රාජපක්ෂලාගේ ෂීසෙල්ස් මාලිගා ගොඩනැගුවේ කවුරුන්ද ? යන්නේ කවදාද?
seychelles-resortලොව ප්‍රබල ජාවාරම්කරුවන් බහුල වශයෙන් වෙසෙන ෂීසෙල්ස් රාජ්‍යයේ දූපතක් සහ එහි හෝටල්, බංගලා ආදිය රාජපක්ෂවරුන් සතුව තිබෙන බවට මාධ්‍යවලින් කරුණු අනාවරණය වෙමින් පවතී. එම වාර්තාවන්ට අනුව මීට වසර හතරකට පෙර එහි දේපල මිලදීගෙන ඇති බවත්, එහි රාජපක්ෂවරුන් වෙනුවෙන් හෝටල්, බංගලා ආදියෙහි ඉදිකිරීම් කටයුතු කර ඇත්තේ, මෙරට ප්‍රධාන ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකින් වන අතර ඒ සඳහා වන මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ, පසුගිය කාලයේ මෙරට ජනතා විරෝධයට භාජනය වූ රාජපක්ෂ ගජයෙකු වන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් බවටද අනාවරණයවේ.
එසේම ගෙවීගිය පැය 48 ක කාලය තුල රාජපක්ෂවරුන්ගේ ඉතා වටිනා කියන බඩු භාණ්ඩ රාශියක් මෙම ෂීසෙල්ස් රාජ්‍යයට ඉතා රහසිගතව ගුවන්ගත කර ඇතිබවටද වාර්තාවේ.
MR-seychellsෂීසෙල්ස් රාජ්‍යයේ නීති විරෝධී ජාවාරම් සහ නීති විරෝධී කටයුතු සඳහා රුකුල්දෙන රාජ්‍ය ලෙස සැලකෙන නිසා ලොව පිලිගත් රාජ්‍යයන් මෙම රට සමඟ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුකිරීමට උනන්දුවක් නොදක්වයි. ශ්‍රී ලංකාවද මීට පෙර ෂීසෙල්ස් රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුනොකළ අතර ෂීසෙල්ස් සමඟ ගනුදෙනු අරඹන ලද්දේ වත්මන් රාජපක්ෂ පාලනය විසින් වීමද සුවිශේෂීය. කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම් සඳහා ඉහල තැනක් හිමිකර ගැනීමට සමත් වූ රාජ්‍යයක් ලෙස ෂීසෙල්ස් ප්රකටය.