ආදරණීය_ගුරුතුමනි !

r runner

Member
May 12, 2015
2,396
781
0
ආදරණීය_ගුරුතුමනි !

ආදරණීය ගුරුතුමනි !
hitler_2110666b.jpg




ආදරණීය ගුරුතුමනි,

මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු......

දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු......

පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු......

උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...

මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.

මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.:):)

ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.

කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...

හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි....
 
Last edited:
  • Like
Reactions: Supun.