'ආගමික නිදහස ගැන බියවිය යුතු නැහැ' -ජනපති
රටේ ආගමික නිදහස පිළිබඳ කිසිවෙකුටත් බියවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම එම කාරණය අවධාරණය කළේ මහවැලි බී සහ සී කලාපවල ගොවි පවුල් 5500 කට ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය ගිරාඳුරුකොට්ටේ මහවැලි ක්‍රීඩාංගනයේදී ඊයේ (19) අමතමිනි.
සියලූ ආගම් සුරක්ෂිත කිරීමට රජය පියවර ගෙන ඇති බව පැවසු ජනාධිපතිවරයා, වත්මන් රජය රටට ගෙන ආ සංවර්ධනය විහිළුවකට ගෙන ඇතැමුන් ගැටලූ ඇති කරමින් රට ආපස්සට හැරවීමේ උත්සහයක නිරත වන බව ද එහිදී අවධාරණය කළේය.
එවැනි පටු දේශපාලන වුවමනාවන්ට ඉඩ නොතබා සියලූ ජනතාවගේ ජන ජීවිත ඉහළට ඔසවා තැබීමට ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට ජනතාව ඉඩ නොතබනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.