ආණ්ඩුව කලබල වෙලා
අපේ සමඟිය දැක ආණ්ඩුව කලබල වෙලා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇති බව එම පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි.
පක්ෂය තුල සමගිය සහ එකමුතුකම රැකගතහොත් මැතිවරණ ජයග්‍රහණය අපහසු නොවන බව කොළඹදී පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා කියා සිටියේය.
තම පක්සයේ එකමුතුකම සමගිය පිළිබඳව රජයද කලබල වී ඇතැයි කී ජයසූරිය මහතා ප්‍රශ්න ඇති අය එය පක්ෂය තුලම විසඳා ගැනීමට ක්‍රියා කල යුතු යයිද කියා සිටියේය.
...............................
මෙතෙක් පක්ස ව්‍යවස්ථාවට ඇතුලත්ව නැති එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය ලබන දෙසැම්බර් මස පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
දැනට එකී යෝජනාවට හා පක්ෂ නායක තනතුර ජාතික නායක ලෙස වෙනස් කිරීමට අවශ්‍ය කත්‍යාධිකාරී අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මෙය නීතිමය ලෙස වලංගුභාවයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ලබන මස මුල පැවැත්වෙන පක්ෂයේ වාර්ෂික සම්මේලනයේදී කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
නායකත්ව මණ්ඩලය කරු ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති අතර එහි සාමාජිකයන් ගණන 09කි.
එහෙත් එයට පත් කළ සජිත් පේ‍්‍රමදාස හා තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහු ඉන් ඉවත් වූහ. ඒ අනුව එහි සාමාජිකයන් ගණන 07කට සීමා විය.
source lankacnews

රනිල්ගෙ ලොරි ටොක්