ආණ්ඩුව_පෙරලා දමනවා - රතන හිමි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආණ්ඩුව_පෙරලා දමනවා - රතන හිමි

    මේ ආණ්ඩුව හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි

    මේ ආන්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා..- රතන හිමි

    වත්මන් ආණ්ඩුවේ හොදයි කියා කියන්නට කිසිම දෙයක් ඉතිරි වී නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    ‘රට බෙදන්න ව්‍යවස්ථාවක් ගෙනාව. රජයේ තිබුණු වරාය විකුණල දැම්ම. ජාතීන් අතර අවිශ්වාසය ඇතිකලා. රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑව’ යයිද උන් වහන්සේ කියති.

    පොහොර සහනාධාරය පෙර ලෙසටම ලබා දීමට ගත් තීරණය වෙනස් නොකලහොත් ආණ්ඩුව වැඩි කල් නොගෝ පෙරලා දමන බවද උන් වහන්සේ අවධාරණය කරති.

    උත්සව සභාවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පල කලහ.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කටින්ද කියන්නේ

    අහවල් එකෙන්ද දැන් පෙරළන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දශමයක ලෑජ්ජාවක් නෑති, බොරුවෙන්ම ජිවත් වෙන ආණ්ඩුවේ ඉන්නේ ඈයි. ගිහිල්ලා මහින්දට එකතු වුනා නම් ඉවරයි නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    පඩේ ඇරලා පුක අත ගාලා වැඩක් නෑ

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    පොහොර සහනාධාරය දෙන්න සල්ලි තියෙන්න එපැයි භාණ්ඩාගාරෙ, පටන්ගත්තෙම ඒක බිඳලනේ ඉතින් කොයින්ද සල්ලි, දැන් ඔය හදන්නෙ හීන් නූලෙන් ගොවියොන්ටත් මඩ හෝදලම අරින්න, අපි දෙන්න හැදුවෙ කෝ... සාධු විරුද්ධයි නේ.. කියල ගානට ලිස්සලයයි. ඕවට තමයි කියන්නෙ "සෙප්පඩ විජ්ජා" කියල. මේ සූත්තර, බණ පොතෙත් නෑ... ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රතන හාමුදුරුවන්ට බැනලා වැඩක් නැහැ.අපි කාටවත් දිවැස් නැහැ.ඒ කාලේ මහින්ද හරියට හිටියනම් අපි මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැහැනේ.මහින්දගේත් වැරදි තිබ්බා.ඒත් මේ ආණ්ඩුවට චන්දෙ දීලා කරගත්තේ මෝඩකමක්.ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ.මම නම් කියන්නේ මේ ආණ්ඩුව තව එක දවසකටත් බලයට සුදුසු නැහැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    රතන හාමුදුරුවන්ට බැනලා වැඩක් නැහැ.අපි කාටවත් දිවැස් නැහැ.ඒ කාලේ මහින්ද හරියට හිටියනම් අපි මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නේ නැහැනේ.මහින්දගේත් වැරදි තිබ්බා.ඒත් මේ ආණ්ඩුවට චන්දෙ දීලා කරගත්තේ මෝඩකමක්.ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ.මම නම් කියන්නේ මේ ආණ්ඩුව තව එක දවසකටත් බලයට සුදුසු නැහැ.

    ඉතිං මචන් ඕක වදාරන්නත් අවුරුදු තුනක්ම යනකන් හිටියද
    මචන්...පෘතජන අපිට අවුරුද්දෙන් ඒක තේරුන දේ සිල්වත් හිමිනමකට තේරෙන්න අවුරුදු තුනක් ගිය එකනේ පුදුමෙ කියන්නෙ අනික තාම කොහෙවත් පොහොර සහනාධාර දෙන්න අරගෙනත් නැතුව දෙනව කියල නිල වශයෙන් කියන්නෙත් නැතුව හරියට හොරාට කලින් අර කෙහෙල් කැන වැට පැන්න වගේ වැඩක්නේ වෙලා තියෙන්නෙ. ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් විදියට උන්නාන්සෙ දන්නෙ නැද්ද අල ගිය තැන් මුල ගිය තැන් වැල ගිය තැන් ඔක්කොම දන්න කෙනෙක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉතිං මචන් ඕක වදාරන්නත් අවුරුදු තුනක්ම යනකන් හිටියද
    මචන්...පෘතජන අපිට අවුරුද්දෙන් ඒක තේරුන දේ සිල්වත් හිමිනමකට තේරෙන්න අවුරුදු තුනක් ගිය එකනේ පුදුමෙ කියන්නෙ අනික තාම කොහෙවත් පොහොර සහනාධාර දෙන්න අරගෙනත් නැතුව දෙනව කියල නිල වශයෙන් කියන්නෙත් නැතුව හරියට හොරාට කලින් අර කෙහෙල් කැන වැට පැන්න වගේ වැඩක්නේ වෙලා තියෙන්නෙ. ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් විදියට උන්නාන්සෙ දන්නෙ නැද්ද අල ගිය තැන් මුල ගිය තැන් වැල ගිය තැන් ඔක්කොම දන්න කෙනෙක්

    ඔයිට කලිනුත් කිව්වා බන් මට මතක විදිහට..මාධ්‍ය වලින් ඒවා එලියට දැම්මේ නැහැ වැඩිය.කොහොමහරි දැන්වත් ආණ්ඩුවේ වැරදි වැරදි විදිහට දකින එක හොදයි.වැඩේ කියන්නේ සමහරක් තාම මේ ආණ්ඩුවට කඩේ යනවා VPN වලින් ඇවිල්ලත්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    දශමයක ලෑජ්ජාවක් නෑති, බොරුවෙන්ම ජිවත් වෙන ආණ්ඩුවේ ඉන්නේ ඈයි. ගිහිල්ලා මහින්දට එකතු වුනා නම් ඉවරයි නේ.

    me anduwa honda na thamai. habai e kiyane mahinda hondai kiyana eka newei neda :D:lol: