ඔය යාළුවන්ට මතක ඇති මම ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1377827
http://www.elakiri.com/forum/showthread.php?t=1377827&page=10
එදා මට එළකිරි එකේ හැම යාළුවෙක්ම වගේ මගේම සහෝදරයෝ ටිකක් වගේ මගෙත් එක්කම ඉදලා මට උදව් කලා. මට කියන්නත් දුකයි ඒ ආදරය කදුළින්ම ඉවර උනා. මට අද මම ගැනම දුක හිතුනා. මම හිතාගෙන හිටියේ මගේ හිමිකාරි මට හම්බ උනා කියල. ඒත් ඒ හැම දෙයක්ම මායාවක් විතරයි.
මේ නංගිට මම නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න මම දැන් දවස් 5 කට විතර කලින් දවස් 3ක් කෝල්/මැසේජ් නොකර හිටියා. මම දන්නවා මටත් එහෙම ඉන්න බැහැ කියලා. ඔහොම දවසක් ඉන්න හම්බ උනේ නැහැ එයාම බලෙන් මට කෝල්/මැසේජ් කලා. ඊට පස්සේ මට හිතුනා එයාට මම නැතුව බැහැ. එයා මට ආදරෙයි කියලා නොකිව්වට එයා ඇත්තමට මට ආදරෙයි කියලා. ඒත් ඒ හැම දෙයක්ම බොරුවක් කියලා මට දැන් තේරෙනවා.
මම ඊයේ මෙයාගේ අක්කට facebook එකෙන් විස්තරේ කිව්වා. අද මම ඒ නංගිගේ අක්කා එක්ක ගොඩක් වෙලා phone එකෙන් කතා කලා. මම මේ නංගිගෙන් ඇහුවා කියලා අක්කා දැනගෙන හිටියේ නැහැ. මම අක්කට හැම විස්තරයක්ම කිව්වා. මෙයාගේ අක්කගෙන් අහපු නිසා තමයි මම මේ දේවල් හරි දැන ගත්තේ. එයා මට හැම විස්තරයක්ම කිව්වා.
මේ නංගිට ගෙදරින් යෝජනාවක් ගෙනත් තියනවා කියලා මම ඔයාලට කිව්වා මතකයි නේද? ඒ කට්ටිය ඇවිත් ගියාට පස්සේ මම මෙයත් එක්ක කතා කලා. මම ඇහුවා ඔයාලගේ ගෙදරින් මේ ගැන මොනවද කිව්වේ කියල. එයා කිව්වා තවම මොනවත් ඒ ගැන කතා කලේ නැහැ අයියේ කියලා. මමත් ගොඩක් සතුටෙන් හිටියේ ඇවිත් ගිය කොල්ලට එයාලගේ ගෙදරින් කැමති නැතුව ඇති කියලා. ඒත් මේ නංගි එයා ඇවිල්ලා ගිය දවසට පහුවදාම ඒකට කැමති වෙලා. අක්කා එහෙම කියනකොට මට ඒ කතාව විශ්වාස කරන්නත් බැරි උනා. අනික දෙන්නම කාළයක ඉදන්ම හොදට දන්න දෙන්නෙක්ලු. මෙයා මට එහෙම දෙයක් කියලා තිබුනේ නැහැ. මම මීට සතියකට විතර කලින් මේ නංගිගෙන් ඇහුවාම එයාගෙන් මම ගෙදරට ඇවිත් මේ ගැන අහන්නද කියලා එයා කිව්වා ඇවිත් අහන්න කියලා. ඒ වෙනකොටත් මෙයා ගෙදරට ආපු කොල්ලට කැමැත්ත දීලා ඉදලා තියෙන්නේ. ඒත් මේ නංගි මට එහෙම දෙයක් කියලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඊයේ මම ඇහුවා මම මේ එන ඉරිදා ගෙදරට එන්නද කියලා. එයා ඊයේ මට කිව්වා ගෙදරට එන්න එපා අයියේ කියල. එයා එහෙම කිව්වාම මට ගොඩක් දුක හිතුනා.
එයාගේ අක්කා මට කියපු විදිහට කතාව මේකයි. ගෙදරට ඇවිත් තියන කොල්ලා මෙයාලගේ දුරින් නෑදෑ වෙන කෙනෙක්ලු. ඉස්සර ඉස්කෝලේ යන දවස් වල ඉදලම මෙයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා තියනවා. ඒ දවස්වල ගෙදරින් අහලා තියනවා. ඒත් අම්මලා ඒකට කැමති වෙලා නැහැ. මොකද තවම ඉගෙන ගන්න නිසා. මීට මාස 3කට විතර කලින් මේ කොල්ලා තව පාරක් මේ ගැන අහලා තියනවා. ඊට පස්සේ තමයි මේ ළගදී ගෙවල් වලට එන්න කියලා මේ ගැන කතා කරලා තියෙන්නේ. පස්සේ දෙපැත්තෙන්ම මේකට කැමති වෙලා. මම අක්කාගෙන් ඇහුවා එයා මොනවා කරන කෙනෙක්ද කියලා. ඒ කොල්ලා කරන business කෙනෙක්ලු. කාර් එකකුත් තියන කෙනෙක්. හැමදාම මේ නංගිව රෑ 8.30 ට ගෙදරටම ගෙනත් ඇරලවන්නෙත් එයාලු. නිතර ගෙදරට ඇවිල්ලා යනවලු. ළගදිම දවසක දෙන්නා කසාඳ බඳිනවලු. මෙයාගේ අක්කා කිව්වා ඔයා තවත් බලාපොත්තු තියාගෙන දුක් විදින්න එපා කියලා. මට මේ දේවල් ඇත්තටම හීනයක් වගේ. විශ්වාස කරන්නත් බැහැ.
මේ නංගි මට කලින් කියලා තිබුණේ එයාලගේ තාත්තගේ කැමැත්තට මේ හැම දෙයක්ම වෙනවා කියලා. තාත්තා තමයි මේ යෝජනාවත් ගෙනත් තියෙන්නේ කියලා තමයි මට කිව්වේ. ඒත් ඒක බොරුවක්. අක්කා කිව්වා එහෙම දෙයක් නැහැ ගෙදරින් මෙයාට කිසිම බලකිරීමක් නැහැ. මේ හැම දෙයක්ම වෙන්නේ එයාගෙම කැමැත්තට කියලා. හැබැයි මේ දේවල් කියලා අක්කා මට අන්තිමට මෙහෙම දෙයකුත් කිව්වා.
"මම මේ දේවල් ඔයාට කිව්වා කියලා අපේ නංගිට දැන ගන්න තියන්න එපා. එහෙම උනොත් පස්සේ දවසක හරි එයා මම එක්ක වෛර බැඳ ගනියි කියලා"
මම හරියටම දන්නේ නැහැ මේ දෙන්නාගෙන් කව්රු ඇත්ත කියනවද. කව්රු බොරු කියනවද කියල. මට දුක මෙයා මේ දේවල් මගෙන් හංගපු එක. ඒ කොල්ලා ඇවිත් ගිය දවසෙම මට කිව්වා නම් මම එයාට කැමතියි කියලා මම මොනවත් කියන්නේ නැහැ. මම එහෙනම් මේ තරම් බලාපොරොත්තු ඇති කර ගන්නෙත් නැහැ. මම මීට කළිනුත් දෙතුන් පාරක්ම එයාගෙන් අහලා තියනවා ඔයාට ඇත්තටම කොල්ලෙක් නැද්ද කියලා. එයා ඒ හැම සැරේකම කිව්වේ සත්තයි අයියේ මට තවම එහෙම කෙනෙක් නැහැ කියල. කෙල්ලෙක්ට ආදරයක් මේ තරම් සැහැල්ලුවට ගන්න පුළුවන්ද? කෙල්ලෙක්ට ආදරයක් එක්ක මේ තරම් සෙල්ලම් කරන්න පුළුවන්ද? එයා ඇයි මාව මේ තරම් දුරක් එක්කගෙන ඇවිත් මාව අතරමන් කරලා දාලා යන්න ගියේ. මම දන්නවා මේ දේවල් වලට උත්තර එයා ළග වත් නැති බව. මම දන්නේ නැහැ මෙතන එයා ඇත්ත කියනවද අක්කා ඇත්ත කියනවද කියලා. මම දන්න එකම එක ඇත්තයි තියෙන්නේ. ඒ මම මේ නංගිට මගේ පණටත් වඩා ආදරය කලා කියලා විතරයි. මට වෙලාවකට හිතෙනවා බැංකුව ළගට ගිහින් මෙයාව හම්බවෙලා එයා එක්ක එක විනාඩි 10 ක් කතා කරලා මේ දේවල් ඇත්තක්ද කියලා දැන ගන්න. ඒත් අක්කා කියපු මේ දේවල් ඇත්තක් උනොත් මට හිත හදා ගන්න එක තවත් අමාරු වෙයි. එයාව ඇත්තටම මේ ඇස් දෙකෙක් දැක්කට පස්සේ මම දන්නවා මට හිත හදා ගන්න කොහොමත්ම බැහැ. මම පිස්සෙක් වෙයි.
මගේ හිතෙත් අහිංසක බලාපොරොත්තු ගොඩාක් තිබුණා. ළගදිම දවසක් එයාලගේ ගෙදර ගිහින් දෙපැත්තෙම කැමැත්ත අරගෙන එයාව මගේම කියල ගෙදරකට අරන් ඇවිත් එයාට දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා ගොඩක් ආදරෙන් හැමදාමත් බලා ගන්න. ඒත් ඒ හීන මාළිගා හැම එකක්ම අද කඩාගෙන වැටුණා.
මගේ ලෝකේ දැන් අපායක් වගේ. මම තවත් සැරයක් ආදරයෙන් පැරදුනා. මම තව පාරක් මේ ලෝකේ තනි උනා. මට අද මේ ලොකේ හැම දෙයක්ම එපා උනා. මට ආදරය කියන දෙය උරුම නැතුව ඇති. මම ආපහු කවදාවත් ආදරයක් ගැන හිතන්නේ නැහැ. ආපහු කාටවත් ආදරය කරලා මට දුක් විදින්න බැහැ. මම ඔයාලටත් කියන්නේ කිසිම කෙල්ලෙක් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. අද කාලේ හොද කෙල්ලෙක් හොයා ගන්න හරිම අමාරුයි.
ඇත්තටම මුළු හදවතින්ම එකම එක කෙල්ලෙක්ට විතරක් ආදරය කරන හැම කොල්ලෙක්ගෙම ඉරණම මේකද? ආදරට විහිළුව අරන් ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ පස් හය දෙනා ඉන්නවා. කොල්ලොන්ව අමාරුවේ දාන කොල්ලොත් එක්ක ඕනේ තරම් තවත් කෙල්ලෝ යාළු වෙනවා.ඇයි ඒ වගේ නරක වැඩ කරන කොල්ලොන්ට කෙල්ලෝ මේ තරම් කැමති.
මේ කතාවේ අවසානයට මොනවද වෙන්නේ කියලා මම එළකිරි එකේ හැමෝටම කියනවා කියලා පොරොන්දුවක් උනා. ඒක නිසා තමයි මේ දේවල් ඔයාලා එක්ක කියන්න ආවේ. ඒත් මම හීනෙකින්වත් හිතුවේ නැහැ මේ කථාව කදුළින්ම ඉවර වෙයි කියලා. ඔයාලට මම නිසා කරදරයක් උනා නම් මට සමාවෙන්න. මට උනා වගේ වැඩක් මේ ලෝකේ කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
හැම කෙනෙක්ටම දළදා සමිදු පිහිටයි.

ලෝකෙට පෙන්න හිනාවෙල හිට්යට
හිත යටින් විදින දුක මං ඔයාටවත්
කවදාවත් පෙන්නුවෙ නෑ...
මොකද මට ඔයාව හැම වෙලම
සතුටින් තියන්න ඔන නිසා...
එත් ඔයාගෙ දුකත් මං මගේම
කරගෙන ඔයාගෙ ලගින්ම හිටිය
ඔයාට මතකයි නේද...
එත් ඔයා නැති මේ ලෝකෙ මං
තනි වෙලා කදුළුත් එක්ක ජිවිතේ
ගෙවන්න පුරුදු වෙලා...
මේ දුක මට විතරක් දැනුනත්
ඔය හිතට කවදාවත් දුකක්
දැනෙන්න එපා...
හිත යටින් විදින දුක මං ඔයාටවත්
කවදාවත් පෙන්නුවෙ නෑ...
මොකද මට ඔයාව හැම වෙලම
සතුටින් තියන්න ඔන නිසා...
එත් ඔයාගෙ දුකත් මං මගේම
කරගෙන ඔයාගෙ ලගින්ම හිටිය
ඔයාට මතකයි නේද...
එත් ඔයා නැති මේ ලෝකෙ මං
තනි වෙලා කදුළුත් එක්ක ජිවිතේ
ගෙවන්න පුරුදු වෙලා...
මේ දුක මට විතරක් දැනුනත්
ඔය හිතට කවදාවත් දුකක්
දැනෙන්න එපා...

ඔය ලව් 1 නවත්තපන්. ඕක කිව්වේ උඹේ යාලුවෙක් නං විශ්වාස කරපන්
. කෙල්ලගේ අක්කව විශ්වාස කරලා තීරණ ගන්න එපා. කෙල්ලගෙන්ම අහපන්. මොකද අක්ක බොරු කියනවා වෙන්න සැහෙන ඉඩ තියෙනවා.