අ...අ..අ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මැතිවරණයේ අපූරු දෑ අසන්නට ලැබේ. එක් අපේක්ෂකයෙකුගේ නම "අඅඅඅ" වේ. කිසිදු අර්ථයක් නැති එවැනි නමක් මුල් නම ලෙස දැමූ අම්මා තාත්තා මොකාදැයි දන්නේ නැතත් එවැනි නමක් සහිත පුද්ගලයා වන්නේ කොළඹට එජාපයෙන් තරඟ කරන දොස්තර "අඅඅඅ තිවංක විෙජ්වර්ධන" ය.

    මනාප අංකය වශයෙන් 1 ලබා ගැනීම සඳහා මේ හාදයා උප්පැන්න සහතිකය හඳුනාගැනීමේ පත්‍රය සහ ගමන් බලපත්‍රය ආදිය සියල්ල ඉහත ආකාරයෙන් අඅඅඅ තිවංක විෙජ්වර්ධන ලෙස වෙනස් කරගෙන තිබේ.

    මේ හේතුව නිසා වසර 15 ක් කොළඹ එජාප ලැයිස්තුවේ අංක 1 හිමිව තිබූ අජන්ත නිරෝෂන් පාදුක්කට අංක 1 අහිමි වී ඇත.

    මේ ගැන අදහස් පළ කළ එක්තරා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කීවේ මේකාට අ අ අ අ ලෙස අයනු 4 ක් දමා ඇත්තේ තාත්තලා 4 ක් සිටින නිසා විය හැකිය කියා ය.

    අඅඅඅ' මදිවාට 'අආ' ත් ඡන්දය ඉල්ලයි: ඔවුනට මනාප අංක එක ලැබිලා: මැතිවරණ නම් විකාරයක් වෙන ලකුණු----

    දකුණු සහ බස්නාහිර පළාත් හි අපේක්ෂකයින් සදහා මනාප අංක නිකුත් කිරීම අද සිදු කෙරිණ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් හි අපේක්ෂකයින් දෙදෙනෙකු මනාප ලැයිස්තුවේ ඉහළින්ම ඇති 'අංක එක' ලබා ගැනීම සඳහා තම උප්පැන්න සහ ජාතික හැඳුණුම්පත් වෙනස් කිරීම සම්බන්ධයෙන් මනාප අංක නිකුත් කිරීමේදී වෙනසක් දක්වා නොතිබිණ.
    1798331_599662423448966_527616702_n.png

    'අඅඅඅ' ලෙස නම වෙනස් කළ අයෙකු කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් ද, 'අආ' ලෙස කොටසක් තම නමට ඇතුලත් කොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයෙකු ගම්පහ ලැයිස්තුවෙන් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. 'අඅඅඅ' සහ 'අආ' යන අකුරු එකතු කිරීම නමක් ලෙස අර්ථ ගැන්විය හැකි ද යන්න ප්‍රශ්නකාරීය. අද මනාප නිකුත් කිරීමේදී ඔවුන්ට අංක එක ලැබීම නිසා අනාගතයේදී අංක එක ලබා ගැනීම සඳහා මෙවැනි බහුරූ නම් මුලට ඈඳීම තරඟකාරීව සිදුවනවා ඇත. එවිට 'අ'යනු සිය දහස් ගණන් මුලට එක් කරන ලද නම් බිහිවනු නියතය
     
    • Like
    Reactions: djjaya

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    :angry:දෙකටම දෙන්නේ නැතෝ
    මනාප ඕනත් නැතෝ .
    එක කතිරයක් ඇතෝ .