ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාව

ආණ්ඩුක්‍රම ව්‍ය&

  • එකගයි

    Votes: 5 9.1%
  • එකග නෑ

    Votes: 50 90.9%

  • Total voters
    55

Opinion

Member
May 20, 2018
2,904
185
0
aaa.png

i am confused with this part. sinahala saha demala bashawa janarajaya mulullema paripalana bashawa viya yuthui kiyana aya ai uthure saha naganehira demala witharak bawitha karanna one kiyala kiyanne ?
 
Last edited:

Opinion

Member
May 20, 2018
2,904
185
0
මුළු රටේම පරිපාලන ආයතන වල වාර්තා ඉංග්‍රීසියෙන් පවත්වගෙන ගියොත් මොකද? භාෂාව අනුව ඕව බෙදන්න ගියාම හෙන ප්‍රශ්න නෙ. අනික නැගෙනහිර පලාතෙ අම්පාර දිස්ත්‍රික්කෙ වැඩිපුර ඉන්නෙ සිංහල මිනිස්සු. නුවරවෙළිය දිස්ත්‍රක්කෙ, කොළඹ දිස්ත්‍රික්කෙ දෙමළ මිනිස්සු ඉන්නවා

now i am starting to think about english. what about english ? will they completely ignore english ?
 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    now i am starting to think about english. what about english ? will they completely ignore english ?

    Why will they do so? The language used in administration services should be same for all provinces in the country. If they cannot accept English, there is clearly a problem with their ambitions. If thy cannot accept sinhala, thats ok, because there may be problems with understanding the language, but English is universal and there is no rational reason to ignore English
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    - සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු !

    -ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!)

    - ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්)

    - ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි

    - ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි.

    - අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ.

    - කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි!

    - පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි.

    - ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්!

    - පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි!

    - සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    පරිපාලනය ඉංග්‍රීසි කරන්නේ හේතුවක් තියෙන්න ඕනෙනේ....
    මම මේ කියන්නේ රටේ සමස්ථයම ගැන හිතලා.
    භාෂාවත් චැලෙන්ජ් එකක් කරගන්න ඕනේද?
    සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාශාවෙන් කරන්න පුලුවන් වැඩනේ රට ඇතුළේ තියෙන්නේ. දැනටමත් ලංකාවේ තාක්ෂණික වාර්තා කරගෙන යන්නෙම ඉංග්‍රීසියෙන්. ඒ භාශාවේ පහසුව නිසා. හැමදේම ඉංග්‍රීසි කරන්නෙ මොකටද අපිට දියුණු භාෂාවක් තියෙන නිසා :yes:

    එහෙනම් රටේ එක කොටසකට දෙමළ ඕනෙ නෑනේ. ඒකෙන් රටේ තවත් කොටසක් අපහසුතාවයට පත් වෙනවා. මුලු රටම ඉංග්‍රීසි කලාම කාටවත් කරදරයක් නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් රටේ එක කොටසකට දෙමළ ඕනෙ නෑනේ. ඒකෙන් රටේ තවත් කොටසක් අපහසුතාවයට පත් වෙනවා. මුලු රටම ඉංග්‍රීසි කලාම කාටවත් කරදරයක් නෑ.

    බහුතරයක් ඉන්න සිංහල මිනිස්සු දෙමළෙන් ෆයිල් මේන්ටේන් කරන්නේ නෑ. දෙමළ කෙනෙක් ආවොත් ඒ මනුස්සයාගේ සේවය දෙමළ දන්න මනුස්සයෙක් ලවා ට්‍රාන්ස්ලේට් කරගෙන උදව් කරන එකනේ අද ලංකාවේ වෙන්නේ. 2006 චක්‍රලේඛයක් මගින් ලංකාවේ රජයේ පහළම නිලධාරීන් හැර අනෙක් අය දෙමළ විභාග ලියලා පාස් නොවුනොත් පඩි වැඩි නොකරන තැනට පත් කරලා තියෙනවා. අදටත් මම දන්න අය දෙමළ පාඩම් කරනවා රාජ්‍ය සේවයේ දෙමළ ඉගෙන ගත යුතුයි පදනමෙන්. (උතුරේ රජයේ නිලධාරීන් සිංහල ඉගෙනගත යුතුය් කියලා )

    ඒ කොහොම උනත් උතුරේ ආයතනයකට සිංහල මනුස්සයෙක් ගියොත් දකුනේ විදියටම ටැමිල් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා අවශ්‍ය කාරණය ඉටු කරන්නේ. එතකොට උතුරේ පරිපාලනය වෙන්නේ දෙමළෙන්.. ඔය ක්‍රමය වෙනස් කරන්න කියන යෝජනාව මොකක්ද කියලා බලන්න වෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Me mona huththakda. Ape demorcacy eka sampurnayen nathi karanawane janadipathi path karana eka ponnaliament ekata aran. Parliament ekata yana eun path karanne ape chanden unata un parliament gihama sampurnayenma depaththe nayakayo dennata yatath wenna one mahinda and ranilge. Oya ekek kiyana ekata pitin thamanta hatiyi and thamanta chande deepu minissunta hariyi kiyala hithena stand ekaka hitiyoth uwa thamange paksgen ala karala winaya kriyamarga aran elawanawa. Ara wijayadasa rajapaksha ta uneth eka. Me wesige puthala oka genawoth janadipathi ge widayaka balayata thiyana chandeta koti 100 gane lansu thiyai chanda ganna ara 225 athulen. Kari wesa hukannala

    E madiwata janadipathi agamathige polla lewakanna one kiyalath clausw ekak dala
     
    ඕවා යෝජනා විතරයි.

    ඔය හයිලයිට් කරපුවා විතරක් නෙවෙයි ඉතින් මුස්ලිම් පක්ෂ., දෙමළ පක්ෂ එහෙම කරලා තියෙන යෝජනා ඉතින් උන්ට කෑල්ලක් ඕනේ වගේ තමා..
    යෝජනා කළ පළියට ඒක ව්‍යවස්තාව කියලා හිතලා මිනිස්සු නොසන්සුන් කරන වැඩේ නම් සවුත්තුයි. කෙටුම්පතට එකඟත්වයක් නෑ ඔය යෝජනා විෂමතා නිසා...
    මතකද කලින් මේ රට නිරාගමික කරනවෝ කිව්වා. ඒත් ඔය මහජනයගේ යෝජනා...
    මිනිස්සු හරි ආසයි බොරුවට භය වෙන්න අමාරුවෙන් තේරුම් ගන්නවට වඩා.

    ඔය ජනාධිපති බලතල අඩු කරන්න ඕනේ කියන මතයේ ඉන්න අයගේ යෝජනවක් වෙන්නෝනේ.
    අගමැතිට බලය දෙන එක රනිල්ට බලය දීම කියලා හරි ජනපති බලය අඩු කිරීම මෛත්‍රීට ගහන්න පුලුවන් ක්‍රමයක් කියලා හිතලා ව්‍යවස්තාවට ලැබෙන යෝජනා කැටගරයිස් කිරීම නම් නුවණට හුරු දෙයක් නෙවෙයි.

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    බහුතරයක් ඉන්න සිංහල මිනිස්සු දෙමළෙන් ෆයිල් මේන්ටේන් කරන්නේ නෑ. දෙමළ කෙනෙක් ආවොත් ඒ මනුස්සයාගේ සේවය දෙමළ දන්න මනුස්සයෙක් ලවා ට්‍රාන්ස්ලේට් කරගෙන උදව් කරන එකනේ අද ලංකාවේ වෙන්නේ. 2006 චක්‍රලේඛයක් මගින් ලංකාවේ රජයේ පහළම නිලධාරීන් හැර අනෙක් අය දෙමළ විභාග ලියලා පාස් නොවුනොත් පඩි වැඩි නොකරන තැනට පත් කරලා තියෙනවා. අදටත් මම දන්න අය දෙමළ පාඩම් කරනවා රාජ්‍ය සේවයේ දෙමළ ඉගෙන ගත යුතුයි පදනමෙන්. (උතුරේ රජයේ නිලධාරීන් සිංහල ඉගෙනගත යුතුය් කියලා )

    ඒ කොහොම උනත් උතුරේ ආයතනයකට සිංහල මනුස්සයෙක් ගියොත් දකුනේ විදියටම ටැමිල් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා අවශ්‍ය කාරණය ඉටු කරන්නේ. එතකොට උතුරේ පරිපාලනය වෙන්නේ දෙමළෙන්.. ඔය ක්‍රමය වෙනස් කරන්න කියන යෝජනාව මොකක්ද කියලා බලන්න වෙනවා

    ඒක තමයි. මේ හරුපෙ පදනමක් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පරිපාලනය ඉංග්‍රීසි කරන්නේ හේතුවක් තියෙන්න ඕනෙනේ....
    මම මේ කියන්නේ රටේ සමස්ථයම ගැන හිතලා.
    භාෂාවත් චැලෙන්ජ් එකක් කරගන්න ඕනේද?
    සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාශාවෙන් කරන්න පුලුවන් වැඩනේ රට ඇතුළේ තියෙන්නේ. දැනටමත් ලංකාවේ තාක්ෂණික වාර්තා කරගෙන යන්නෙම ඉංග්‍රීසියෙන්. ඒ භාශාවේ පහසුව නිසා. හැමදේම ඉංග්‍රීසි කරන්නෙ මොකටද අපිට දියුණු භාෂාවක් තියෙන නිසා :yes:

    උතුර් උනැගෙනහිර දෙමලයි,අනිත් පලාත්වල සිංහලයි කරන්නේ නැතුව පළාත් 9ම සිංහල කලානම් ගැටලුවක් නෑනේ.රටේ වැඩිම පිරිසක් කථාකරන භාශාවෙන් වැඩ කලාම හැමෝටම ලේසියි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    now i am starting to think about english. what about english ? will they completely ignore english ?

    ලංකාවේ අති බහුතරයක් කථාකරන්නේ සිංහල.කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉන්න අය ඉන්ග්‍රීසි දන්නව උනාට පිට පලාත්වල ඉංග්‍රීසි දැනුම අඩුයි.ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උතුර් උනැගෙනහිර දෙමලයි,අනිත් පලාත්වල සිංහලයි කරන්නේ නැතුව පළාත් 9ම සිංහල කලානම් ගැටලුවක් නෑනේ.රටේ වැඩිම පිරිසක් කථාකරන භාශාවෙන් වැඩ කලාම හැමෝටම ලේසියි.
    උතුරේ බහුතරේ දෙමල නං සිංහල පාවිච්චි කරන එක ප්‍රායෝගික නෑ නෙ :yes: ඔය වගේ පොඩි දේවල් වලදීත් අපි බලහත්කාරෙන් සිංහල පටවන එක වැරදියි මමනං කියන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උතුරේ බහුතරේ දෙමල නං සිංහල පාවිච්චි කරන එක ප්‍රායෝගික නෑ නෙ :yes: ඔය වගේ පොඩි දේවල් වලදීත් අපි බලහත්කාරෙන් සිංහල පටවන එක වැරදියි මමනං කියන්නේ.

    ඕක බලහත්කාරකමක් වෙන්නේ ටික කාලෙකට විතරයි.දැන් ඉන්න නාකි ටික මලාට පස්සේ එන පරම්පරාව සිංහලෙන් අපූරුවට වැඩ ටික කරගනී.දැන් උතුරේ දෙමළෙන් වැඩ කලාම සිංහල මිනිහෙක් එතනට වැඩක් කරගන්න ගියාම ඌ අනාත වෙනවා.දකුනේදී දෙමළ මිනිහෙක් වැඩක් කරගන්න ගියාම ඌ අනාත වෙනවා.මේක පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට පැය 10-12කින් යන්න පුලුවන් පොඩි රටක්.භාශා දෙකකින් වැඩ කරන්න ගියාම එතන අවුලක්.ඒක නිසා රටේ බහුතරයක් කථා කරන භාශාවෙන් මුලු රටේම වැඩ කෙරෙනවනම් ඒක කාටත් පහසුයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උතුර් උනැගෙනහිර දෙමලයි,අනිත් පලාත්වල සිංහලයි කරන්නේ නැතුව පළාත් 9ම සිංහල කලානම් ගැටලුවක් නෑනේ.රටේ වැඩිම පිරිසක් කථාකරන භාශාවෙන් වැඩ කලාම හැමෝටම ලේසියි.

    ඇයි ඒ එහෙම කරන්නේ දැන්?
    මෙච්චරකල් එහෙම නෙවෙයිනේ උනේ.. :rolleyes:
    උතුරේ එහෙම වැඩකරන එකෙන් කටද ලේසි? කාටද අමාරු?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇයි ඒ එහෙම කරන්නේ දැන්?
    මෙච්චරකල් එහෙම නෙවෙයිනේ උනේ.. :rolleyes:
    උතුරේ එහෙම වැඩකරන එකෙන් කටද ලේසි? කාටද අමාරු?

    මෙච්චර කල් එහෙම නොවිච්ච එක තමයි මේ ප්‍රස්න වලට මුල.

    රටේ හැමෝම එකම භාශාවකින් කටයුතු කරනවනම් හැමෝටම වැඩකරන්න පහසුයිනේ? එතකොට උතුරෙද, දකුණෙද ,නැගෙනහිරද මද්‍යමද කියලා වෙනසක් නෑනේ.හෙට අනිද්දට මුස්ලිම් අය නැගෙනහිර පලාතේ දෙමලෙන් වැඩ කරන්න බෑ අපිට අරාබි වලින් වැඩ කරන්න ඕනි කියලා කිව්වොත් මොකද වෙන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක බලහත්කාරකමක් වෙන්නේ ටික කාලෙකට විතරයි.දැන් ඉන්න නාකි ටික මලාට පස්සේ එන පරම්පරාව සිංහලෙන් අපූරුවට වැඩ ටික කරගනී.දැන් උතුරේ දෙමළෙන් වැඩ කලාම සිංහල මිනිහෙක් එතනට වැඩක් කරගන්න ගියාම ඌ අනාත වෙනවා.දකුනේදී දෙමළ මිනිහෙක් වැඩක් කරගන්න ගියාම ඌ අනාත වෙනවා.මේක පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට පැය 10-12කින් යන්න පුලුවන් පොඩි රටක්.භාශා දෙකකින් වැඩ කරන්න ගියාම එතන අවුලක්.ඒක නිසා රටේ බහුතරයක් කථා කරන භාශාවෙන් මුලු රටේම වැඩ කෙරෙනවනම් ඒක කාටත් පහසුයි.
    ලංකාවේ ඉංග්‍රීසි උගන්නන්නේ කොයි කාලෙක ඉඳන්ද දැන් පරම්පරා කීයක් ගිහින්ද තාම ඉංග්‍රීසියෙන් වැඩක් කරගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. එහෙව් එකේ ඔය මිනිස්සු අපුරුවට සුටුස් ගාල සිංහල ඉගෙනගනියි කියන්න බෑ පරම්පරා දහයක් ගියත්. නිලධාරියා දෙමල නං වැඩ කරගන්න එන මනුස්සයත් දෙමල නං බලහත්කාරෙන් සිංහල පටවන එක බොරු වැඩක්.

    අනික වාර්තා පවත්වාගෙන යන්න නේ ඕක පාවිච්චි වෙනවා කියන්නේ, ගිහින් කතාකරලා වැඩක් කරගන්න බාධාවක් නැතුව ඇති. දැනටත් දෙමලෙන් වෙන්න ඇති ඕවා කරන්නේ මොකෝ එහෙ ඔපිස් වල සිංහල මිනිස්සු නෑනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙච්චර කල් එහෙම නොවිච්ච එක තමයි මේ ප්‍රස්න වලට මුල.

    රටේ හැමෝම එකම භාශාවකින් කටයුතු කරනවනම් හැමෝටම වැඩකරන්න පහසුයිනේ? එතකොට උතුරෙද, දකුණෙද ,නැගෙනහිරද මද්‍යමද කියලා වෙනසක් නෑනේ.හෙට අනිද්දට මුස්ලිම් අය නැගෙනහිර පලාතේ දෙමලෙන් වැඩ කරන්න බෑ අපිට අරාබි වලින් වැඩ කරන්න ඕනි කියලා කිව්වොත් මොකද වෙන්නේ?

    ඔයා එහෙනම් අතීතේ වෙනස් කරගෙන එන්න.
    අපි දැන් අදට ඇවිල්ලා ඉන්නේ.
    උතුරේ සපුමල් කුමාරයත් ඉන්න කාලේ නම් ඔය කියන කන්සෙප්ට් එක මේන්ටේන් කරන්න තිබ්බා...
    සුද්දාගේ, කලු සුද්දාගේ හා ජාතිවාදි දෙමළාගේ ක්‍රියාකාරකම් අනූව උතුරේ උන් සිංහල දන්නේ නෑ සහ උතුරේ උන්ට සිංහලයා හතුරෙක් කරලා තියේ. දකුණේ හැදුනු අය ගැන නොකියා ඉන්නම්.
    ඉතින් දැන් උතුරේ මිනිහගේ උප්පැන්නේ සිංහලෙන් ලියලා දෙන්න, චරිත සහතිකේ සිංහලෙන් දෙන්න කියන කතාවට මම මොනවා කියන්නද...
    උතුරේ දෙමළ දේශපාලකයා සහ උතුරේ දෙමළ මිනිහා දෙගොල්ලක්.

    මුස්ලිම් උන්ට අරාබි භාශාව අද දුන්නොත් තව අවුරුදු 30 කින් ඉපදෙන එකෙක් එහෙ සිංහල කරන්න ඕනේ කිව්වට කරන්න බෑ.
    දැන් තියෙන බලයෙන් කරන්න පුලුවන් දේවල් කරන්නයි ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ ඉංග්‍රීසි උගන්නන්නේ කොයි කාලෙක ඉඳන්ද දැන් පරම්පරා කීයක් ගිහින්ද තාම ඉංග්‍රීසියෙන් වැඩක් කරගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. එහෙව් එකේ ඔය මිනිස්සු අපුරුවට සුටුස් ගාල සිංහල ඉගෙනගනියි කියන්න බෑ පරම්පරා දහයක් ගියත්. නිලධාරියා දෙමල නං වැඩ කරගන්න එන මනුස්සයත් දෙමල නං බලහත්කාරෙන් සිංහල පටවන එක බොරු වැඩක්.

    අනික වාර්තා පවත්වාගෙන යන්න නේ ඕක පාවිච්චි වෙනවා කියන්නේ, ගිහින් කතාකරලා වැඩක් කරගන්න බාධාවක් නැතුව ඇති. දැනටත් දෙමලෙන් වෙන්න ඇති ඕවා කරන්නේ මොකෝ එහෙ ඔපිස් වල සිංහල මිනිස්සු නෑනේ.

    මිලියන 20 කට ඉන්ග්‍රීසි උගනවනවට වඩා මිලියන 2-3කට සිංහල උගන්වන එක ලේසියි මම හිතන්නේ.

    දැනට දෙමළෙන් වැඩ කරන තැනකට සිංහල විතරක් දන්න මිනිහෙක් ගිහින් වැඩක් කරගන්නේ කොහොමද?

    දෙමළ විතරක් දන්න මිනිහෙක් සිංහලෙන් වැඩ කරන තැනකට ගිහින් වැඩක් කරගන්නේ කොහොමද?

    දැන් නිකමට හිතපන්කෝ දෙමළ මනුස්සයෙක් බැංකුවකින් සල්ලි ගන්න දෙමළ ස්ලිප් එක දෙමළෙන් පුරවලා සිංහලයි ඉන්ග්‍රීසියි විතරක් දන්න කැශියර් කෙනෙකුට දුන්නොත් මොකද වෙන්නේ? දෙමළ දන්න එකෙක් බැංකුවේ හිටියොත් හොඳයි.නැත්නම් මොකද කරන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ ඉංග්‍රීසි උගන්නන්නේ කොයි කාලෙක ඉඳන්ද දැන් පරම්පරා කීයක් ගිහින්ද තාම ඉංග්‍රීසියෙන් වැඩක් කරගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද. එහෙව් එකේ ඔය මිනිස්සු අපුරුවට සුටුස් ගාල සිංහල ඉගෙනගනියි කියන්න බෑ පරම්පරා දහයක් ගියත්. නිලධාරියා දෙමල නං වැඩ කරගන්න එන මනුස්සයත් දෙමල නං බලහත්කාරෙන් සිංහල පටවන එක බොරු වැඩක්.

    අනික වාර්තා පවත්වාගෙන යන්න නේ ඕක පාවිච්චි වෙනවා කියන්නේ, ගිහින් කතාකරලා වැඩක් කරගන්න බාධාවක් නැතුව ඇති. දැනටත් දෙමලෙන් වෙන්න ඇති ඕවා කරන්නේ මොකෝ එහෙ ඔපිස් වල සිංහල මිනිස්සු නෑනේ.

    කෙලින්ම ජනතාවට සම්බන්ධ වෙන ලියවිලි සහ මෝඩ මී හරක් දේශපාලුවන්ගේ ලිය කියවිලි හැරුනම දැනට ලංකාවේ බොහෝ ගණුදෙණු සිද්ධ වෙන්නේ ඉංග්‍රීසියෙන්. ආකෘති පත්‍ර වල ෆෝමැට් එක රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ. දකුණේ සිංහල. උතුරේ දෙමළ. ඒ ඒ ප්‍රදේශයේ ඒ ඒ භාෂවෙන් ෆය්ල් කරගන්නේ.

    උතුරෙ වැඩකට ඇපෘවල් එකක් ගන්න ගියාම උන් ඉංග්‍රීසි ෆෝමැට් එකක් දුන්නා ස්වෙච්ඡාවෙන්.
    ඒත් ම්නිස්සු කියලා තේරුම් ගත්තොත් ග්ඩක් ප්‍රශ්න විසඳෙනවා. හිත් වල කැකෑරෙන් වෛරය අඩුවේවි:yes: