මට මේවා ගැන වැඩි ඇක්ස්පීරියන්ස් නෑ(නැත්තෙමත් නෑ). මං කියන්නේ තමන්ගේ හරිය හාරියට කළා නම් ලතැවෙන්න දෙයක් නෑ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ, මිනිස්සුත් ගෑණුත් එහෙම තමා ආදරේ කලා කියලා එයාව පාලනයට යටත් කරන්න එපා, එයාට ඕනා නම් තමන් විසින් ම පාලනය වුනදෙන්, මේකට මෙතන කට්ටිය මොනවා කියයි ද දන්නේ නෑ ඒත් මේක තමා මට පෙනෙන හැටියට කරන්න හොඳම දේ, මොකද වෙනකෙනෙක්ගේ වැරැදි නිසා තව කෙනෙක් දුක්විදින එක වෙන්න ඕනා දෙයක් නෙමේ ඒක අමු ඉල්ලන් කෑමක් නිකන් අනුන් වෙනුවෙන් දුක් වීමක්.
තමන් කවුද කියන එක හරියට එයාට පැහැදිලි කරලා දෙන්න, පාලනයට නෙමේ කැමැති නම් පාලනය වෙන්න නැත්නම් ඉතින් ඔයා එක්කෝ ඒවා ඉවසන්න ඕනා (ඔය සමහරක් කියනවා වගේ "ප්‍රේමයේ" නාමයෙන්) මං නම් ඒක බුද්ධිමත් තීරනයක් විදියට දකින්නේ නෑ එහෙම ඉවසුවොත් ඔයාගේ ඉදිරි ජීවිතය ඔයිට වඩා ලොකු දේවල් නිසා අවුල් වෙන්න පුළුවන්.
මට මෙතනදි ඔයා කරන්න ඕනා දේ කියන්න බෑ, ඉවසනවාද ඉවසීම නවත්වනවා ද කියන එක ඔයාට දැනෙන හැටියට ගන්න ඕන තීරණයක් ඒ වගේම ඔයාට මේවාගේ ඒවාට තරහා යනවා නම් බොහොම නිවුන වෙලාවක ඔය ගැන හිතන්න.