ආත්මීය ආදර කතාව

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආත්මීය ආදර කතාව

    * ආත්මීය ආදරය - සඳ කිදුරු ජාතකය *

    යශෝධරාව වූ කලී සිදුහත් බෝධිසත්වයන් සමග සංසාරයේ එකට පැමිණි ආදරණිය යුවතියයි. ඇයගේ ආදරයේ තරම ගැන කියන්නට මට වචන නැත.සුපිරිසිදු ආදරයෙ සංකේතයක් වශයෙන් ඇයව මම හදුනා ගනිමි.

    ඔබ කාන්තාවක්ද ?


    එසේ නම් පින්බර යශෝදරාවගේ චරිතය ආදර්ශයට ගන්න .තම ස්වාමියා වෙනුවෙන් පිවිතුරු නිර්මල ආදරියක් වන්න.මරණය හමුවේ වුවද පතිවත රැක ගන්න.එයින් පමණයි ඔබ නියම කාන්තාවක් වනුයේ......

    ඔබ පුරුශයෙක්ද?

    සේනම් බෝධිසත්වයන්ගේ චරිතය ආදර්ශයට ගන්න.තම ගුණබර ආදරබර ප්‍රේම වන්තියටනිර්මල ආදරය කරුණාව දක්වන යහපත් පුරුශයෙක් වන්න.

    මෙවන් ස්ත්‍රී පුරුශයන් ඉන්නා සමාජයක් තුල පවුල් ප්‍රශ්න නැත,,සියලු යහපතින් සැපතින් සතුටින් සපිරි ප්‍රජාවකට ජීවත් විය හැක ,,ඔබත් මේ ශ්‍රීලංකාව එවන් භූමියක් කරන්න උත්සාහ ගන්න..



    1377135_538016676280978_1099649945_n.jpg




    ***චන්‍දකින්නර ජාතකය ***

    සුගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක්. යශෝධරා දේවීන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

    බුදුරජාණන් වහන්සේ ප‍්‍රථමයෙන් යශෝධරා දේවීන් වහන්සේගේ මාළිගාවට වැඩි ගමනේ සුද්ධෝදන රජතුමා,බිම්බා (යශෝධරා*) දේවියගේ ගුණ කියන්නේ ස්වාමීනී මාගේ මේ යෙහෙළිය ඔබ කෙරෙහි ආදරයෙන් මහභිනික්මන්කොට කාෂාය වස්ත‍්‍ර ඇඳි බව අසා පට සලූ පැළඳීමෙන් වෙන් වූවාය. එක් වේලේ වළදතියි අසා ඈද එක් වේලක් ආහාර ගැනීමෙන් දවසරන්නීය. බිම සයනය කරන බැව් අසා බිම සයනය කරන්නීය. ඔබ පැවිදි වූ බැව් අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු පිළි නොගෙන ඔබ වහන්සේට ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා ආශ්චර්ය්‍යයයි සිතමියි යනාදීන් බිම්බාවගේ ගුණ වර්ණනා කෙළේය. පිය රජතුමනි ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේ වේදැයි ඉකුත් වත වදාළ සේක.

    යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කර කල්හි හිමාල වනයෙහි රිදී පව්වක මහ පිනැති සඳ කිදුරෙක් සහ සඳ කිඳුරියක් වාසය කළහ. දිනක් බරණැස් රජ්ජුරුවෝ ඇමතියන් අතර රාජ්‍යය පවරා කළු පිළි හැඳ පඤ්චායුධයෙන් සැරසී හිමාල වනයට වැද මුවන් මරා කා ඇවිදිනේ වස්කුලක් පිඹිමින් ගී කිය කියා මනහර ලෙස නටන සඳ කිඳුරු යුවල දැක කිදුරංගනාව කෙරේ සිත් ඇතිව මේ කිඳුරා විද මරා මෑ හා සමඟ වාසය කරමියි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. එයින් ගලන ලේ ඇති වේදනාවෙන් යුතු වූ කිඳුරා තම සොඳුරිය අමතා ප්‍රිය චන්දකින්නරාව මාගේ පා‍්‍ර ණය තව ස්වල්ප වේලාවකින් නිරුද්ධ වන්නේය . එයින් ශොක නොකරව තොපගේ ක්‍රීඩා බලා සැනසීමක් මින් මතු නොවනේ යැ යි කියමින් සිට අඬා මල් ඇතිරිය මත්තෙහිපෙරලී වැඳහොත්තේය. රජද වීදි තැනම සිටියේය. කිඳුරා ඊ පහර කා මෙසේ හඬතත් කිඳුරු ලිය මේ කිසිවක් නොදත්තී නටමින්ම සිටියාය. ටික වේලාවකින් විසඥව වැදහොත් කිඳුරා දැක මාගේ රැගුම් නොබලා වැදහෝනට හේතුව කුමක් දැයි බලන්නී. ගලන ලේ දැක ශෝකය දරාගත නොහී අක්‍රොෂ බෙනෙමින් මහ හඬින් හඬන්නට වන්නීය. සැඟවී සිටි රජ කිඳුරා මළේ යයි හෙළින් බැස තී හඬන්නට වන්නීය. සැඟවී සිටි රජ කිඳුරා මළේ යයි හෙළින් බැස තී හඬන්නට කාරණා කවරේ ද මම තී පාදපරිචාරිකාව කොට සොළොස් දහසක් පුරාංගනාවන්ට අග මෙහෙසිය කරමියි කීය. කිදුරංගනාව මේමාගේ සැමියාට විදි සොරා යයි දැන භය ශෝකය දෙකින් යුතුව වෙවුලමින් දිවගෙන ගොස් පර්වතය මුදුනට නැඟී අඬමින් මේ සා දුකක් උපදවන ලද සාපිෂ්ට වූ දෝහිය මාගේ ස්වාමියාව මා උදෙසා මැරී නම් මාගේ ස්වාමියාට පැමිණ මරණ දුක තට වේවා මට පැමිණියා වූ මරණ ශෝකය තගේ අඹුවට වේවා පාපිෂටය. තාගේ මව්ද නොදැක සොහොනට යේවා. දුෂට මහරජ තට ශාප වේවා යනාදී වශයෙන් කියමින් විලාප බස් දොඩන්නට පටන් ගත්තාය. රජ ඈ සනසමින් චන්ද්‍රිකාව තොප ශෝක නොකරව. තොප මට බිරින්ද වී රජ ගෙට එනු මැනවි.

    කිඳුරිය - අවලක්‍ෂණ වූ තෝ මා නිසා නිරපරාධ වූ මාගේ සමනා මැරීද? ඔහු කෙරෙහි ස්නේහයෙන් අඬා මිය යතත් තොපගේ බිසව නොවෙමියි කීවාය. රජතුමා කිඳුරිය කෙරෙහි කිපී තිරිසන් වූ තිට රජ සැප විඳීමට භාග්‍යයක් ඇද්දැයි කියා යන්ට ගියහ. රජ ගිය නියාව දුටු කිඳුරිය පර්වතයෙන් බැස කිඳුරා ලඟට පැමිණ ඔසවා පර්වතය මුදුනට ගෙන ගොස් හිස තම ඇකයෙහි තබා ගෙන අඬන්නී. ආදර ස්වාමීනී පෙර ඔබ හා පර්වත ගුහාදියෙහි සිත්සේ ක්‍රීඩා කරමින් ඇවිද දැන් ඔබෙන් වෙන්ව මම කෙසේ සැනසෙම්ද?

    අපි මෙතෙක් කල් ක්‍රීඩාකළ ඇළ දොළ ගංගා වැලි තලා මල් ගොමු ලියවැල් ආදිය මට අද අඳුරු ගුහා මෙන් හතර විටින් දිස්වේ. අනේ හිමියනි කාගේ මුහුණ බලා ඉතින් මම දුක නිවා ගන්නෙම්ද? අහෝ ලෝකපාලන දෙවියනි මේ දුක මට ගෙන දුන්නේ කවරෙක්ද? ඉතින් දෙවි කෙනෙක් මෙළොව ඇත්නම් මහිමිට පැමිණ දුක නොපෙනේදෝ කියමින් අඬා උන්සඳ බමුණු වෙසින් එහි පැමිණ සක්දෙව් රජ කෙන්ඩියෙන් පැන් ඉස විෂබාටා ඉන් නැගිටුවා මේ මනුෂ්‍ය පථයෙන් තොරව චන්ද්‍රගිරි පර්වතයට ගොස් වාසය කරවයි පෙරසේම වාසය කළහ.
    එසමයෙහි බරණැස් රජු නම් දැන් අනුරුද්ධ තෙරුන්ය. කිඳුරිය නම් යශෝධරා දේවීය. සඳ කිඳුරුව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

    ජාතක අංක 471

    ඔබ සැමට තෙරුවන් සරණයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ අද ආර්ථික විද්‍යාව ගැන නුලක් දාල රේප් කපාගන්න ඇති ගොඩක් නේ...:dull:

    බුද්ධාගම ගැන නුලක් දාපු ඒක හොදයි...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ අද ආර්ථික විද්‍යාව ගැන නුලක් දාල රේප් කපාගන්න ඇති ගොඩක් නේ...:dull:

    බුද්ධාගම ගැන නුලක් දාපු ඒක හොදයි...
    මන් දැම්මේ වෙන දෙකට බන් මේකේ ඉන්න නරි රැලට සැහෙන රිදිලා ,,මේකත් මේ පොඩි මල්ලි කෙනෙක් ට හොයල දෙන්න කිව්වා ,එක හම්ඹු වුනු නිසා දැම්මේ ,
    මන් ලියන එක නවත්වන්නේ නැ ,මා ගව තිබ්බ සොසස් ලොස් උනා තිබ්බ කොම් එක කැඩිලා ,නැත්නම් රෙදි ගලවනවා ,ඒටික හොයා ගන්න ඕනා අයිත් ,,සෝස් නැතිව දාලා වැඩක් නැ
     
    • Like
    Reactions: KasunKDP

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ අද ආර්ථික විද්‍යාව ගැන නුලක් දාල රේප් කපාගන්න ඇති ගොඩක් නේ...:dull:

    බුද්ධාගම ගැන නුලක් දාපු ඒක හොදයි...

    :lol::lol: