ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1112-2.jpg


    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව නිෂ්පාදන ඒකකය විවෘත කිරීම සහ “අලුත් රටට අලුත් බෙහෙත්” වැඩපිළිවෙළ යටතේ ෆ්ලුක්ලොක්සසිලින්-flucloxacillin ප්‍රතිජීවක ඖෂධය එළිදැක්වීම ගරැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන SPMC පරිශ්‍රයේදී සිදු කෙරිණි. වසරකට මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට රුපියල් බිලියනයක ආසන්න මුදලක් වැය කරයි. රජය මගින් පමණක් මෙම ඖෂධය මිලදී ගැනීමට වාර්ෂිකව රුපියල් මිලියන 500-600 අතර මුදලක් වැය කරයි.

    මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍යධුරයට පත්වීමෙන් පසු මසකට වරක් මීට පෙර ලංකාවේ නිෂ්පාදනය නොකළ ඖෂධයක් එලි දැක්වීම ඇරඹිණි.

    1. ඒ අනුව සැප්තැම්බර් මාසයේ ගැබා පෙන්ටීන්,
    2.ඔක්තෝබර් මාසයේ ක්ලොපිඩොග්‍රේල්, 3.නොවැම්බර් මාසයේ හයිඩ්රෝක්සි ක්ලෝරෝකුවීන් ලෙස නව ඖෂධ එලි දැක්විණි.

    අග්‍රාමාත්‍යතුමා නව ඖෂධ නිෂ්පාදන ඒකකය විවෘත කරමින් මෙසේ ද කීවේය,

    “විශේෂයෙන්ම 2012 වසරේදී තමයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාවය දෙගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ආයතනයේ තියෙන වැදගත්කම මම මෙතන ඉන්න පිරිසට අලුතින් කියන්න අවශ්‍ය නැහැ.

    නමුත් අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් ඉන්නවා.

    ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක්ම මේ රටේ නිෂ්පාදනය විය යුතුයි, ඒ වගේම පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතු යැයි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.

    අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි අපේ රට හැම අංශයකින්ම ස්වයං පෝෂිත කරන්න ඕනි, ඒක අනුව තමයි අපිට අපේ අනාගතය ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නේ.”

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, අමාත්‍ය සරත් වීරසේකර, අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


    **** අවුරුදු 5ක් බලේ ඉදල පැනඩෝල් පෙත්තක්වත් හදාගන්ඩ බැරි උන, ගු ඇන් පි කුහකයන්ට හොදටම රිදෙයි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    අඩෝ සිරාවට මේ නිව්ස් එක දැක්ක ගමන් දුවගෙන ආවෙ මේ ටයිප් එකේ ත්‍රෙඩ් එකක් උබ දාල ඇති කියල. :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි කාරයන්ට හොදටම රිදිල

    ලබන අවුරුද්දෙ ඉදන් මාසෙට බෙහෙත් 2-4ත් අතර අලුතින් නිශ්පාදන ආරම්බ කරනව, සෑහෙනට රිදෙයි එතකොට, රටටම සේලයින් ඕන්ද වේ .....


    ප්‍රමිතියක් නැතුව හදන ඕව බිව්වොත් මැරෙයි. 🤭
    SPMC කියන නම නිකන් නෙමේ තියෙන්නෙ, ජාත්යන්තර මට්ටමේ නමක් ,කොලිටිය ගැන ආයෙ මොනවද කියන්නෙ, දුකට බුරපන් :lol: :lol: :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල් ගු ඇන් පි කාරයන්ට හොදටම රිදිල

    ලබන අවුරුද්දෙ ඉදන් මාසෙට බෙහෙත් 2-4ත් අතර අලුතින් නිශ්පාදන ආරම්බ කරනව, සෑහෙනට රිදෙයි එතකොට, රටටම සේලයින් ඕන්ද වේ .....
    ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩුබන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    SPMC කියන නම නිකන් නෙමේ තියෙන්නෙ, ජාත්යන්තර මට්ටමේ නමක් ,කොලිටිය ගැන ආයෙ මොනවද කියන්නෙ, දුකට බුරපන් :lol::lol::lol:
    කවුද ඕකෙ හදන බෙහෙත් වල ප්‍රමිතිය බලන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩුබන්.
    අනිව ඉතින්,

    ඉන්දියාවෙ ලැට් උඩ හදන බේත් ගිල්ලන්නෙ නැතුව ලoකාවෙම බේත් හදල දෙන එකට හරිනම් පින් දෙන්ඩ ඕන අපේ ආණ්ඩුවට ... :yes: :yes:



    කවුද ඕකෙ හදන බෙහෙත් වල ප්‍රමිතිය බලන්නෙ
    පිනට පඩි ගන්නෙ නැ , SPMC එකේ මහාචාර්යවරුම කියක් ඉන්නවද ඒ මිනිස්සු තමයි පරික්ශා කරන්නෙ ,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    එහෙනම් කොරෝනා vaccine එකත් මෙහෙම හදයි. බිලියන 10 ණය ඕනත් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් කොරෝනා vaccine එකත් මෙහෙම හදයි. බිලියන 10 ණය ඕනත් නෑ
    කොරෝනා කෙසේ වෙතත් පිලිකා රෝගින්ට දෙන වැකිසීන් එක හදන්ඩ හදන්නෙ, දැනටම පටන් අරන් තියෙන්නෙ බිල්ඩිම ගහනව, පොහොට්ටුවෙ බුද්ධිමතාගෙ වැඩ කිඩ ඔන්ද වේ....