ආගමික ප්‍රශ්නයක් ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    චේතනාව යහපත් ද අයහපත් ද කියලා උබම හිතලා බලපන් මස් කන එකත් බුදු දහමේ සදහන් වෙන්නේ මේ විදියටම තමා. උබ ඔය ගේන තර්කේ ට වඩා හොඳ එකක් මම දෙන්නම් උබ ට අපේ හමුදාවේ කොල්ලො ගැන මොකද හිතෙන්නේ උබ ට උන් වගේ පව් කාරයො තවත් නෑ වගේද? එතකොට හිරේ අලුගෝසු තනතුර දරන මනුස්සයා ගැන??? චේතනාව මත තමයි හොඳ නරක තීරණය වෙන්නේ.

    මස් මඩුවේ හරක් මරණ එකාටත් පවක් නෑනේ.... ඌ හරක් එක්ක තරහක් නෑ... ජිවත් වෙන්න රස්සාවක් කරනවා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධ දර්ශනයේ සෑම ඉගැන්වීමක්ම කේන්ද‍්‍රගත වෙන්නේ තමාගේ මනස වටා... ‘‘මනෝ පුබ්බං ගමා ධම්මා...’’ ආදි වශයෙන් දේශනාගත වෙලත් තියෙන්නේ ඒ නිසයි.... මෙහෙම හිතපං... කාණු දෙකක් තියෙනවා... එක කාණුවක් කඩතොලු තියෙන වළවල් තියෙන කාණුවක්.... අනෙක බොහොම මට සිලුටු වතුර නොරැුදී ගලන විධිමත් කානුවක්... ඔය කාණු දෙකෙනේ නානා ප‍්‍රකාර වතුර ගලාගෙන යනවා... මුලින් කියපු කාණුවේ අරව මේව කුණු වතුර රැුදෙනවා... කාලයක් යන කොට ඒ කාණුව පිරිල උතුරල කාණුව විතරක් නෙවෙයි හතර දිග් භාගයම ගද ගස්සවනවා... අනෙක් කාණුවේ වතුර කුනු රැුදෙන්නේ නෑ.... හොද වතුර ආවත් පල් වතුර ආවත් කාණුවට වගේ වගක් නෑ.... මනා පුහුනු කළ, මනා සංයමයක් ඇති, කිසිවකට නොඇලෙන සිතත් ඒ කාණුව වගේ... මුලු බුද්ධ ඉගැන්වීමේම මූලික හරය වෙන්නේ ඒකයි.... එහෙම පුහුණු කළ හිතකට විශේෂයෙන් දුකක් සතුටක් ආදි වශයෙන් වූ අටලෝ දහමට ඇලෙන්නේ නෑ.... කන්නේ හරක ද පෙවෙන්නේ ක්‍ෂුද‍්‍ර ජීවියද කියනවාට වඩා ක‍්‍රමානුකූලව තමන්ගේ මනස දියුණු කරගෙන යථාවබෝධය ලබාගන්න කොට අන්තිමට ශූන්‍යය තත්වයක් හිතට දැනේවි.. ආන්න එතනදී නියම බුද්ධ දර්ශනයේ සැහැල්ලුව සත්‍යතාවය තේරුම් ගනීවි.... මහා විකාර අටමගලවලට හිරවෙලා දගලනවාට වඩා තමන්ගේ මනස විටින් විට විවිධ අවස්ථාවල කි‍්‍රයාත්මක වන ආකාරය දිහා බලල අවබෝධ කරගත්තාම ඔය වගේ දෙකයි පණහේ විකාර අදහස් හිතට එන්නේ නෑ.... (ප.ලි. මම ආගමක් අදහන්නේ නෑ... කවුරු හරි මගෙන් ඇහුවොත් මට ආගමක් තියෙනවද කියල මම කියන්නේ මට ආගමක් නෑ කියල... හැබැයි මම දර්ශනයක් අනුගමනය කරනවා... ඒ බුද්ධ දර්ශනය... ආගමක් අදහන එකා කරන්නේ එක තැනක නැවතිලා යැද යැද බාහිර පුද්ගලයෙක් තමන්ට විමුක්තිය ගේනකං විරවපට්ටං ගහගෙන ඉන්න එකයි... දර්ශනයක් අනුගමනය කරන එකා කරන්නේ ඒ ඔස්සේ ගමන් කිරීමයි.... ඉතිං මම ගොඩාක් සාම්ප‍්‍රදායික බෞද්ධයා කරන දේවල් වලින් ඈත් වෙලා තියෙනවා... ඒ ඈත්වීම තුළම නියම බුද්ධ ඉගැන්වීමට හිත ඒකාත්මික වෙනවා...*
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Just think that i'm a micro Biologist. I precisely know that there are bacterias in my drinking water. with the intention of purifying water by killing the bacterias , i boil the water. Bacterias are gone now! is it a sin ????

    දෙයිහාමුදුරුවනේ අහපු දේට උත්තර දියන්කෝ ..... මම බැක්ටීරියා මරණ චේතනාවෙන් වතුර උනුකරනවා . එහෙම නැතුව බීවොත් මම ලෙඩ වෙනවා ... මම අකුසලයක් කරගන්නවද ?

    මේක ඇතුළෙ අසම්ප්ශන් එකක් තියනවා බැක්ටීරියා යනු බුදුදහමට අනුව "සත්වයෙක් (sentient being)" වෙනවා කියන එක. ඒක ආයෙ කල්පනා කරලා බලන්න ඕනෙ කාරණයක්.

    බැක්ටීරියා අයිති ඇනිමල් කිංගඩම් එකටද? විද්‍යාවෙ සත්වයින් සහ සත්වයින් නොවන බෙදීම් බුදුදහම සමග එකඟද?

    සෝර්ස් එක කෝට් කරන්න බැහැ මේ වෙලාවෙ (on mobile) නමුත් විනයේ තියනවා ප්‍රාණඝාත අකුසලයක් ලෙසෙ සැලකෙන්නෙ මනුශ්‍ය ඇසකට දැකිය හැකි සත්වයෙක්ගේ ජීවිතය චේතනානු පූර්ණව හානියට පත්කලවිට පමණයි කියලා.

    මම විශ්වාස කරන විදිහට අකුසලයක් වෙන්නෙ නැහැ.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Machan ethokota bacteria kiyanneth jewayak thiyenna puluwan deyak.kohomada machan aya maussa athmayak laba ganna pin karanne, kalpa ganak giyath manussayek wenna bahane pin nathiwa .
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    බුදු දහම පව් පින් වලට වඩා නිවන ගැන අවධානය යොමු කරන දර්ශනයක්. නිවන් දකින්න තමන් චේතනාත්මකවම කරන අකුසල කර්ම වලින් වැලකෙන එක හොඳටම ප්‍රමාණවත්. ඕනවට වඩා අන්තගාමී වෙන එක ප්‍රායෝගික නෑ ඒක
    අනිවාර්යයෙන්ම නිවනට බාධාවක් වෙනව.

    ක්‍රිකට්වල බැට් කරනකොට ප්‍රධාන අරමුණ ලකුණු ගහන ඒකනෙ. ලකුණු නැතුව ගහන පහර කොයි තරම් තාක්ෂණයට අනුකූලද කියල හිත හිත ඉන්න එක මෝඩ වැඩක්.

    මේක තමයි මගේ කියවීම. නිවන් දැකල නැති හින්ද මේක හරිද වැරදිද කියල නම් මම දන්නේ නෑ.