බුද්ධ දර්ශනයේ සෑම ඉගැන්වීමක්ම කේන්ද‍්‍රගත වෙන්නේ තමාගේ මනස වටා... ‘‘මනෝ පුබ්බං ගමා ධම්මා...’’ ආදි වශයෙන් දේශනාගත වෙලත් තියෙන්නේ ඒ නිසයි.... මෙහෙම හිතපං... කාණු දෙකක් තියෙනවා... එක කාණුවක් කඩතොලු තියෙන වළවල් තියෙන කාණුවක්.... අනෙක බොහොම මට සිලුටු වතුර නොරැුදී ගලන විධිමත් කානුවක්... ඔය කාණු දෙකෙනේ නානා ප‍්‍රකාර වතුර ගලාගෙන යනවා... මුලින් කියපු කාණුවේ අරව මේව කුණු වතුර රැුදෙනවා... කාලයක් යන කොට ඒ කාණුව පිරිල උතුරල කාණුව විතරක් නෙවෙයි හතර දිග් භාගයම ගද ගස්සවනවා... අනෙක් කාණුවේ වතුර කුනු රැුදෙන්නේ නෑ.... හොද වතුර ආවත් පල් වතුර ආවත් කාණුවට වගේ වගක් නෑ.... මනා පුහුනු කළ, මනා සංයමයක් ඇති, කිසිවකට නොඇලෙන සිතත් ඒ කාණුව වගේ... මුලු බුද්ධ ඉගැන්වීමේම මූලික හරය වෙන්නේ ඒකයි.... එහෙම පුහුණු කළ හිතකට විශේෂයෙන් දුකක් සතුටක් ආදි වශයෙන් වූ අටලෝ දහමට ඇලෙන්නේ නෑ.... කන්නේ හරක ද පෙවෙන්නේ ක්‍ෂුද‍්‍ර ජීවියද කියනවාට වඩා ක‍්‍රමානුකූලව තමන්ගේ මනස දියුණු කරගෙන යථාවබෝධය ලබාගන්න කොට අන්තිමට ශූන්‍යය තත්වයක් හිතට දැනේවි.. ආන්න එතනදී නියම බුද්ධ දර්ශනයේ සැහැල්ලුව සත්‍යතාවය තේරුම් ගනීවි.... මහා විකාර අටමගලවලට හිරවෙලා දගලනවාට වඩා තමන්ගේ මනස විටින් විට විවිධ අවස්ථාවල කි‍්‍රයාත්මක වන ආකාරය දිහා බලල අවබෝධ කරගත්තාම ඔය වගේ දෙකයි පණහේ විකාර අදහස් හිතට එන්නේ නෑ.... (ප.ලි. මම ආගමක් අදහන්නේ නෑ... කවුරු හරි මගෙන් ඇහුවොත් මට ආගමක් තියෙනවද කියල මම කියන්නේ මට ආගමක් නෑ කියල... හැබැයි මම දර්ශනයක් අනුගමනය කරනවා... ඒ බුද්ධ දර්ශනය... ආගමක් අදහන එකා කරන්නේ එක තැනක නැවතිලා යැද යැද බාහිර පුද්ගලයෙක් තමන්ට විමුක්තිය ගේනකං විරවපට්ටං ගහගෙන ඉන්න එකයි... දර්ශනයක් අනුගමනය කරන එකා කරන්නේ ඒ ඔස්සේ ගමන් කිරීමයි.... ඉතිං මම ගොඩාක් සාම්ප‍්‍රදායික බෞද්ධයා කරන දේවල් වලින් ඈත් වෙලා තියෙනවා... ඒ ඈත්වීම තුළම නියම බුද්ධ ඉගැන්වීමට හිත ඒකාත්මික වෙනවා...*