ආටක නාටක තිරයෙන් පිටුපස බලමුද​?

ආටක නාටක තිරයෙන් පිටුපස බලමුද​?

ඔන්න ඉතින් අපි බොහොමයක් දෙනා සෙනසුරාදා සහ ඉරිදා රැ 7:30 වෙනකන් බලන් ඉන්නේ මේ සතියේ හිරු ටීවී එකේ ආටක නාටක රසවිදින්නෙ නේද​?

ඉතාමත් කෙටි කාලයකින් ගල්.. මුල් නානාවිද කෙනෙහෙලිකම් මැද්දේ මේ වනවිට ආටක නාටක අහිමානවත් කොටස් 150ක් දක්වා ලගාවෙන්න නියමිතයි. රැල්ලේ ගොස් එන එන හැම නව වැඩසටහනකටම පඩි ටෝක් දමා වට්ටන්න බලන් ඉන්න සමහර අයට නම් මේ ගැන ඇත්තේ විශාල ඊර්සියාවක් මුසු තරහක් බවනම් ඉතින් ආයේ කියන්න ඕන නැහ නේද​?

ඒ මොනවා වුනත්, ආටක නාටක අපි කාටත් ගෙනඑන්නේ සරල සිනහව මුසු විනෝදාත්මක අඩ පැයක්. ඔන්න ඉතින් ඔයාලා ආටක නාටක ගැන නොදත් සමහර කරුණු ගැන මම සොයාගත් කරුණු කාරණා කිහිපයක් බෙදා ගන්න තමයි මේ සූදානම​.

මුලින්ම කියන්න ඕනා මට මේ සදහා දත්ත ලබාදුන්නේ ආටක නාටක සදහා කලා අධ්‍යක්‍ෂනයෙන් දැඩි කැපවීමක් ලබාදෙන "ශාන්ත මාතරආරච්චි" කියන නවක කලාකරුවායි. ශාන්ත මීට පෙර සහාය කලා අධ්‍යක්‍ෂනයෙන් ටෙලි නාට්‍ය ගනනාවකට රුකුල් දී තිබෙනවා.

ඒ කෙසේ වෙතත් ශාන්ත යනු මගේ ඉතා හොද පාසල් මිතුරෙක්. ඔහු එලකිරි එකේ ආරූඩ නමකින්ද බොහෝ කාලයක් තිස්සේ පෙනී සිටින්නෙක්. එහෙත් ඔහුගේ බලවත් ඉල්ලීම පිට මම (ලන්කාපුත්‍ර) මේ ගැන කිසිවක් පලනොකරමි.

එලකිරි වෙනුවෙන් මා ඔහුත් සමග ප්ලේන්ටියක් ගහමින් කල සරල කතාබහ, සැබැ සාකව්ඡාවක් ලෙස මම ඔයාලා එක්ක බෙදාහදා ගන්නයි මේ සූදානම​.

ආටක නාටක පළවෙනි වැඩසටහන​... පහතින් බලමු:yes:



(1) ආටක නාටක හිරු ටීවි නිශ්පාදනයක්ද​?

ඔහු සිනාවෙමින්... ඇත්තම කිව්වොත්... නැහ​. හිරු ටීවි එකේ යන ප්‍රවුර්ති හැරෙන්න අනෙක් සියලුම වාගේ වැඩසටහන් 'අවුට්සෝස්' කරලා තියෙන්නේ. බරපැන ලබාදෙන්නේ ඒ ගොල්ලේ නිසා වැඩසටහන් අන්තිමට "හිරු ටීවි නිෂ්පාදනයක්" කියලා පෙන්නනවා. ඒත් ආටක නාටක කරන්නේ ලන්කාවේ ප්‍රසිද්ධ වෙනත් රූපවාහිනී වැඩසටහන් සහ වෙළද දැන්වීම් නිශ්පාදයනය කරන ආයතනයක්. මෙමෙ ආයතනයේ නම මට ලබාදුන්නත් එය ප්‍රසිද්ධියේ පල නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කලේ, එය ඒ බි සී ආයතනය සමග කල ගිවිසුමක් නිසාවෙන්මයි.

(2) ආටක නාටක මූලාරම්භය ගැන කිව්වොත්?

ඒබීසී ආයතනයෙන් ආරම්භ කරන්න යන රූපවාහිනී නාලිකාවක් සදහා නවතම පැය 1/2ක විනෝදාත්මක වැඩසටහනක් සදහා මීඩියා ආයතන ගනනාවකට තම තමන්ගේ අදහස් ලබදෙන්න කියලා රික්වෙස්ට්ස් එවලා තිබ්බා. අපේ ආයතනය (ඇත්තම කිව්වොත්, මගේ සහ නිවන්තගේ) මේ සදහා ඉදිරිපත් කල සන්කල්පය තමයි ඒබීසී ආයතනය පිලිගත්තේ. ඒ වනවිටත් හිරු එෆ් එම් එකේ ජන්ප්‍රිය වෙලා තිබුණු "පටි රෝල්" වැඩසටහනට රූපමය සජීවීකරනයක් ලබාදෙන්න තමයි අපි උත්සාහා කලේ. මේ සදහා අපේ පළමු ඉදිරිපත් කිරීමටම අපි යොදාගත්තේ පටි රෝල් වල ජනප්‍රිය වෙලා හිටපු "සුරන්ග සතරසින්හ" (සුරන්) සහා "ශිරාන් ශාන්ත ගාල්ලගේ" වයි. ඉතා සරල ලෙස ඔවුන් දෙදෙනා පමණක් යොදගෙන නිපදවූ එම පිටපත තමයි ආටක නාටක මුල්ම කොටස ලෙස ඒබීසී ආයතනය යොදාගත්තේ. (උඩ ඇති වීඩියෝවේ පලවෙනි සෙග්මන්ට් එක බලන්න​)

(3) කවුද මේ සුරන්? කවුද මේ සිරන්?

ආටක නාටක බලන කවුරුත් මේ දෙන්නව දන්නවනේ ඉතින්? සුරන් කියන්නේ සුරන්ග සතරසින්හටයි. ඒ වගේම සිරන් කියනේ ශිරාන් ශාන්ත ගාල්ලගේටයි.
මේ දෙන්නා හිරු එෆ් එම් එකට අලුත් නොවුනාට​, රසිකයන් කිසිම දවසක පුන්චි තිරයේ දැකලා තිබ්බේ නැහ​.
ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ දෙන්නා පාසල් යන කාලේ ඉඳන්ම ගජ යාලුවෝ. සුරන්ග ඇත්තවශයෙන්ම කිව්වොත් බිස්නස්මන් කෙනෙක්. එයා රගපාන්නේ විනෝදාශ්වාදයක් සදහාම පමණයි. ඒත් ශිරාන් යනු රගපැම සිය පියාගෙන් දායාද කරගත්ත හාදයෙක්.
මේ දෙපලගේ රගපැම ගැනනම් ඉතින් මොනවා කියන්නද​? ඇත්ත වශයෙන්ම කිව්වොත් හිරු ටීවී සමීක්ශන වාර්තා අනුව​, අපේ ආටක නාටක සෙග්මන්ට්‍ස් වලින් වැඩිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ මොවුන් දෙදෙනාගේ එකටයි.

(4) ආටක නාටක අධ්‍යක්ශනයෙන් දායක වෙන්නේ?

ඔව්.. ඒ මගේ හොදම මිත්‍රයා... ඒ වගේම අපේ මීඩියා ආයතනයේ සහය අධ්‍යක්‍ෂක​.. "නිවන්ත ප්‍රසාද්". ප්‍රසාද් ගැනනම් ඉතින් මොනවා කියන්නද​? එලම කොල්ලෙක් තමයි. ඉස්සර සිරස ටීවී එකේ ගිය තවත් මෙවැනිම ඉතා ජනප්‍රිය විකට වැඩසටහනකට සහාය අධ්‍යක්‍ෂශනයෙන් රුකුල් දුන්නේ මොහුයි. ("නම නම් කියන්න එපා මචන්...".. මගේ මිත්‍රයා ආයාචනය කරයි)

(5) මේ දෙන්නා හැරෙන්න වෙනත් විකට රන්ගන ශිල්ප ශිල්පිනියෝ රාශියකුත් සහබාගී වෙනවා නේද​?

අනිවා මචෝ.. විමල් කුමාරද කොස්තා, ප්‍රියන්ත සෙනෙවිරත්න​, නිල්මිණි කෝට්ටේගොඩ වැනි ෆීල්ඩ් එකේ දැවැන්තයන් අතර නවක නිරෝශිකා ප්‍රනාන්දු, නිරෝශා මයිත්‍රී, සූරිය බණ්ඩාර වැනි දක්ශ නවක නලු නිලි පිරිසක්ද සිටිනවා..

(6) ආටක නාටක බලන අපි දැක්ක දෙයක් තමයි ප්‍රවීණ නලු නිළියන් විටින් විට වෙනස් වෙනවා. ඒ ඇයි? අනාගතයේ අපිට බලන් ලැබෙන ප්‍රවීණයන් කවුද​?

ගොඩක් හොද ප්‍රශ්නයක්. මේක ගැන ඇත්තම කිව්වොත්, අපි එහෙම වෙනවෙන කැරැක්ස්ටර්ස් යොදාගන්නේ රසිකයාව ඒකාකාරී බවෙන් මුදවන්නයි. අපිට ලැබෙන දත්ත අනුව ප්‍රේක්ශකයන් මෙය ඉතා ආදරයෙන් වැලදගෙන තියනවා.

මීලගට එන්න ඉන්න නලු නිලියන් ගැන කිව්වොත්...
බන්දු සමරසින්හ (සෙග්මන්ට්ස් 10ක් - පෙබරවාරි - මැයි 2014)
ආනන්ද වික්‍රමගේ (සෙග්මන්ට්ස් 8යි - ජූනි - සැප්තැම්බර් 2014)
රොඩ්නි වර්ණකුල (සෙග්මන්ට්ස් 10යි - පෙබරවාරි - මැයි 2014)
දමිතා අබේරත්න (සෙග්මන්ට්ස් 17යි - ජනවාරි - අගෝස්තු 2014)
තවත් අය යොදාගන්න අපි බලාපොරොත්තු වෙන්වා ඉදිරියට)

ඔන්න ඉතින් මචන්ලා... අපේ ප්ලේන්ටි දෙකේ මේ වනවිට ඉතිරි වෙලා තිබුනේ මණ්ඩි විතරමයි. අනික මගේ යාලුවාට මේ වනවිට තවත් වටිනා වැඩක් සදහා යන්නට වුවමනා කරලා තිබ්බා. ඒ නිසා අකමැත්තෙන් වුනත් අපේ කතාව නවත්වන්න වුනා.

බොහොම අමාරුවෙන් මේ ටික කොටන්න හිතුනේ... උඹලා එක්ක මේ ගැන බෙදා හදා ගන්නයි. හැම අලුත් දේම විසි නොකර ඉදහිට ඕ අලුත් වැඩසටහනක් දෙකක් රසවිදින්න උත්සාහ ගන්න යයි ආයාවනය කරමින් මම නතරවෙන්නම්.

*ආටක නාටක කොටස් කිහිපයකුත් පහතින් උඹලා වෙනුවෙන්ම මම ලින්ක් කරලා තියෙනවා.. රස විදින්න​.

රෙපක් පුලුවන්නම් දෙන්නකෝ... මමත් පෙරලා රෙප් දෙනවා දෙන එව්න්‍ට්!

මීට ලන්කා
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ සුරන් ඉන්න කොටස හොඳයි බං. අනිත් ඒවා නම් ගොඩක් වෙලාවට මෝඩ ආතල්. පටන් ගත්තු දවස්වල නම් නියමෙටම තිබ්බ. දැන් එහෙම නෑ. කරන්නන් වාලේ කරනවා වගේ...

    ඉස්සරහට වත් හොඳ වුනොත් හොඳයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකෙ හොඳ ඒවට යන්නේ සුරන් ඉන්න ඒවයි, අර මිහිර ඉන්න ඒවයි විතරයි. අනිත් ඒවා නම් ගොන් ජෝක්
     
    ඕකෙ හොඳ ඒවට යන්නේ සුරන් ඉන්න ඒවයි, අර මිහිර ඉන්න ඒවයි විතරයි. අනිත් ඒවා නම් ගොන් ජෝක්

    මචන්.. මිහිර නම් ඉතින් ආයේ එන එකක් නැහ​... ඌ අර අයි ටී එන් එකට ගිහින් චැනල් එක චා කරපු එකෙන්... :(
     

    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    මෙලෝ රහක් නැති වැඩසටහනක්.
    ආටක නාටක යනු විකාර ගොඩක එකතුවක් වන අතර එය පරම විගඩමකි. ඒවා විහිළු ද නො වේ. මේවා ඉලක්ක කොට ඇත්තේ ගැඹුරු විහිළුවක් රසවිඳිය නො හැකි අඳබාල ප්‍රේක්ෂක ප්‍රජාවටයි.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේකේ සුරන් ඉන්න කොටස හොඳයි බං. අනිත් ඒවා නම් ගොඩක් වෙලාවට මෝඩ ආතල්. පටන් ගත්තු දවස්වල නම් නියමෙටම තිබ්බ. දැන් එහෙම නෑ. කරන්නන් වාලේ කරනවා වගේ...

    :yes::yes:

    ඔය සෙට් එක එෆ් එම් චැනල් එකක ඉස්සර වැඩසටහනක් කලා ,ඒක පට්ට මේවාට වඩා.