අසෝක රන්වල
බීලා බීලා කණමදයො වගේ වාහනේ එලවගෙන ගිහින් සපුගස්කන්දෙදි හැප්පුවෙ මගේ ලේ නෑදෑයො පවුලක්.
වීඩියෝ,කෝල් රෙකෝඩින් ඔක්කොම දෙන්නම් දිගටම.
ඊට කලින් උන් සනීපවෙලා හිටපුදෙන්.
ඒ වාහනේ හිටපු මාස ගානක කිරිසප්පයා ඔලුව ගෙඩිගැහිලා තාම වමනෙ දානවා රිජ්වේ ළමා රෝහලේ.
ඒ කිරිසප්පයගෙ අම්මා Head Injuries එක්ක කොලඹ ජාතික රෝහලේ.
ඒ කිරිසප්පයගෙ ආච්චිගෙ කකුල කැඩිලා ඒත් ජාතික රෝහලේ.
උඹගෙ ලෝයර් ඇවිත් Settlement එකකට යන්න කතාකරේ වැරදි මිනිස්සු එක්ක.ලැජ්ජ නැත්ද ඕයි
ඌ දීපු Telephone Number එක දාන්නම් ඉස්සරහට.
අසෝක රන්වල උඹ බීලා බීලා කෙලින් හිටගන්නවත් බැරුව ඉන්නගමන් තව පස්දෙනෙක් එක්ක ඇවිත් අර කිරිසප්පයගෙ තාත්තට කිව්වා නේද මගෙන් පොඩි අත්වැරදීමක් උනා කියලා.
ඒක පොඩි අත්වැරදීමක්ද කාලකණ්නියෝ.
බලාගනින් ඉස්සරහට වෙනදේ.
රටේ නීතිය හරියට වෙනවා නම් උඹේ Drug & Alcohol Test එකක් කරලා තියෙන්න ඕන මේ වේද්දි.
එහෙම රිපෝර්ට් එකක් තිබ්බෙ නැත්නම් Anura Kumara Dissanayakeජනාදිපතිතුමා ඔයාත් මේක ගැන බලන්න ඕන.
මේකෙ වීඩියෝ ඕන එකක් Call records ඕන එකක් මම ඕන කෙනෙක්ට දෙන්න ලෑස්තියි.
අපිට මේකට යුක්තිය ඉටුවෙන්න ඕන.
අර මිනිස්සු අච්චර අමාරුවෙලා කෑ ගහ ගහ ට්‍රොලිවල දාලා ප්‍රථිකාර Pending තියෙද්දි හොඳින් හිටපු උඹේ ප්‍රෙෂර් වැඩියි කියලා තව පස්දෙනෙක් එක්ක කෙලින්ම ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයෙ දොර ඇරගෙන ඇතුලට ගිහින් ඇඩ්මිට්වෙන්නෙ උඹලගෙ සමානාත්මතාවය නිසාද?
උඹද Priority එක අර Critical තුවාල තිබ්බ මිනිස්සුද?
උත්තර දෙන්න බලන් හිටපන් රන්වල.
Madu Silva ගේ පිටුවෙන් උපුටා ගැනීමකි.