ආදරණීය කළු හාමි..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    කළු හාමි..
    ඔයා දන්නවා ඔයාට ගෙදර හැමෝම ආදරෙයි..
    වැරදි වැඩක් කරාම චුට්ටක් සැර දැම්මට ඔයාට අපි හැමෝම ආදරේ නිසයි අපේ ගොඩක් දුක.. 2018 මැයි මාසේ 28 උපන් ඔයා ඊයේ රැ නැති වෙනකම් අපිත් එක්ක ඉදියේ හරිම ආදරෙන්..ඔයාව accident වෙලා ඉද්දි ඔයාව බෙර ගන්න අපි හැම දේම කරානේ.. එත් ඔයාව ගොඩක් තුවාල වෙලා තිබුනනේ ඔයාව හප්පපු ත්‍රි විල් මාමා ටිකක් හරි පරිස්සමෙන් අවා නම් ඔයා තාමත් අපි ලග.
    වෙනදට වගේම ඔයාට රෑට එලියට ගියාම ඇතුලට එන්න ජනෙලේ අපි ඇරලා තියෙනවා කළු හාමි. ඔයාව නැති උන වෙලාවේ අපි හිත හදා ගත්තේ accident එකෙන් පස්සේ ඔයා දවස් දෙකක් වේදනාවෙන් දුක් වින්දා එක අවසන් උනා කියලා..

    අපි හවස පන්සල් ගිහින් බුදුන් වැදලා ඒ පින් ඔයාට දුන්නේ ඔයාට ඉන්න තැන හොදක් වෙන්න ඕනේ නිසා කළු හාමි. මෙලොව පහලවූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද අපවත් වුයේ යම් සේද..අප සියල්ලෝම මෙලොවින් යම් දිනක සමු ගෙන යා යුතුය. ඒ උතුම් වූ නිවන අරමුණු කරගෙනය.. එලසම කළු හාමි ඔයාටත් සත්ව ආත්මයෙන් අත් මිදී අවසානයේ උතුම් වූ නිර්වාණය ලගා කර ගැනීමට හැකි වේවා.!!

    පුසා නැති උන එක ගැන මාරම දුකක් තියෙනවා හිතේ..කියන්න තේරෙන්නේ නැ..
    සතා වේදනාවෙන් කැ ගහපු විදිය තාම ඇහෙනවා ඇහෙනවා වගේ..සත්තු හදපු අය දන්නවා ඇති එකේ දුක.. මේකේ ලිව්වෙත් හිතේ දුක තුනී කර ගන්න.

    මේ එයාගේ පොඩි video එකක්..


    DSC_0210-min.JPG
    DSC_0127-min.JPG
    DSC_0224-min.JPG
    1643991731980-min.jpg
    1643991731936.jpg
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,173
    8,535
    113
    සත්ත්ව ආත්මයෙන් මිදිලා හොද තැනක උපදින්න වාසනාව ලැබේවා!
    සත්ව ආත්මයෙන් මිදිලා ලන්කාවෙ ඉපදුනාට වැඩක් නැනෙ.

    වෙන හොඳ රටක මිනිස් බවයක ඉපදේවා!!!
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස් ආත්ම ලබපු සත්තු අතර සත්ව ආත්ම එක්ක ඉපදෙන මිනිස්සු බං ඔය .ඒකයි උන්ව අපිට මෙච්චර වටින්නේ සහ උන්ව නැති උනාම අපිට මෙච්චර දුක
     
    Last edited: