මිනී අදින වාහනවල අය කියන කතා

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකත් මරු රොබට් අයියගේ බූත කොටුව වගේම තමා....


    මගේත් මේ අවුරුදු 24 ට දෙපාරක් හොල්මන් දැකල තියෙනවා මම..
    මිනී එම්බාම් කරන ඒවත් 4ක් 5ක් වගේ බලල තියෙනවා
    එම්බාම් කරන ඒවා දැකල නම් කවදාවත් බයක් දැනිලා නෑ..
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අපේ ගෙවල් පැත්තේ මේසන් බාස් කෙනෙක් ඉන්නවා පොර ඉස්සර එම්බාම් කරන තැනක තමා වැඩ කරන්නේ. හොඳ ෂොට් එකක් දාල තමා පොර වැඩේට ඇත ගහන්නෙත්.

    ඌ නං කියන්නේ ඔක්කොම හිතේ තියෙන විකාර කියල. අනික් උන් ඔය වගේ කතා කියනකොට මූ කෙලින්ම ගිහින් වැඩේ බාර අරගෙන කරනවා බය නැතිව.

    පොර කියනවා මිනිය එක්ක නිදාගෙන ඉන්නකොට මූ මිනියගේ අතින් අල්ලාගෙනලු නිදාගන්නේ. එහෙම අල්ලාගෙන නිදාගත්තාම කිසිම බයක් දැනෙන්නේ නැහැලු... අතට දැනෙන නිසා මිනිය එතන ඉන්නව කියන විශ්වාසය හින්ද.
    එහෙම නැතුව නිකන් නිදියගත්තම තමා මූ ඇහැරිලා එනවා අරව මේවා කියල විකාර පෙන්නේ කියල.

    අපේ ආච්චිගේ මලගේ දවසේ පොර තමා මිනීවළවල් හාරන්න ගියෙත් එදා දවසක රෑ ඔය කතාවල් කියන්ඩ සෙට් උනා කට්ටිය රෑ දෙගොඩ හරියේ. ඉන්න උන් බය වෙලා ඉද්දි දැන් මූ ලෝඩ් පකීර් ටෝක් දිදී හිටිය. අපි ඊටපස්සේ මූට චැලේන්ජ් කරා කනත්තේ නිදාගනින් කියල.

    පොර ගිහින් කනත්තේ ගහක් යට හොඳට නිදාගෙන ඉඳල ආවේ. අපේ සෙට් එකත් ගිහින් එතන ඌ ඉන්නවද කියල බල බල ගිහින් ආව සැරෙන් සැරේ..

    ඊටපස්සේ මූ බය වෙන්නේ නැති හින්ද අපි දෙවැනි දවසෙත් මූව කනත්තේ නිදාගන්න යවල ඌ යන්න කලින් අපේ එවුන් හැංගිලා හිටිය මූට කලින්.

    මූ ඇවිල්ල කලින් දවසේ වගේම ගහ යට නිදාගෙන කාලේ බෝතලේකුත් ලග තියාගෙන ඇල වෙලා ටිකක් වෙලා යද්දී අපේ සෙට් එක මල්වඩම් ටික හොලාවන්ඩ පටන් අරං

    අරු ට මල පැනල එතන තිබ්බ සවල අරන් ඇවිත් ගහන්ඩ බලාගෙන :lol: එතකොට මාට්ටු අපේ එකෙක් එතන හැංගිලා ඉඳල කියල. පස්සේ ඌ හිනා වෙලා කින්ඩිය දැම්ම

    කනතු වල නිදාගන්න එක කිසි අවුලක් නෑ බන් හිතේ තමා සේරම දේවල් තියෙන්නෙ

    ඇහැට නොපෙනෙන දේවල් ඇති ඕන තරම් (බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ). නමුත් මිනිස්සුන්ට කිසි විදිහකින් උන්ට බලපෑම් කරන්න පුළුවන් ඇති කියල මන් හිතන්නේ නැහැ.

    මන් දවසක් යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා ඒ මළගෙදර රෑ යන්න සෙට් උනා. මුගේ ගෙදෙට්ට යන පාරේ ලයිට් නැහැ කට්ට කරුවලයි අඩිය තියන්නේ පාරෙටද කියල වත් පෙන්නේ නැහැ එතරන් කෑලි කැපෙන කරුවල. ඉතින් හරියට අඩිය තියනකොට දැනෙන විදිහට තමා යන්න වුනේ.
    මා එක්ක තව යාලුවෙක් එන්න සෙට් වෙලා හිටිය එත් ඌ පට්ට පොලු කාරයෙක් කවදාවත් එනවා කිව්වට ගමනක් යන්න ඕක එන්නේ නෑ, මට හොඳ ෂුවර් එකක්ට් තිබ්බ ඉතින් මන් ඕක එනකන් බලන් ඉන්නේ නැතුව මන් තනියෙන් ආව

    රෑ එකොළහයි හතලිස් පහ පහු කරලා තමා මේ පාරේ ගියේ මට මතකයි හරියටම ඒ අන්තිමට වෙලාව බැලුවේ බස් එකෙන් බැහැපු වෙලාවේ. එතන ඉඳන් පුංචි පාර තියෙනවා ඇතුලට යන්න..
    අපායට යන පාර වගේ :lol: බස් හෝල්ට් එකේ ලයිට් කනුව පහු උනාම එච්චරයි එකම ලයිට් එක.

    මූ මට කොලේක ඇදල දීල තිබ්බ උන්ගේ ගෙදරට යන පාර..
    ඔය පාර දිගේ ඇවිදගෙන යනකොට එක පාරට පල්ලම තියෙනවා පල්ලම ඉවර වෙනවත් එක්ක ගේට්ටුව තියෙනවා මිනී කනත්තේ, ඔය කනත්ත ඉස්සරහින් තමා හරියටම දකුණු පැත්තට වංගුව තියෙන්නේ ගේට්ටුව ඉස්සරහ තමා වංගුව. කනත්ත ඉස්සරහින් පාර යන්නේ. ඒ පාරේ දිගටම ගියහම තමා මුගේ ගේ හම්බෙන්නේ..

    මන් ඉතින් ඔන්න පාර දිගේ කට්ට කරුවලේ ඇවිදගෙන එනවා එනවා කොහෙවත් එළියක් දකින්න වත් නැහැ. සතෙක් සර්පයෙක් කයිද කියන බය තමා ලොකුවටම තිබ්බේ..
    ඔන්න දෙය්යනේ කියල ඔය පල්ලම බැහැගෙන ආව. පැල්ලමක් කියල දැනුනෙත් කකුල් දෙකට පල්ලෙහට බහිනව වගේ දැනෙන ගතියෙන්..
    ඔන්න ටිකක් වෙලා යනකොට වටේ පිටේ මට පේනවා සුදු පාට එක එක නිකන් අමුතු කෑලි කෑලි වගයක් චායාව වගේ පහුවෙනව.

    අම්මට හුඩු ඔන්න එතකොට තමා මීටර් උනේ මල මගුලයි මේ කනත්තක් ඇතුලේ ඉන්නේ කියල :sorry:

    අර තාර පාර එහෙම්මම කනත්තට යනකන් දිගටම තියෙනවා. මාත් ඉතින් එහෙම තේරෙන නිසා ඇවිදගෙන ගිහින්.. කනත්තේ ගේට්ටුවත් මහා රෑ ඇරලා තිබිල :angry: ලාවට දාඩියත් දාගෙන ආව..
    එත් මන් බය උනේ නැහ්හ් :no:
    :lol:
    අනේ ඉතින් හෙමීට රිවස් එක ගහගෙන එන්න ගත්ත :sorry: චු බරකුත් තිබ්බ එකත් කොහෙන් ගියාද නෑ ගේට්ටුව ගාවට ගිහින් එලියට ආව විතරයි කරුවලේම බාගෙට දුවනවා වගේ හයියෙන් අඩිය තියාගෙන තියාගෙන අරුගේ ගේ ගාවට එනකන් විදලා ආව :lol::lol:

    ඊටපස්සේ ඉතින් කිසි අවුලක් නෑ කාටවත් වෙච්ච සිද්දිය කියන්ඩ ගියෙත් නෑ :lol: බයිට් නැතුව හිටිය කැරම් ගහන්ඩ සෙට් වෙලා :P
    ඔන්න එතකොට යාළුවගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අර යොදයත් ඇවිල්ල පොර පාර අහනවා අරූ ෆෝන් එකෙන් පාර කියනවා. (මගේ ළඟ පාර තියෙන කොලේ තිබ්බ නිසා මූට ගෙදෙට්ට එන පාර හරියට දන්නේ නැතිව. මොකද අපි දෙන්න එකට එන්න හිටිය හින්ද. මන් ඉතින් හිතුවේ නැහැ ඇත්තටම මූ එයි කියල)

    මූ දැන් ඔන්න ටික වෙලාවකින් දුවගෙන වගේ ආව හතිත් දාගෙන.. :lol: මූත් කොහොමහරි ඔන්න ඔය විදිහටම ඇවිල්ල ලස්සනට කනත්ත ඇතුලටම මන්ගච්චල :lol::lol::lol:

    පස්සේ මූ හොඳට බය වෙලා මූ කතාව කියනවා සෙට් වෙලා එතන..
    මූ කනත්තෙ ඇතුලේ කියල දැනගත්තම මූ ගැස්සිලා.. මූ දුවල එන්න හැදුවට මූ බයට එතන බිම ඉඳගෙන මූ ට දාඩිය දාල. බිම ඉඳගත්ත එක මෝඩ කමක් කියා කියා ඌ විස්තර කරනවා කැරකෙනවා වගේ දැනුන බඩ හිතල වෙලා ගියා වගේ දැනුන මම ෆෝන් එක ඔන් කරගෙන එකේ ලයිට් එකේ එළියෙන් එලියට එන්න හදද්දී ෆෝන් එකේ බැටරි බැහැල බැටරි සේවර් මුඩ් එකට වැටිලා නිසා ස්ක්‍රීන් එක ටයිම් අවුට් වෙනවා පට ගාල. මේකේ ටෝච් එකක් නැහැ මං එත් බටන් ඔබ ඔබ පන අරගෙන දුවල ආව බන් එනගමන් හයියෙන් පට්ට කුණුහරුප ටිකක් කිය කියා කියල.. :lol:
    මාත් බයිට් නැතුව හිනා වේවි ඌට ඒක අහං හිටිය :lol: පහුවදා උදේ තමා ආවේ :rolleyes:

    අපේ ගෙවල් පාරෙ සීන් එකක් කියන්නම්.. 2002-2003 වගෙ කාලෙ උනෙ සින් එක.. ගෙයක් තියෙනවා එක කුලියට දුන්නා.. ඒ ගෙදර කලින් හිටි අය මොකක් ද ආරක්ශාවක් කරලා තියෙනවා පහනක් තියලා...මාත් දැක්කා පහනක් පත්තු කරනවා.. කොහොම හරි පහන තිබ්බ අය ගේ විකුනලා ගියා.. ඊට පස්සෙ තමා කුලියට කට්ටියක් අවෙ.. අපු සෙට් එකෙ හිටියේ තාත්තායි , දුවයි , පුත්තු තුන් දෙනායි.. බාලම පුතාටත් ඒ දවස් අවු: 18 වගෙ ඇති.. ඉතින් හිතා ගනිල්ලා අනික් උන් ඔක්කොම ලොකු වයස් වල අය... මුන් ඇවිල්ලා වැඩි කාලයක් ගියෙ නැ හැම දාම ගෙදර මන්ත්‍රර කියන සද්ද... ටික දවසක් යද්දි බාල කොල්ලා මාත් එකක් කතා බහා කරන්න ගත්තා, මන් ඇහුවා මොකො බන් කට්ටඩි උබලගෙ ගෙදර maaසේ ගානෙ එන්නෙ කියලා.. ඊට පස්සෙ තමා මූ සින් එක කිව්වෙ.. උන්ට රෑට නිදා ගන්න බැහැලු.. ටැප් එක ඇරලා ලු.. එක්කො කුස්සියෙ ලයිට් එකක් දාලා ලු.. කුස්සියෙ එක එක සද්ද ලු... නිදා ගෙන ඉද්දි රෙද්දෙන් අදිනවා ලු.. මූට එතකොටත් 18 පැනලා.. හැබැයි හොදටම බය වෙලා හිටියෙ, ඌ කිව්වා ඉක්මනටම වෙන ගෙයක් හොයා ගෙන යනවා කියලා.. උන් වැඩි කල් හිටියෙ නැ.. උන් කරපු ගුරුකම් හරි ගියෙත් නැතිව ඇති... උන් ගේ අත ඇරලා ගියා...අපෙ ගෙදරට යන්නෙත් ඔය ගෙ පහු කරන්.. සැහෙන කාලයක් ගෙ වහලා තිබ්බා කවුරුත් ගත්තෙ නැති නිසා .හැබැයි සද්ද ඇහිලා නම් නැ උන් ගියට පස්සෙත්... . පස්සේ එකෙක් ගෙ ගත්තා ඔය සිද්ද දන්න.. ඌ ගුරුකම් කරලා ගෙ කඩලා අලූත් ගෙයක් හැදුවා...

    මේක 1998 මම කැම්පස් ෆස්ට් ඉයර් ඉන්න කාලෙ සීන් එකක්. ෆස්ට් ඉයර් එකේ හැම වීක් එන්ඩ් එකේම මම ගෙදර යනවා, තාත්තා අසනීපෙන් උන්න එක තමයි හේතුව.
    මම සිකුරාදා ලෙක්චර්ස් ඉවර වෙලා 6.30 ට යන අන්තිම ඇඹිලිපිටිය බස් එකේ තමයි ගෙදර යන්නෙ. ගිහින් ගෙවල් පාරට හැරෙන හන්දියෙන් බහිද්දි 11.00 වෙනව. ඒ කාලෙ ත්රී වීල් නෑ. තිබුනත් සල්ලි නෑ අතේ. පොඩි පෙන් ටෝච් එකක් තිබ්බ ඕක වන වන තමයි යන්නෙ.
    එදා ගිහින් බහිද්දි පට්ට කළුවරයි.හද තියෙන දවසක්, පෝය කිට්ටුව ඒත් අහසෙ ව්ලාකුලු. හන්දියෙ ලයිට් එකෙන් පස්සෙ ආයෙ ලයිට් නෑ පාරෙ. ටෝච් එක පත්තු කරල බලද්දි බැට්රි බැහැල. බෑග් එකේ තියෙද්දි කොහොමහරි ඔන් වෙලා. කණාමැදිරි එලියක් තමයි තිබ්බෙ.
    ඒ කාලෙ ඉදන්ම මම කළුවරට බය නෑ. ගෙදරත් ලයිට් තිබ්බෙ නෑ. ඉතින් පාරෙ යන්න පිටත් උනා. හන්දියෙ ඉදන් අපේ ගෙදරට හරියටම හැතැප්මයක් තිබ්බ.
    කොහොම හරි ටිකක් වෙලා යත්දි හද පෑව්ව.ඉතින් ටෝච් එක හදිස්සියට ගන්න හිතන් ඒකත් නිවාගෙන මම ගෙදර යනව. අපේ ගෙදරට කිට්ටුව සොහොන් පිට්ටනියක් තියෙනවා. පොඩි, ඒත් ගොඩක් පරණයි. ඕකෙ මිනී වලක් හාරද්දි තට්ටු ගානක් ඇටකටු.

    ඔය සොහොන් පිට්ටනිය හරියට යද්දි මහ අසාමාන්ය විදිහට තද හුලගක් හමන්න ගත්ත. ගස්වල කරටි හිටන් නැමෙනව. කනත්ත මැද්දෑවෙ ලොකු හික් ගහක් තියෙනව. ඔය ගහේ අඩි දහයක් විතර උඩින් කද බෙදිල අතු දෙකක් විදියට උඩට ගිහින් තියෙන්න. හුලගේ සැරට ඔය එක අත්තක් දෙබල ගාවින්ම වගේ "බරාස්" ගාල කඩන් වැටුන. වැටිච්ච පාරට කොල වලින් බාගයක්ම බිම.එච්චරයි. මම ගෙදර ගියා.

    ගෙදර ගිහින් අම්ම බෙදල දෙන බත් එක කන ගමන් මම කිව්ව " අම්මෙ මාර හුළගක් හැමුවා , කනත්තෙ ගහෙන් බාගයක්ම බිම" කියල. කාල නිදාගත්ත.
    පහුවෙනිද නැගිටල මම ගෙදෙට්ට ඕනි බඩු මුට්ටු වගයක් ගන්න හන්දියට යන්න ආව. අර හැතැක්මම ඇවිදගෙන යන්න තියෙනව. එමින් ගමන් කනත්ත ලගින් යද්දි.. අර ගහට මුකුත් වෙලා නෑ...!!!!! එහෙම්ම තියෙනව.

    මගේ ඇගේ හීගඩු පිපුණ. (මේක ටයිප් කරත්දිත් එහෙම වෙනවා ) ගිය ගමන අමතක උනා. මම පණ කඩාගෙන ගෙදර දිව්ව. ගෙදර ගිහින් කටා කරගන්නත් බෑ. අම්මත් හොදටම බයවෙලා. කොහොම හරි තාත්තා වටුර පොවල අරක මේක කරාම පස්සෙ මම ගොත ගහ ගහ වෙච්චි දේ කිව්ව්.

    පන්සලේ නායක හාමුදුරුවො ඇවිත් පිරිත් කියල ගියාට පස්සෙ ටිකක් සේප් උනා. ඒත් මම ආයෙ රෑ ගෙදර ගියේ නෑ.

    වෙච්චි දේ මොකද්ද කියල අදටත් දන්නෙ නෑ. මම බය වෙලාවත්, නිදිමතේවත් නොවේ උන්නෙ.

    ඔය ගහ තාම එහෙම්ම තියෙනවා.

    මම පොඩි කාල් හොල්මන් සහ අවතාර සිද්ධි කථා අහන්න පට්ට කම්මැලියි. හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් මට හරිම ඩල්. කිසිම ආසාවක් හෝ බයක් තිබුනේ නෑ හොල්මන් කියන ජාතියට. පස්සේ සිරසේ ගියපු "පසු යාමය" වැඩ සටහන බලලා හොල්මන්, අවතාර, පෙරේතයෝ, දිෂ්ටි, යක්කු ගැන හොයන්න ලොකූ ආසාවක් ආවා. හෙවුවා. ගුප්ත විද්‍යාව ගැන කියෙවිවා. හෙවුවා. ටිකක් කල් ගියාම ගුප්ත විද්‍යාවට සම්බන්ධ ස්ථාන කීපයක් එක්ක විවේක වෙලාවට කලා. (දැන් නෑ. තැන අහන්නත් එපා)
    මේ එහෙම වෙච්චි සීන් එකක්.


    කොළඹ රාජගිරිය අවට තියෙන ලස්සන කනත්තක් සහ ආදාහනාගාරයක් අසල තියෙන නිවසක කපල් එකක් හිටියා. ඒ ගෙදරට ඉස්සරහා හිටියේ මගේ හොඳම යාලුවෙක්. මේ ගෙදරටත් කනත්තටත් කිසිම සම්බන්ධයක් නෑ. ගෙදර වැටෙන් එහා පැත්තේ පොඩි ලඳු කැලෑවක් වගේ තීරුවක් තිබුනා අඩි කීපයක. ඊට එහා පැත්තේ තමා කනත්ත තිබුනේ. මේ දෙන්න සෑහෙන කාලයක් මේ නිවසේ ඉඳලා තියෙනවා. කිසිම අවුලක් තිබිලා නෑ කනත්ත ගාව උනත්. හදීසි යතුරු පැදි අනතුරකින් මේ දෙන්න මහ පාරේදී අනතුර වෙච්චි ස්ථානයේම නැති වුනා. ඊට පස්සේ තමා කේස් පටන් ගත්තේ. මහ පාරෙන් අතුරු පාරට හැරිලා එන කෙනෙකුට ඉස්සෙල්ලම හම්බුවෙන්නේ කනත්ත. ඊට පස්සේ අර ලඳු කැලෑ තීරුව. ඊට පස්සේ මම මේ කියන ගේ. හැබැයි මේ කියන හරිය සෑහෙන්න ජනාකීර්ණ හරියක්. කිසිම පාලු ගතියක් නෑ. ලයිට් තියෙනවා. කනත්ත ඉස්සරහ සහ අවට ගෙවල් ඕන තරම් තියෙනවා. ඔය පාරේ ගිය කීප දෙනෙක් එක දිගට බය වෙලා තිබුනා ඔය ගෙදර මැරුණ ගෑණු කෙනා රෑට මිදුල අතු ගාමින් ඉන්නවා දැකලා. අර කපල් එක නැති උනාට පස්සේ ඔය ගේ කුලියට දුන්නා. ඊට ප්ස්සේ ඔය ගෙදරට රෙන්ට් එකට ආපු කිසිම කෙනෙක් මාසෙකට වඩා හිටියේ නෑ. රෑට රෑට නිදියගන්න දෙන්නේ නෑ කියලා යන්න ගියා. එක එක සද්ද ඇහෙනවා, ගල් ගහනවා, වැලි ගහනවා, මිදුලේ ඇවිදිනවා. මිදුල අතුගානවා පේනවා. ඔය වගේ සීන් ගොඩක් ආවා. මේ සබ්ජෙක්ට් එකට ඉන්ටරෙස්ට් අය දන්නවා ඇති සමහර ගණ තියෙන අය ඉන්නවා අමනුශ්‍යයන් පේන. අමනුශ්‍ය අය එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමත් සෑහෙන්න තියෙනවා. මගේ යාලුවාගේ ගෙදර රුෆ් ටොප් එකට ඔය කියන ගේ හොදට පේනවා. ඔය සීන් එක ගැන මූ අපිට ඇවිත් කිවාට පස්සේ අපි තීරණය කලා ගිහින් බලන්න. ඇත්තටම අර මැරුණ දෙන්නා ගෙදර මිදුලේ තියෙන ගසක ඉන්නවා කියලා අපිට තේරුණා. එයාලා දෙන්න එක්ක සම්බන්ධ වෙලා එයාලා මෙහෙම ඉන්න හේතුව අසා ගත්තා. එයාලට අවශ්‍ය පිං. අපි එයාලාගේ නෑදෑයන් මේ සම්බන්ධව දැණුවත් කලා. මට මතක නෑ එයාලට පිං අනුමෝදම් කරන්න මොනාද කරන්න කීවේ කියලා නම්. රුවන්වැලි සෑයට යන්න කීවා කියලා නම් මතකයි. කොහොම හරි අර නෑදෑයෝ කට්ටිය එකතු වෙලා අවශ්‍ය දේවල් කරලා තිබුනා. අපි සති 03කට විතර පස්සේ ආයේ ගිහින් බලනකොට එයාලා හිටියේ නෑ. පිං අනුමෝදම් වෙලා එයාලාට අවශ්‍ය ස්ථාන වලට චුත වෙලා තිබුනා..


    හොඳම හරිය ඊට පස්සේ. තව මාසයක් යනකොට මගේ යාලූවා (මූ මගේ ඉස්කෝලේ හොඳම යාලුවා සහ අර මම කියපු ගුප්ත විද්‍යා ස්ථානය හා සම්බන්ධ වෙලා වැඩ කලා ඌත්) ආයේ ඇවිත් කියපි අර ගෙදර ටික දවසක ඉඳන් ආයේ කේස් කියලා. මේ වෙනකොට ඒ ගෙදර කිසි කෙනෙක් පදිංචි වෙලා හිටියේ නෑ. වහලා දාලා තිබුනේ. පාරේ ගිය කීප දෙනෙක්ම ගෑණු කෙනෙක් ගේ ඇතුලේ සහ ගේ පිටිපස්ස පැත්තේ දැකලා තිබුනා රාත්‍රී 11-12 අතර වෙලාවේ. පාරේ ඇවිදිනකොට කෙඳිරිලි ශබ්ද කීපදෙනෙකුටම ඇහිලා තිබුනා ගේ ඉස්සරහදී. මගේ යාලුවාගේ රූෆ් ටොප් එකට ඔය කියන ගේ පේනවා කියලා මම කීවා නේ. ඌ සිගරට් එකක් බොන්න උඩට ගිය වෙලවෙදී ඌ පවා දැකලා තිබුනා සුදු ඇඳගත්තු ගෑණු ඡායාවක් ගේ මිදුලේ ඉන්නවා. උගේ ගෙදරට ගෙවල් දෙකක් විතර එහායින් ඉන්න උගේ දුරින් නෑ වෙන නැන්දා කෙනෙක් කීප වතාවක්ම බය වෙලා තිබුනා ඔතන ගේ ඉස්සරහා පාරේදී ඔෆිස් එකේ ශිෆ්ට් එක ඉවර වෙලා එන ගමන්. කොහොම හරි සති කීපයක් යනකොට පාරේ ගිය සෑහෙන ගානක් බය වෙලා අන්තිමට රෑ කාලයේ ඔතනින් කිසි කෙනෙක් පයින් යන්නේ නැති තත්වයටම පත් වෙලා තිබුනා.

    ඔය අතරේ එක දවසක් අපේ ඉස්කෝලේ OBU Meeting ඉවර වෙලා මම මගේ යාලුවාගේ ගෙදර එන ගමන් හිටියේ. අපේ ගෙදර උගේ ගෙදර කියලා වෙනසක් තිබුනේ නෑ ඒ කාලේ. සතියකට දවස් දෙක තුනක් බොතලයකුත් අරන් උගේ ගෙදර නයිට් පාර්ක් මම. කාර් බාර් නැති කාලේ ඉස්කෝලේ සීනියර් අයියා කෙනෙකුගේ වාහනේක එල්ලිලා උදේ ගත්තු බාගෙත් බෑග් එකේ දාගෙන මගේ යාලුවාගේ පාර ගාවින් බහිනකොට රෑ 12.30යි. ගේ ගාවට නොයා මගින් බැස්සේ පාරේ සිගරට් එකක් බොන්න දැඩී උවමනාවක් තිබුන නිසා. සිගරට් එක පත්තු කරගෙන ටික දුරක් එනකොට බයිසිකලේක කොල්ලො දෙන්නෙක් කෑ ගහගෙන මාව පහු කරගෙන ගියේ
    "අම්මෝ අර මැරිච්ච එකී මිදුලේ ඇවිදිනවා යන්න එපෝ"
    ගාගෙන.. උන් දෙන්නා අම්බානක බය වෙලා හිටියේ. උන් බයිසිකලේ නැවැත්තුවේ වත් නෑ. විදලා ගියා. මටත් ඉතිං කැසිල්ල නේ. සිගරට් එකත් නිවාගෙන හිමිහිට ගේ ගාවට කිට්ටු උනා. පාරේ ලයිට් කණු වලින් ගෙදර ඉස්සරහ හොඳට එලිය වැටිලා. ඒත් සෑහෙන ප්‍රදේශයක් කලුවරයි. ගේ ඉස්සරහා මොන මළ යකෙක්වත් නෑ. ගෑණියෙක් තියා බල්ලෙක් වත්. මිදුලෙන් ගේ පිටි පැත්තට යන්න හදනකොටම ජනෙල් පියන් අතරේ පොඩි එලියක් දැක්කා. මම හිතුවේ කුඩ්ඩෙක් කියලා. සපත්තු දෙකත් ගලවලා සද්දේ නෑහෙන විදියට ජනෙල් පියන් වලට ඇහැ තියලා බැලුවා. හිතාගන්න පුළුවන්ද සීන් එක. මගේ යාලුවගේ ගෙදරට පහල ගෙදර අංකල් කාරයා ඉන්නවා සරම කඩාගෙන මගේ යාලුවගේ අර කීප වතාවක් බය උනා කියපු නැන්දා එක්ක. ඒ ගෑණිගේ නයිටිය උස්සගෙන අංකලයා වැඩ.
    හිතාගන්න පුළුවන් නේ කවුද කතාව පැතිරුවේ, පාරේ යන අය ඇවිදිනවා දැක්කේ, ශබ්ද ඇහුනේ සහ මගේ යාලුවා රුෆ් ටොප් එකෙන් දැක්කේ මොකද්ද කියලා.

    පස්සේ මම අරූට සීන් එක හිමිහිට කීවා. අපිට අනිත් උන්ගේ පුද්ගලික ජීවිත අදාල නැති නිසා අර අංකලයට මගේ යාලුවා කියලා තිබුනා කරන හු&&ක් මිනිස්සු බය නොකර කරගන්න කියලා.

    දැන් ඒ ගෙදර මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා සෑහෙන කාලෙක ඉඳන්. කිසි අවුලක් නෑ.

    අමනුශ්‍ය බලවේග කියන දේවල් ලොවෙත් ඇත්ත. තියෙනවා. ඒවායෙන් අපේ මිනිස්සු වැඩ ගන්නවා. අතීතයේ පවා එහෙම උනා. පුරාණ යුධ සටන් වලදී සහ අංගම්පොර සටන් වලදී. වලගම්බාරජතුමා කියන්නේ අමනුශ්‍ය බලවේග වලින් සුපිරියටම වැඩගත්තු පොරක්. ඒවා 100%ක් ඇත්ත. ඒත් මෑත කාලයේ මාධ්‍ය වලින් වාර්ථා කරන සිද්ධි වල නම් ලුණු ඇඹුල් සෑහෙන්න තියෙනවා. ඒවා ඇරලා ගන්න ඕනේ. මෙ කථාව කොටම්දෝ.. නොකොටම්දෝ.. කියලා හිතලා ලියලා දැම්මේ ඒකයි..


    මේක මම ජීවිතේට වැඩියෙන්ම බය වෙච්චි සීන් එක.
    අපේ ගමේ ඉස්සර ගෙදර සල්ලි දීල ගත්ත පරණ වලව්වක්. 1994 දී අලුත් ගේ හදනකම් අපි උන්නෙ ඒකෙ. ඒ ගෙදර එච්චර පලදුන්න ගෙදරක් නොවෙයි. හැමදාම මොනව හරි කරදර තිබ්බ.
    ගෙදර හිටිය ඉස්සර හිටිය අප්පො යන්තර මන්තර ගුරුකම් කල, බලගතු උපතක් ලබපු මනුස්සයෙක්. කොච්චර බලගතුද කියනව නම් බදින මැනිකෙල අවුරුද්දකින් පස්සෙ මැරිල තියෙනව. පලවෙනි මැණිකෙ ලමයි නොලබාම මැරිල තියෙනව. දෙවෙනි මැණිකෙ දුව ලැබුනට පස්සෙ මැරිල. ඒ දුවගෙන් තමා අපේ තාත්තා ගෙදර අරගත්තෙ. අප්පො අලින්ට වෙදකම් කරල තියෙනව. අලිවෙදපොත්, අප්පොගෙ පලවෙනි මගුලෙ මගුල් පොටෝ එක, නැකත් පත්තරේ එහෙම දුව ගෙදරින් යත්දි දාලයි ගිහින් තිබුනෙ. අපේ තාත්තා ඒව එක්කාසු කරල අරන් තිබ්බ ෆයිල් එකක දාල. දැනට ඒ ෆයිල් එක මා ගාවයි තියෙන්නෙ. මේ ගමේ පුරාවුර්තයක් තිබ්බ අප්පො කකුලෙ බලගත් සුරයක් දාල තිබ්බ (කකුල පලල දාලයි කියල කියන්නෙ ) ඒ නිසා ආදාහනේදි කකුල පිච්චුනේ නෑ කියල. අපි ඕවගෙ ඇත්ත නැත්ත දැනන් උන්නෙ නෑ. නමුත් අපි අප්පො ආදාහනෙ කරපු තැන දැනන් හිටිය. එතන වෙන කෙනෙක් වලලන්න යත්දි දර සෑයෙ අගුරු හමු උනා පස්සෙ කාලෙක.
    අප්පො දැව්වම පස්සෙ අළු මුටිටියක දාල වත්තෙ තිබ්බ සියඹලා ගහ යට වැලළුවයි කියලයි කියන්නෙ.

    ඔය කියන සියඹලා ගහ පස්සෙ කාලෙක (1997 විතර ) මැරුණ. මැරුනයින් පස්සෙ ඔය හරියේ තේ හිටවන්න කියල අපේ තාත්ත සියඹලා ගහෙ මුල අයින් කෙරෙව්ව.
    සියඹලා ගහේ මුල් අයින් කරල වල සුද්ද කරද්දි මොනවද හම්බ උනේ? මිනී අලු කලයක්. අප්පොගෙ අළු. කලේ බිදිල තිබ්බට අලුගොඩ එහෙම්ම තිබ. පොඩ්ඩක් තෙමිල අකු හේදිල ඇටකටු වගයක් තිබ්බ. එතන තිබු ඇට වලින් ගොඩක් මිනිස් කකුල අස්ථි. මම ඒ ලෙවෙල් කරන් කාලෙනෙ. ඉතින් ඔව්වා අඩුන ගන්න පුලුවන්.

    අපේ තාත්තා මිනී අළු ටිකට කල දේ මම දන්නෙ නෑ අද වෙනකම්. අම්ම කිව්වෙ නම් ඒ වලටම දාල යට කල කියල.

    ඊට පස්සෙ තමයි පටන් ගත්තෙ සන්තෑසිය. දවසක් මම මිදුලෙ ඉදන් පත්තරයක් කියව කියව ඉද්දි අපේ ලිද පාරෙ (වත්තෙ පිරිසිදු ලිදක් තිබ්බ. ගමේ මිනිස්සු ඒ කාලෙ වත්ර ගන්න එනව ) කවුදෝ උස මහත මනුස්සයෙක් එනව පේනව. මම වැඩිය ගනන් ගත්තෙ නෑ. ටිකකින් පේනව මේ මනුස්සය අතේ වතුර භාජනයක් නෑ. මිනිහ මාව දැක්කම මූණේ හිනවක් වත් නෑ. මට හොදට දැකල පුරුදුයි වගේ. සාමන්යයෙන් වත්ර ගන්න එන මිනිස්සු ඔක්කොම අපිව දන්නව. අඩු ගානෙ වචනයක් වත්නොකිය යන්නෙ නෑ. මට නිකන් සැකයක් ඇති උන. ඉතින් මම තාත්තට කතා කලා. ඒ දවස් වල පොඩි අරියාදුවක් තිබ්බ අපේ තරහ කාරයෙක් ඉඩම උඩින් පාරක් ඉල්ලල. ඒ කවුරු හරි වෙන්නත් පුලුවන් නිසයි තාත්තට කතා කලේ. තාත්ත ඇවිත් පාරට බහිද්දි මිනිහ නෑ. ඒ ඩින්ගට නොපෙනී යන්න බෑ. මීටර් 200ක් විතර පේනව පාර. මම ටිකක් කල්පනා කලා මනුස්සය කවුද කියල. මතක් උනේම නෑ. එදා රෑ නිදා ගන්න ගිහින් රෑ අවදි වෙලා පොඩි පම්ප් එකක් දාන්න මම එලියට බැස්ස. ඒක සාමාන්යයි. ගෙදර බාත් රූම්, කරන්ට් මුකුත් නෑ. චිමිනි ලාම්පුව අතින් අරන් තමයි එලියට යන්නෙ.

    දොර අරිද්දි මෙන්න දොර ඉස්සරහ ඉන්නව මන්ස්සයෙක්! අර දවල් දැක්ක මිනිහමයි. මම බයවෙච්ච පාරට "බුදු අම්මේ" කියල කෑ ගැහුව.ලාම්පුව බිම. කුඩේ කුඩු. ඒ ක්ශනයකින් මතක් උනා ඒ මූණ. මැරිච්ච අප්පො! ගෙදර ෆයිල් එකේ තිබ්බ පින්තූරෙ. ඒ මූණමයි.
    එදා කොච්චර බය උනත් මට කතා කර ගන්න පුළුවන් උනා. අපි එලිවෙනකම් ඇහැරිල. තාත්තගෙ හොද යාලුවෙක් උන්නා ඒ දවස් වල රන්නෙ. ගුරුකම් වලට ගොඩක් ප්රසිද්දයි. ඒ දවස් වල රටේම දන්න නමක්. දැන් ජීවතුන් අතර නෑ. තාත්තා ගියා ඒ අන්කල්ව හම්බ වෙන්න. එදා රෑ 10.00 ට වගේ ඒ අන්කල් ආවා තාත්තට් එක්කම කාර් එකේ. ගෝලයො දෙන්නෙකුත් දාගෙන. (එදා එතුමා ඒ කල ක්රියාව අදපවා මා ඉමහත් අගය කරමි. එතරම් ප්රසිද්ද කෙනෙක් තමන්ගේ මෝටර් රතයෙන් සියලු වැඩ අමතක කර පැමිණීම මට එදා අදහාගත් නොහැකි විය ) අන්කලුයි ගෝලයොයි අපිට නිදියන්න කියල එලිවෙනකම් වත්ත පුරා මැතිරුව. අන්කල් නම් කිව්වේ අප්පොගෙ අළු කලේ ගොඩ ගත්ත එකයි හේතුව කියල. ඉතින් අපේ ගෙදර තොවිලයකුයි, තුන් වේල් පිරිතකුයි සන්විදානය උනා. ඒ මුලු කාලේම තාත්තගේ යාළුව අපිත් එක්ක උන්න.
    ඒ අන්කල් කිව්ව අප්පොගෙ ආත්මෙ එලවන්න එයාට හැකියාවක් නෑ කියල. කරදර කරන එක නවත්වන්න පුලුවන් කියල කිව්ව. ඒ ආත්මේ ඉන්නෙ ගේ ඉස්සරහ තියෙන දැවැන්ත කොස් ගහේ කියලත් කිව්ව. අප්පොගේ ෆොටෝ එක ඒ අන්කල් පිරිත් පැන් ඉහල පිච්චුව. ඉතුරු ටික ගෙදරින් පිට කරන්න කිව්ව. ඒ ටික මම ගන්නකම් තිබ්බෙ පන්සලේ ලොකු හාමුදුරුවො ලග. කොහොම හරි එදායින් පස්සෙ මුකුත් උනේ නෑ. හැබැයි තාත්ත ලෙඩින් වැටුන.

    තාත්තා මැරිල දැන් අවුරුදු 6ක් වෙනව. ඔය කියන කොස් ගහ ලගදි මුල් දිරල කඩන් වැටුන. අපේ අම්ම සාස්තර අහන තැනක් තියෙන රක්වානෙ. මගේ අපලයකට පේනයක් අහන්න ගිය වෙලාවක කියල තිබුන ඒ ආත්මෙ තවමත් වත්තෙ ඉන්නව කියල. අපේ තාත්තා රුක් දෙවියෙක් වෙලා ඉන්නවය, තාත්තට අපිට උදවු කරන්න දෙන්නෙ නැත්තෙ ඒ ආත්මෙ කියල කියල තිබුන. එදා අලුකලේ ගොඩ ගත්ත වෙලාවෙ පිරිත් ටිකක් කියල වලදැම්මනම් මේව මුකුත් වෙන්නේ නෑ කියලත් කියල තිබ්බ. මේ සාස්තර කියන කෙනාට අපි මුල් සිද්ධි මුකුත් කියල නෑ.

    ප:ලි: අම්මා තවමත් ඒ ගෙදර වෙසෙයි. අපි කෙතරම් කිව්වත් තාත්තා සැදූ ගේ දොර සහ තාත්තාගේ සොහොන් පිහිටි ඉඩම විකිණීමට ඇය කැමති නැත.

    මේක වුනේ මීට අවුරුදු 2කට විතර කලින්.
    අපේ ගෙදරට තාර පාරේ ඉඳන් එන්න ඕන මීටර් 20ක් විතර බොරළු පාරක.ගෙවල් පාර තාර පාරට සෙට් වෙන තැන තියෙනවා පරණ ගෙයක් එක්ක ලොකු ඉඩමක්.ඒ ගේ අයිති සීය මැරුණා මම මේ කියන සිද්දිය වෙන්න මාසෙකට විතර කලින්.ඒ ඉඩමේ ඒ සීයගෙ ළමයි තව ගෙවල් එහෙම හදන් ඉන්නවා.
    ඔන්න දැන් කතාව පටන් ගන්නවා
    අපේ මස්සිනාට රට යන්න තිබ්බ ඔෆිස් එකේ වැඩකට
    ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර නිසා වාහනේ ආවේ රෑ එකට විතර ගෙදරට
    අපේ ගෙදරට එන පාර එක පාරට හොයා ගන්න අමාරු වුන වාහනේ driver ට රෑ වෙලා නිසා
    ඌ පාර ගාවට ඇවීත් මස්සිනාට call කරා ලඟට ඇවිල්ල ඉන්නේ පාර හොයාගන්න බැරුව කියල
    කොහොම හරි අපේ ගෙදරින් මම විතරයි ඒ වෙලාවේ free හිටියේ
    ඉතින් අම්ම කිව්වා පාරට ගිහින් වාහනේ එක්කන් එන්න කියල
    මම පාර ගාවට ගිහින් driver ට අත වනල වාහනේ පාරට reverse එකෙන් දා ගන්න කියල ආව
    මම එද්දී මට ඇහුන පුතේ පුතේ කියනවා අර මැරුණු සීයාගේ කට හඬින්.
    මට නිදිමත නිසාද දන්නේ නැහැ කොහොම හරි මට ඕක ඒ වෙලාව් එච්චර ගානක් වුනේ නැහැ.
    ඔය සිද්දිය ඔහොමම මටත් අමතක වෙලා තිබ්බේ
    දවසක් හවස මම අම්ම එක්ක කතා කර කර ඉද්දි අම්ම කිව්වා අර සීයාගේ වත්තේ හොල්මන් තියෙනවා කියල
    මම ඇහුව කොහොම එහෙම කියන්නේ කියල
    ඒ වත්තේ පහල තියෙනවා ලිඳක්.කුඹුරු වැඩ කරන මිනිස්සු එහෙම හවසට නානවා ඒ ලිඳෙන්
    දවසක් හවස කොල්ලෙක් ඒ ලිඳෙන් නාන්න ඇවිල්ල බාල්දිය ලිඳට දානකොට කවුරු හරි ඉඳන් වතුර කලත්තනවලු
    කොල්ල එක එච්චර ගණන් අරන් නැහැ .හැබැයි කීප සැරයක්ම ඒ වැඩේ වෙලා.ඒ පාර කොල්ල බලල ලිඳ වටේ ඉන්නවද කියල කවුරු හරි
    කොල්ල දැක්කලු එක පාරට කළු මිනිහෙක් මේ කොල්ල බලද්දිම ලිඳ ගාව ඉඳන් හෙන වේගෙන් පොල් ගහකට නගිනවා ඒ කිට්ටුව තිබ්බ
    මූ ඒක දැකල බය වෙලා දුව ගෙන ඇවිල්ල ඒ සීයාගේ ළමයෙක්ගේ ගෙදරට ඒ ලිඳ කිට්ටුවම තිබ්බ.කොහොම හරි තෙල් මතුරලා එහෙම ඒ කොල්ලට දීල.
    අම්ම ඔය සිද්දිය කිව්වම මමත් කිව්වා මට ඇහුන කියල ඒ සීය පුතේ පුතේ කියල කතා කරනවා කියල එදා රෑ වාහනේට පාර පෙන්නන්න ගියපු වෙලේ.
    අම්ම ඇහුව ඇයි ඕක කලින් නොකිව්වේ කියල.මම කිව්වා මට අමතක වෙලා තිබ්බේ කියල.

    :cool::cool::cool::cool:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අපේ ආච්චිගෙ තාත්තටත් පැරානෝමල් සීන් එකක් තිබිල තියෙනවා. පොර සුද්දගෙ කාලෙ සුද්දගෙ කොම්පැනියක වැඩ කරල තියෙන්නෙ. දවසක් එහෙ වෙයාහවුස් එකකට පොර යනකොට ඒ කම්පැනියෙ වැඩ කරපු දෙමළ මනුස්සයෙක් වැටිල ඉන්නවලු බිම. ඒ ගමන මෙයා ඒ මනුස්සයව කර තියාගෙන ගිහින්. පස්සෙලු දන්නෙ ඒ මනුස්සයා මැරිලම තමා වැටිල ඉදල තියෙන්නේ. එදා ඉදල එක එක සිද්දි.

    දවසක් කට්ටියම පයින් යනවලු ගමනක්. අපේ ආච්චිලා එතකොට තරුණ කාලේ. ආච්චිලා ඉස්සරහින් ඇවිල්ලා. ආච්චිගෙ තාත්ත පිටිපස්සෙන් ඇවිල්ල. එක පාරම දුප් බල්ලා කියල කෑගැහුවලු. මේගොල්ලො හැරිල බලද්දි මොන බල්ලෙක්වත් නෑලු. පස්සෙ දවසක කියලා එයා දැක්කලු දිග බල්ලෙක් පාර හරහට ඉන්නවා. උගෙ පස්ස පාරෙ එහා පැත්තෙලු ඔලුව පැත්ත පාරෙ මේ පැත්තෙලු

    :cool::cool::cool::cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ ඉන්නේ ඉතින් දැනිච්ච ඈයෝ :yes:

    ඔව් බන්. මින් උස්සනකොට එක දැනිලා තියනව හොදටම

    matath meka hodatama danila thiyana deyak ban :yes::yes:

    මාත් හිතන්නේ මැතිරුවේ නැතත් ගොඩක් අයගේ මිනී වල බර වැඩි වෙනවා ඉඩමෙන් එළියට ගනිද්දි සහ අතර මගදි..හේතුවක් නම් දන්නෙ නෑ...

    ඒ අතරෙ මතුරන ඒවත් ඇති

    මමත් අපේ වැඩිහිටියො කිහිප දෙනෙක්ගෙන් අහල බැලුවා. පෙට්ටියේ බර වැඩිවෙන සීන් එක ඇත්තලු. අත්දැකලා තියෙනවලු :yes::yes:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Mini pettiye bara wadi wena kathawa aththa
    inna kale anith minissunta yati kuttu wada karala
    marena welawata anith minissunta bana bana marunama thama lu mini pettiya bara wenne
    ussan yaddi thawa parawal gane atharaman wela inna bhuthayo , yakku naginawalu mini pettiya udata
    ohoma laksha ganak naginawalu
    etha kota pettiya tika tika bara wenawa
    mama dakala thiyenawa ekama mini pettiya 12k withara ussanna una ohoma wela
    anthimata lorry yak katha karan aran giye
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Perethayo wela ipaduna aya
    anuradhapureta mal wattiyaka naggala aran yaddi
    mal wattiya ussanna bari tharam bara wenawa
    ehema welawata pansale anith minissunth ussanawa udawwata
    wattiye mal 100k wath naha a unata 200KG wage barai
    mamath ussala baluwa dawasak
    marama barai manussayekta thaniyama ussana baha
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mini pettiye bara wadi wena kathawa aththa
    inna kale anith minissunta yati kuttu wada karala
    marena welawata anith minissunta bana bana marunama thama lu mini pettiya bara wenne
    ussan yaddi thawa parawal gane atharaman wela inna bhuthayo , yakku naginawalu mini pettiya udata
    ohoma laksha ganak naginawalu
    etha kota pettiya tika tika bara wenawa
    mama dakala thiyenawa ekama mini pettiya 12k withara ussanna una ohoma wela
    anthimata lorry yak katha karan aran giye

    boru :shocked:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Perethayo wela ipaduna aya
    anuradhapureta mal wattiyaka naggala aran yaddi
    mal wattiya ussanna bari tharam bara wenawa
    ehema welawata pansale anith minissunth ussanawa udawwata
    wattiye mal 100k wath naha a unata 200KG wage barai
    mamath ussala baluwa dawasak
    marama barai manussayekta thaniyama ussana baha

    ඇයි පෙරේතයො අල්ලල කුප්පි වල හිර කරන්නෙ. එතකොටත් බර වැඩි වෙනවාලු. හැබැයි තියෙන ප්‍රශ්නෙ තමා ඉතින් ඇහැට නොපෙනෙන සූක්ෂම ශරීර තියෙන පෙරේතයො බර වෙන්නෙ කොහොමද කියන එක
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඇයි පෙරේතයො අල්ලල කුප්පි වල හිර කරන්නෙ. එතකොටත් බර වැඩි වෙනවාලු. හැබැයි තියෙන ප්‍රශ්නෙ තමා ඉතින් ඇහැට නොපෙනෙන සූක්ෂම ශරීර තියෙන පෙරේතයො බර වෙන්නෙ කොහොමද කියන එක
    eka nam danne naha
    eth bara wadi wena kathawa aththa :D
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අඩෝ මේ උදේ ඉදන් කතාවක් මතක් කරනවා මතක් වෙන්නේ නෑ නේ සික් ..