පෙරළන්ඩ ඕනෙ නම් පුලුවන්. ඒත් මොකටද?
හෙනම අප්සට් ජාතිවාදී, ආර්ථික, ලෙජිස්ලේටිව් අදහස් එක්ක ගෝඨව උස්සන් ආපු මැද පාන්තිකයො ටික දැන් තමන්ගෙ ආතල් කුඩු උන නිසා ආන්ඩු මාරු කරන්න යනව. හරි රජය පෙරලුව කියමුකො. මේ මිනිස්සු ටිකගෙ ක්‍රියාකලාපය දන්න නිසා කියන්න පුලුවන් අලුතින් එන සෙට් එකෙනුත් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ කියල තේරුනාම එන්ටයිටල්මන්ට් එක ඉස්සරහට දාන් ආණ්ඩු පෙරලන සෙල්ලම නැවතත් පටන් ගන්නව. මේ නොම්මර එකේ අමු තක්කඩි ටිකක්නෙ. මට හද්ද ඩොටේ කැපුවත් නිල් සීන් එකෙන් ඉන්න හිඟන බයියො කොලිටි මීට වඩා.
මේකෙ අදහස පහළ අර්ථික පන්තීන් මාරයි කියන එක නෙමේ, උන් කොහොමත් ඉමෝෂනල් පසුගාමී හරක්. ඒත් මතවාදය හැම වෙලේම නිර්මාණය වෙන්නෙ මැද පන්තිය අතින්. ඒක අපි වෙනුවෙන් යුද්ධ කරන්න උඹලගෙ කොල්ලො යවන්න, අපි වෙනුවෙන් සාසනේ රකින්න උබලගෙ ළමයි මහණ කරවන්න, අපි වෙනුවෙන් හම්බ කරන්න උඹලගෙ ගෑනු යවන්න මේ සියල්ලෙම තීරක බලේ තියෙන්නෙ වැදගැම්මකට ඇති වැඩක් නොකරන මැද පන්තියට.
මාත් මැද පන්තියෙ තමා, මන් දන්නව අපේ කැරි වැඩ.
මුල ඉඳන්ම මේ ආණ්ඩුවට විරුද්ධව හිටපු මනුස්සයෙක් උනත් කියන්න තියෙන්නෙ මේ මොහොතෙ කරන්න තියෙන සියල්ලම කරල ආණ්ඩුව හීලෑ කරවගන්න එක තමා හොඳම විකල්පය. ඒ කරල අවශ්‍යනම් IMF හෝ IMF-like restructuring වලට යන එක. මේ දවස්වල රනිල තැන තැන යෝජනා කරගෙන යන measures ටිකවත් මැයි වලට කලින් වෙන්න ඕනෙ. බුවා ඒව කියන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල ඉඳල.