ඔලුවට අරන් හැදෙන කෙනෙක්ට නම් වටින අදහස් ටිකක්....
ඒත් මේ කියන වයසෙදි ඕවා තේරෙන්නෙ නෑ... මොකද අපි කොහොම කිව්වත් ඔය කාලෙට හිත දුවන්නෙ මොලේ එක්ක නෙමෙයි.. අනිත් එක අවුරුදු 16-18 කාලෙදි ලොකු සමාජ ආශ්‍රයක්වත් සමාජ අත්දැකීමක්වත් ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ... ඒක නිසා ජීවිතෙ ගැන තියෙන දැනුම අඩුයි... ඒත් වයසින් පරිණත වෙනකොට..බුද්ධිය මුහුකුරා යනකොට ටික ටික දේවල් තේරෙන්න ගන්නවා... මෙතන කමෙන්ට් කරල තියෙන අයගෙ කතාවලිනුත් ඒක පේනවා... මේවා බලන පොඩි මල්ලිලා කරන්න ඕනේ මේ කට්ටිය කියලා තියෙන ඒවා බලලා ආනේ... ඇත්ත නේද කියලා නිකන් ඉන්න එක නෙමෙයි... ඇත්තටම මේවාගෙන් තමන්ගේ ජීවිතේට ගන්න පුලුවන් මොනවද කියලා කල්පනා කරන එක.. තමන්ගෙ යාලුවෝ එක්ක පොඩි සංවාදයක් ගොඩ නගන එක... එහෙම වෙනකොට එක එක්කෙනාගෙ අදහස්.. අත්දැකීම බෙදාගන්න පුලුවන්... අන්න එතකොට තමුන්ට තේරෙයි මේවාගේ ඇත්ත නැත්ත... මොකද අපි කොච්චර කිව්වත් ඔය පැඟිරි වයසෙදි ඕවා අහ අහ ඉන්න හිත සන්සුන් නෑ... මම වුනත් ඔය කාලෙදි එහෙමයි.. කෙල්ලො ආශ්‍රය කරාට කමක් නෑ... ඒක තමන්ගේ ජීවිතේ කරගන්න එපා... එහෙම වුනොත් ඒ කෙල්ල ගිය දාට... (99% ශුවර් අපි මුලින් සෙට් කරගන්න කෙල්ල යනවා...

,මම මේ කියන්නෙ මගේ වයසත් එක්ක ආපු අත්දැකීමෙන්...

) ජීවිතේ නැති වුනා වගේ තමයි ඉන්න වෙන්නෙ.. ආදරේ කරන්න.... හැබැයි ආදරේ නිසා තමන්ගෙ අනාගතේ අඳුරු කරගන්න එපා... ඒ කාලෙට හිතෙයි මේක මාර ආතල් ලෝකයක් කියලා... මොකද ගෙදරින් කන්න බොන්න. ඉන්න හිටින්න ,අදින්න පලදින්න දෙනවනේ.... ඒත් ජීවිතේ වරද්දගෙන සමාජෙට ගිය දාට සමාජෙන් වතුර පොදක්වත් ලැබෙන්නෙ නෑ... මෙන්න මේ සින්දුව අහලා බලන්න... ප්‍රියා සූරියසේන මහත්තයා ගෑනු ලමයින්ට ක්ඉයපු එකක් වුනත් කොල්ලන්ටත් වටිනවා මේක... දැන් කාලේ නම් මේ වගේ සින්දු මලාට ඇහෙන්නේ නෑ.. ඇහෙන්න විකාර... කොල්ලන්ගෙ මොලේ අවුල් කරන සින්දු...
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්... ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්...
බාල කාලේ ආයේ එන්නේ නෑ.... වැරදුන තැන යලි හදන්න බෑ...