පොඩි අවබෝධයක් ගත්තනේ.අළු බඳුනේ ආරම්භය ගැන කියවෙන රසවත් කතාව තවත් දවසක ලියන්නම්.
මම ලියපු වෙනත් ත්‍රෙඩ්ස් :
1.අද ක්‍රිකට් පිටිය
2.අපි නොදන්න Hat-trick
ක්‍රිකට් ගැන තවත් කියවන්න ආස නම් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ල යන්න.
හැබැයි අතිශයින්ම ක්‍රිකට් පිස්සන් සඳහා පමණයි.