ඕක තියෙන්නෙ ආනමඩුවෙ. (පුත්තලම් දිස්ත්‍රික්කෙ, පුත්තලම කුරුණෑගල ප්‍රදාන මාර්ගයේ යද්දි හම්බෙන ටවුන් එකක්.)
88 ගම්ම් උදාව හදපු කාලෙ හදලා තියෙන්නෙ.
දැන් අයිතිය ආණමඩුවෙ කාර්මික විද්‍යාලයට.
මේ දවස් වල ඕකෙ ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා ටෙක් එකේ උන්ට.
බලන්න ඕන නම් ආණමඩුව ටවුන් එකට ඇවිත් ටෙක් එකට යන පාර අහන්න. ටවුන් එකේ ඉදලා කිලෝමීටරයක් ඇති.
(ඕක පිටිපස්සෙ ඉස්සර පැණි කෝං ගහක් තිබුනා. රිංගලා ඇති අම්බානෙකට කෝං කන්න. පහුගිය කාලෙ ගරා වැටිලා වගේ තිබුනේ පස්සෙ තමා ටෙක් එකට අරගෙන හදලා කරලා ගත්තේ. දලදා මාලිගය වගේම පාර්ලිමේන්තුවේ හැඩයට හදපු එකකුත් තියෙනවා වටේට අගලක් එහෙම කපලා දියවන්නාව වගේ. ඒක තමයි දැන් ටෙක් එකේ මේන් හෝල් එක.)